‘එරන්දි වගේ බිරිඳක් ලැබුනේ මගේ වාසනාවට’ ජනප්‍රිය නලු විශ්ව කොඩිකාර කියන කතාව

ලංකාවේ රංගන ක්‍ෂෙත‍්‍රයේ රංගන ශිල්පියන් අතර හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න රංගන ශිල්පියෙක් තමයි විශ්ව කොඩිකාර කියන්නේ. විවිද ටෙලිනාට්‍ය රැසක් හරහා ප්‍රේක්ෂක ආදරේ දිනාගත් විශ්ව කොඩිකාර ලංකාවේ ප්‍රේක්ෂකයන් අතර වැඩිපුරම කතාබහට ලක්වෙන්නේ පබළු ටෙලිනාට්‍යයේ ‘හසරැල්’ චරිතය හරහායි ඉතින් විශ්ව අද ඉන්න තැනට අඩිතාලම දැමු පබළු නාට්‍ය පිලිබඳ නැවත මතක් කලේ මෙහෙමයි. ”මගේ පලවෙනි රංගන තමයි පබළු කියන්නේ. ඒ නාට්‍ය අධ්‍යක්ෂණය කලේ ශාන්ත සොයිසා මහත්මයා. නිෂ්පාදනය කළේ වසන්ත මහත්මයා. ඇත්තටම මට ඒක ලොකු අත්දැකීමක් මොකද මම අද මේ තැනට එන්න බලපෑවේ ඒ නාට්‍යය. ඒ වගේම අනිත් රංගන ශිල්පියන් වගේම ශිල්පිනියනුත් ගොඩක් සහයෝගයෙන් සිටියා” කියලයි.

විශ්ව මේ වනවිට විවාහකයි. ඔහු විවාහ වෙලා ඉන්නේ එරන්දි සමග ඇයත් ගොඩක් සුන්දර යුවතියක්. ඒ වගේම විශ්ව සහ එරන්දි මේ වනවිට ළමයි දෙන්නෙකුගේ දෙමාපියන් ඉතින් විශ්ව එයාගේ ආදරණීය කැදැල්ල පිලිබඳ කියන්නේ මේ වගේ කතාවක් ”මගේ ආදරණීය බිරිඳ තමයි එරන්දි. ඒ වගේම මට දුවෙක් සහ පුතෙක් ඉන්නවා. මේ තුන්දෙනා තමයි මගේ මුළු ලෝකේ. ඇත්තටම එරන්දි කියන්නේ ගොඩක් හොඳ බිරිඳක් මේ වගේ බිරිඳක් ලැබුනේ මගේ වාසනාවට. මේ දවස්වල වැඩිය කොහෙවත් යන්න බැරි නිසා අපි ගොඩක් ආදරෙන් ගෙදරටම වෙලා ඉන්නවා” කියලයි ඉතින් ඔයාලා හැමෝම ආදරේ කරන විශ්ව කොඩිකාරගේ ආදරණීය කැදැල්ල තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.