එයා මට ගොඩක් ආදරෙයි අපි ළඟදී විවාහ වෙන්න ඉන්නේ – මනීෂා

දෙරණ Little Star වලින් පසුව සිදූ ටෙලිනාට්‍යයේ තෙරුණි චරිතය ලෙසින් පුංචි තිරයේ හැමෝගෙම ඒ හුරතලී මනීෂා චංචලා මේ වෙද්දී බොහෝ ප්‍රේක්ෂක ආදරය වගේම අවධානයත් දිනා ගන්නට සමත් වුණු නව පරපුරේ රංගන දක්ෂ ශිල්පියක් ඇයගේ උපන් ගම මහනුවර නුගවෙල, මනීෂාට ඉන්නේ වැඩිමහල් සහෝදරියන් දෙදෙනෙක් ඇය පවුලේ බාලයා මනිෂා කියන විදියට පුංචි කාලේ ඉඳන් කලාවට ලොකු කැමැත්තක් දක්වලා තියෙන්නේ මනිෂා විතරයිලු. කොහොම හරි මනිෂාගේ හැකියාවන් තේරුම් ගත්ත අම්මයි තාත්තයි මනිෂාව කලාවට යොමු කලා කියලයි ඇය කියන්නේ. කඳුරට fm එකත් එක්ක ළමා නිවේදිකාවක් විදිහට එකතු වුණ ඒ 2008 දී මනිෂා ඊට පස්සේ දෙරණ Little Star තරගෙට එකතු වෙනවා. එහිදී මනීෂා 12න් පහළ ගායන තරගාවලියේ 4 වන ස්ථානය දිනා ගන්නවා. ඊට පසුව මනිෂා පුංචි තිරයට රංගනයෙන් එකතු වෙන්නේ. මේ වෙද්දී මනිෂා ගායිකාවක්, රංගන ශිල්පිනියක් සහ නිවේදිකාවක් සහ නිරූපන ශිල්පිනියක් විදියට ප්‍රේක්ෂකයා හමුවට එනවා. ඉතින් ඇය මේ දිනවල මොකද කරන්නේ කියලා හොයලා බලන්න අපි මනීෂාට කතා කළා

  • ඉතින් කොහොමද මනීෂා මොකද වෙන්නේ මේ දවස්වල?
  • මේ දවස්වල සිහින සමාගමේ රූගත කිරීම් කටයුතු සහ හද රැඳි පැය වැඩසටහන ඉදිරිපත් කරනවා ඊට අමතරව අලුත් සිංදුවක් කළා ඒක ළඟදීම එළිදක්වන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා එච්චරයි,
  • තව අලුත් නිර්මාණ භාර අරගෙන තියෙනවද ?
  • නිර්මාණ භාර අරන් නැහැ මේ තියෙන උවදුරත් එක්ක අලුත් නිර්මාණ කටයුතු නම් කෙරෙනවා ගොඩක් අඩුයි. හැබැයි මෙහෙමයි හොඳ නිර්මාණයකට ආරාධනාවක් ලැබුණොත් අනිවාර්යෙන් භාර ගන්නවා.
  • මනීෂා කොහොමද චරිත තෝරා ගන්නේ ?
  • මම මුලින්ම ඒ චරිතය තුළ මට දෙයක් කරන්න තියෙනවද කියන එක තමා බලන්නේ. මොකද මට ඒ චරිතයට සාධාරණයක් කරන්න බැරි නම් මම චරිතය භාර ගන්නේ නැහැ බොරුවට එහෙම චරිත බාරගෙන වැඩක් නෑ ඒ වගේම මම කැමති එකිනෙකට වෙනස් වූ චරිත කරන්න.
  • ගායනයටද රංගනයටද වැඩියෙන්ම කැමැති කියලා ඇහුවොත් ?
  • ඇත්තටම ඒක මට බෙදන්න අමාරුයි මම ඒ දෙකම කරගෙන යන්නේ ගොඩක් කැමැත්තෙන් ඒ නිසා සමබරව කරගෙන යන්න තමා මම ගොඩක් කැමැති
  • අධ්‍යාපන කටයුතු කොහොමද ?
