‘එයා මට ගොඩාක් ආදරෙයි කිව්වා’ දෙවන වරට විවාහ වෙන්න සැරසෙන පුංචි කිම් උදාරි කියන කතාව

වැඩිපුර කලා ලෝකයේ දක්නට නොලැබුනත් බොහෝ දෙනෙක් නමින් අදුරන ඇය උදාරි කෞශල්‍යා. කලාවේ මේ වන විට දකින්න නැති නිසාම අපි උදාරි එක්ක කතා කරන්න කාලය වෙන් කරගත්තා. තමන් ඉදිරිපත් වන නිර්මාණ සියල්ලට උපරිම සාධාරණත්වය ඉෂ්ඨ කරන උදාරි මේ දිනවල ගෙවන ජිවිතේ ගැන අහන්න හිතුවා. “මම මේ දවස් වල කලාවෙන් ටිකක් ඈත් වෙලා ඉන්නේ. මගේ තාත්තා ව්‍යාපාරිකයෙක්. ඉතින් ඒ අත්දැකිම් එක්ක my dear clothing කියලා මම මගේම ඇදුම් ව්‍යාපාරයක් කරගෙන යනවා. ඇත්තටම මේ කාලය ගොඩක් ගෙවුනේ ඒ ව්‍යාපාර කටයුතු එක්ක. තව දෙයක් මම විවාහ වෙන්න ඉන්න කෙනාත් ව්‍යාපාරිකයෙක්. ඉතින් හැමදේම එක්ක මම කලාවට වගේම ව්‍යාපාරයටත් මුල් තැන දෙනවා”

උදාරි සිය පෙම්වතා ගැන කියපු නිසාම ඇයගේ කලින් ජිවිතේ හා ඇය දැන් ගෙවන ජිවතය ගැන පසුතැවිමක් තියෙනවාද යන්න අපි අසා සිටියා. “මම කලින් දික්කසාද වුන කෙනෙක්. හැබැයි දැන් මම පෙම්වතියක්. මම හිතන්නේ රූපෙන් අපි ගැළපුනාට මදි. අපි කෙනෙක්ව ජිවිතේට එකතු කරගද්දි අදහස් හැසිරිම් ආකල්ප මේ සේරම ගලපගන්න ඕනි. මම මැරිගෙන ආදරේ කරපු කෙනෙක්. ආදරේ වෙනුවෙන් කැපකිරිම් කරපු කෙනෙක්. මම මගේ අතිතය ගැන කොයිම මොහොතකවත් පසුතැවිලි වෙන්නේ නෑ.

මොකද මම අවංකව ආදරේ කලා. අවංක හදවතින් ආදරයට බැදුන කෙනෙක් වුනා. මට අතීතය සුන්දරයි. හැබැයි මම අනාගතය හදාගන්නේ ගොඩක් කල්පනාවෙන්. මොකදජිවිතේ යම් යම් තිරණ ගන්න අපි ප්‍රමාද වෙන්න ඕනි. මම දැන් පෙම්වතියක් අපේ ආදරේට අවුරුදු දෙකක් වෙනවා. මනා වු තේරුම් ගැනිමක් එක්ක අපි අපේ ජිවිතේ ඉස්සරහට ගෙනියනවා. එයා ව්‍යාපාරිකයෙක වුනත් කවදාවත් මට රංගය කරන්න එපා කියන නිතිය දාලා නෑ. එයාමට ගොඩක් ආදරෙයි. එයා මට ඒක කියලත් තියෙනවා මට දනිලත් තියෙනවා ඒ ආදරේ. ඉතින් මම විස්වාස කරනවා හරිම කෙනා ජිවිතේට එන්න කාලයක් අපිට ඉවසන්නම සිද්ධ වෙනවා.” කියලයි.

ඉතින් අපි උදාරිගෙන් ඇහුවා එයාගේ අනාගත සැලසුම් මොනවද කියලා. ඉතින් ඒ ප්‍රශ්නෙට ඇය දුන්නේ මේ වගේ පිළිතුරක් ”මගේ එකම අනාගත බලාපොරොත්තුව තමයි කාටවත් කරදරයක් වෙන්නේ නැතුව මගේ පාඩුවේ ඉන්න එක. ඒ වගේම මම නර්තනයට වගේම ගායනයටත් ගොඩක් කැමතියි ඉතින් ඒ අංශයෙන් මගේ හැකියාව වැඩි දියුණු කරගන්න උත්සහ කරනවා” කියලයි, ඉතින් උදාරිගේ අනාගත බලාපොරොත්තු සියල්ලම ඇය බලාපොරොත්තු වෙන ආකාරයටම ඉටුවෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා.