‘එයා මට රන්දික පෙන්නලා මෙයාට ආදරේ කරන්න පුලුවන්ද ඇහුවා’ ලහිරුනී කියන කතාව

අපේ ටෙලිනාට්‍ය කළාවේ විශාල වෙනසක් කල ටෙලිනාට්‍යක් තමයි ‘පොදු’ කියන්නේ. මේ නාට්‍ය ලංකාවේ ප්‍රේක්ෂකයන් ගොඩක් ආදරෙන් වැළඳ ගත්තා. ඒ වගේම මේ නාට්‍යයේ රඟපෑ නවක රංගන ශිල්පිනියන් සහ ශිල්පීන් සියලුම දෙනාත් ලංකාවේ හැමෝගෙම වගේ ආදරේ දිනාගන්න සමත්වුනා. ඉතින් මේ විදියට ‘පොදු’ නාට්‍ය හරහා හැමෝගෙම ආදරේ දිනාගත් රංගන ශිල්පිනියක් තමයි ලහිරුනී රශ්මිධාරා සල්වතුර කියන්නේ. ඇය ‘පොදු’ නාට්‍යයේ ‘නිලූ’ කියන අහිංසක යුවතියකගේ චරිතයට පන පෙවුවා ඒ වගේම මේ ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතය වන ආදිගේ පෙම්වතිය ලෙස රංගනයෙන් දායක වුනෙත් ඇයයි. ලහිරුනී කියන්නේ ගොඩක් සුන්දර වගේම නිතරම හිනාවෙලා ඉන්න චරිතයක් ඉතින් ඇයට හැමෝම ගොඩක් ආදරෙයි.

‘පොදු’ නාට්‍යට ලහිරුනී එකතුවෙන්නේ ගොඩක් පුදුම විදියට, ඉතින් ඒ පිලිබඳ ඇය අපට කිවුවේ මේ වගේ කතාවක් ”මෙහෙමයි මගේ යුනිවසිටි එකේ යාළුවෙක් ඉන්නවා ඔමාලි කියලා. එයා තමයි මගේ පින්තූරයක් සුදේශ් අයියට දීලා තියෙන්නේ. ඊට පස්සේ එයලාම කතා කරලා මාව තෝරාගෙන. මම ඒ සේරම දන්නේ ඔක්කොම උනාට පස්සේ. ඊටපස්සේ මට තිර පරීක්ෂණයකට එන්න කිවුවා, ඔමාලි තමයි මාව බලෙන්ම යැවුවේ ඒකට. ඉතින් ඒ පරීක්ෂණයකට සහභාගි වෙලා තමයි නිලූගේ චරිතය භාරගත්තේ” කියලයි.

‘පොදු’ ටෙලිනාට්‍යයේ ලහිරුනීගේ පෙම්වතිය ලෙස රඟපෑවේ රන්දික. ඉතින් ඇය රන්දිකගේ හමුවීම පිලිබඳ කිවුවේ මේ වගේ කතාවක් ” පොදු නාට්‍යයෙන් තමයි මට මුලින්ම රන්දිකව මුණගැහෙන්නේ. මම වැඩිය නාට්‍ය බලන්නේ නැති නිසා මම නළු නිලියෝ වැඩිය දන්නේ නෑ. මුලින්ම ශාම් මාව රන්දිකට පෙන්නලා ඇහුවේ රන්දික මේ කෙල්ලට ආදරේ කරන්න පුළුවන්ද කියලා. ෂාම් එක පාරටම එහෙම කිවුවම මට කරකියාගන්න දෙයන් නැතිවුනා. රන්දිකගේ මුනත් ජම්බු ගෙඩියක් වගේ රතුවුණා” කියලයි ඉතින් ඔයාලා හැමෝම ආදරේ කරන පොඩි නාට්‍යයේ නිලුගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.