‘එයා මට සලකන්නේ බබෙක්ට වගේ’ ජනප්‍රිය නිලි ඉෂාරා සඳමිණි කියන කතාව

පුංචි තිරයේ අහිංසකාවි නමින් ඉෂාරා සඳමිණි.මේ සොදුර කතා බහ ඇය සමඟයි. රංගනයට මෙන්ම නිවේදනයට උපන් හැකියාවතින් යුතු ඉෂාරා මේ දිනවල කාර්යබහුල වි ඇ⁣ත්තේ තමන්ගේම දියණිය වෙනුවෙන්. ඉතින් ඒ නිසාම අපි අපේ කතාව පටන් ගත්තේ ඇය දියණිය එක්ක ගෙවන ජිවිතේ කොහොම ද කියලා දැනගන්න. “මම විවාහ වෙන්න කලින් ඉදලම කාර්ය බහුල කෙනෙක්. දෝණි ලැබුනට පස්සේ තවත් කාර්ය බහුල උනා. රංගනයට වුනත් ඉස්සර මම කාලය වෙන් කලේ අමාරුවෙන්.

ඒ මොනා වුනත් අද අපේ ලෝකේම අ⁣පේ පුංචි දුව තමයි. මමයි මගේ සැමියයි දෙන්නම එකතු වෙලා තමයි අපේ දුව බලාගන්නේ. කාගේ වුනත් ලෝකේ වෙන්නේ තමන්ගේ දරුවෝ කියලා කියනවා. ඒ වගේ තමා අපිටත්. කියන්නම ඕනි මට මගේ සැමියාගෙන් ලොකු සහයෝගයක්. මොකද මම මගේ ⁣කටයුතු එක්ක ඒ දේවල් කළමණාකරණය කරගන්න එයා තමා ලොකුම සහයෝගයක් දෙන්නේ. කෙටියෙන් එපා අපි දෙන්නව බලාගන්නේ බබාලා දෙන්නෙක් වගේ”

රංගනයට නොව ⁣නිවේදනයටද ඉෂාර දක්වන්නේ පරිපුර්ණ හැකියාවක්. ඇය බොහෝ සෙයින් ජනප්‍රිය වුයේ අහස් මාළිගා නාට්‍ය සමඟ. තරුණ පිරිසක් සමඟ රංගනයෙන් දායක වුන මෙම ටෙලිනාට්‍ය බොහෝ දෙනා ආදරයෙන් වැළදගත් ටෙලිනාට්‍යයක් බව කිව යුතුමයි.

අහිංසක මෙම යුවතිය වෘත්තීයෙන් රංගන ශිල්පිනියක් නොවේ. ඇය වෘත්තීයෙන් අයුර්වේද වෛද්‍යවරියක්. ඇය අද රසියකයන්ගෙන් ලබන පැසසුම් නිසාම ඇය ජිවිතේ මෙතෙක් නොවිදි රසික ආදරයක් ලබන බවත් ඒ නිසාම ඇය කලාවේ සතුටින් ජිවත් වන බවත් පැවසුවා. අවසාන වශයෙන් ඇය අප සමඟ කියා සිටියේ ඉදිරි අනාගතයේදි තමන්⁣ දායක වන සියළු චරිත වලට උපරිම සාධාරණයක් ඉෂ්ඨ කරන බවයි. ඉතින් ඔයාලා හැමෝම ආදරේ කරන ඉශාරාගේ සුන්දර පින්තූර කිහිපයක් තමයි මේ.