  • විශේෂයක් නෑ මේ දවස්වල මම විශාරද විභාගයට සූදානම් වෙනවා ඒ වෙනුවෙන් පන්ති යනවා දැනට එච්චරයි
  • කලාවට සම්බන්ධ වීම ගැන මනීෂට මොකද හිතෙන්නේ?
  • ඇත්තටම කලාවට එන්න ලැබීම ලොකු වාසනාවක් ගොඩක් අයට කලාවට එන්න හීන තියෙනවා නමුත් අවස්ථාව ලැබෙන්නේ නැහැ හැමෝටම ඉතින් ඒ නිසා ඒ ගැන නිහතමානීව සතුටක් තියෙනවා ඇත්තටම ඒක මගේ වාසනාව
  • දැන් ගමේ එහෙම යන්නේ නැද්ද?
  • පහුගිය ඔක්තෝබර් මගේ උපන්දිනයට ගමේ ගිහින් ආවා ඇත්තටම ගමේ යන්න ලැබෙන කාලය නම් හරි අඩුයි වෙලාවක් හම්බුණ ගමන් යන්න ආස මගේ ගමට ඒත් ඉතින් වෙලාවක් නැති එකයි ප්‍රශ්නේ
  • ගමේ යාළුවො මොකද කියන්නේ ?
  • එයාලට ගොඩක් ලොකු ආඩම්බරයක්. හැමතිස්සෙම මාව දිරිමත් කරන මගේ අඩුපාඩු හදන ගොඩක් ආදරණීයම පිරිසක් තමා මට ගමේ ඉන්නේ. ඒ වගේ යාළුවො හිතවතුන් ලැබීමත් මම හිතන්නේ මගේ පෙර පිනක් කියලා
  • අපි ආදරය ගැන කතා කළොත්?
  • හ්ම් ආදරය ගොඩක් සුන්දරයි. මමත් ගොඩක් ලස්සනට ආදරය විඳිනවා. ඒ අතිනුත් මම හරිම වාසනාවන්තයි එයා තමයි කලිඳු කරුණාරත්න දෙරණ ආයතනයේ ප්‍රවෘත්ති නිවේදකයෙක් ඇත්තටම එයා මට ගොඩක් ආදරෙයි
  • කලිඳුව තෝරා ගන්න මොකක් ද ඔහුගෙන් දැක්ක විශේෂත්වය?
  • කලිඳු කියන්නේ හරිම අව්‍යාජ නිහතමානී චරිතයක් කිසිම වාසියක් බොරුවක් කියන්නේ නැති හරිම අවංක හැමෝටම හොඳින් සලකන පොළොවේ පය ගහලා ජීවත් වන චරිතයක්. ඒ නිසාමයි ඔහුට මගේ හිත ගියේ මම හිතන්නේ මගේ තේරීම සියයට සියයක්ම හරි
  • එයාගෙන් තහංචි නැද්ද රඟපානවට ?
  • කිසිම විදියකින් කිසිම තහංචියක් නැහැ මම හිතන්නේ ගැහැනු ළමයෙකුට ලැබෙන්න ඕනේ කළිඳු වගේ සහකරුවෙක්. ඔහුගෙන් සහයෝගයක් තමා හැම මොහොතකම ලැබෙන්නේ එයා නිසයි මේ හැමදේම,
  • මනීෂට විතරද සින්දු කියන්න පුළුවන් කලිඳුට සින්දු කියන්න බැරිද?
  • එයත් පෙන්නුවේ නැති වුණාට එයත් සුපිරි ගායකයෙක් තමයි නිවේදනය තරම්ම දක්ෂතාවක් තියෙනවා ගායනයටත් ලගම අයනම් දන්නවා එයාගේ ගායන හැකියාව ගැන
  • ජීවිතේ කඩාවැටීම් පසුබෑම් තියෙනවද?
  • ඒකට නැහැ බෑ මොකද එහෙම කිව්වොත් ඒක බොරුවක්. ඕනෙම කෙනෙක්ගේ ජීවිත තුළ පසුබෑම් සහ කඩාවැටීම් තියෙනවා එහෙම නැත්නම් ඒක ලොකු පුදුමයක් මගේ ජීවිතෙත් ඒවා නොතිබුණා නෙවෙයි හැබැයි මම ඒවා ලොකුවට භාර අරගෙන නැහැ