‘ඒ කාලේ මල්ලිලාගේ පෙම්වතිය වුනේ මම’ ජනප්‍රිය නිලි ඕෂධී කියන කතාව

කලක් කතා නොවුන නමුත් දැන් කතා වෙන චරිතයක්. නිවන්ත ප්‍රසාද් අධ්‍යක්ෂණය කරන ‘සිහින ගෙනෙන කුමාරියේ’ කතාංගයට අලුතින් ආව ෂෙරින් ආච්චිගේ චරිතය. ලොකු පොඩි හැමෝම කතා කරපු ඒ චරිතයට පණ දෙන ඕෂධි හේවාමද්දුම. මේ කතාබහ ඇය සමඟයි. අවුරුදු දෙකකට පස්සේ කරලියට එන ඕෂධි එන්නේ තව කෙනෙකුගේ අඩුවක් පුරවන්න. එහෙම නේද, “ඔව් ඇත්තටම මම අවුරුදු ⁣දෙකකට පස්සේ තමා ආයේ රංගනයට එන්නේ. මම සිහින ගෙනෙන කුමාරියේ කතාවට එන්නේ හිස් තැනකට වුනත් මම නිර්මාණය බලලයි එයට සහභාගි වුනේ. මේ ටෙලිකතාව ගොඩක් අය අතරේ ප්‍රසිද්ධයි. අනික මේකේ ප්‍රවිණයන් රංගනයෙන් දායක වෙද්දි මට කාගෙවත් ඉල්ලිමක් අහක දාන්න බෑ. අනික ගයනි අක්කා වි⁣දේශගත වුනනිසයි මට ඒ චරිතය හිමි වුනේ.”

ඕෂධි ඕනම චරිතයකට සුදානම් වුවත් ඇයට මෙම කතාව තුළ හිමිවන්නේ ආච්චිගේ චරිතයක්. ඒ ගැන ඇය කිවේමේ වගේ අදහසක්, “වයසක ඕනිම කෙනෙත් බදින ඕනිම තරුණ කෙනෙක්ට මුහුණ පාන්න සිද්ධ වෙන සිද්ධියක්. ඉතින් ෂෙරිල් කියන්නෙත් එහෙම කෙනෙක්. ඉතින් මම කරපු චරිත අතරේ ⁣වෙනස්ම චරිතයක්. මම ඒකට උපරිම සාධාරණය කරනවා ගයනි අක්කා වගේම.

ඕෂධි කියන්නේ පුංචි තිරයේ පෙම්වන්තියක් බව කවුරුත් දන්නවා. ඉතින් දැන් ඒ චරිතය මග හරිමින් යන මේ යන ගමන ගැන අදහසක් අහන්නත් අපි අමතක කලේ නෑ. “ජිවන් අයියාගේ ඉදන් මම හට වඩා බාල අයගෙත් පෙම්වන්තිය වුනා. අදටත් මට ඒ චරිත රඟපාන්න පුළුවන් හැබැයි මගේ වයම පෙනුම එක්ක මම මට ගැළපෙන චරිත තමා තෝරගන්නේ. මම ටෙලි නාට්‍ය 65න් 62කම පෙම්වන්තිය වුනා. ඉතින් අද මවක් වෙලා මම වෙනස් වෙලා. මම මට සුදුසු චරිත තෝරගන්නවා.”

කලක් ඕෂධි කියන චරිතය දේශපාලන වේදිකා තුළ ප්‍රධාන මාතෘකාවක්. නමුත් ඇයට පාර්ලිමේන්තුවට යන්න බැරි වෙනවා. ඔබ දේශපාලනය ගැන කලකිරීමෙන්ද ඉන්නේ, “ඇත්තටම නෑ. මට එහෙම කලකිරිමක් නෑ. මම පැරදුනත් මගේ වැඩ නතර කරලා නෑ. බලමු ඉදිරියේදි බොහෝ දේවල් වෙනස් වෙයිනේ.” දිර්ඝ ටෙලිනාට්‍යක ප්‍රධාන චරිතයන් නොවන නිසා මෙම චරිතයට සහභාගි වු බවත් ඉදිරියේදි තවත් නිර්මාණ කිහිපයකට සහභාගි වන බවත් ඇය වැඩිදුරටත් අප සමග කියා සිටියා.