‘එයා මට ආදරේට කියන නම කියන්නත් ලැජ්ජයි’ ජනපිය නිලි නදීෂා කියන කතාව

වර්තමානය යනු නවින ලෝකයට හැඩගැහෙන කාලයක් කිවොත් හරි. ඉතින් වර්තමානයේදි ටෙලිනාට්‍ය කලාව රූපවාහිනියට පමණක් නොව නවීන තාක්ෂණික මාධ්‍යයන් ඔස්සේද බලන්න පුළුවන්. ඉතින් සෑම මාධ්‍යයකම වැඩිපුරම බැනුම් අහන රංගන ශිල්පිනියක් තමයි නදීශා අලහප්පෙරුම කියන්නේ. ඉතින් මේ සොදුරු කතා බහ ඇය සමඟයි. බොහෝ විට නදීශා රංගනයෙන් දායක වෙන්නේ නපුරු චරිත වලට. ඉතින් සමාජය ඇය දකින්නේ ද නපුරු චරිතයක් විදිහට. කලාකාරියකට ලැබෙන ලොකුම වත්කම ප්‍රෙක්ෂක ගුණ දොස්. නදිශාට ඇගේ චරිත ගැන ලැබෙන්නේ එතරම් හොද වර්ණනා නෙවෙයි කියලයි ඇය අපි එක්ක පැවසුවේ. විටෙක ඒ අදහස් වලට ඇගේ හිත රිදුන අවස්ථාද තිබුන බවට ඇය පැවසුවේ ගොඩක් දුකෙන්.

බොහොමයක් නපුරු චරිතවලට රඟපාන නිසා ගොඩක් අය හිතන්නේ නදීෂා සැබෑ ජීවිතයේත් තරමක් නපුරුයි කියලා. ඉතින් නදීෂා ඇත්තටම නපුරුද කියල අපි ඇසු පැනයකට ඇය දුන්නේ මේ වගේ පිළිතුරක්. “ඇත්තටම මම ගොඩක් සංවේදි පුද්ගලයෙක්. ඒ නිසාම වෙන්න ඇති මම ලග ඉන්න කවුරු හරි මාව රිදෙව්වොත් මට ඉක්මනට කේන්ති යන්නේ. පොඩි දෙයක් වුනත් මට මහලොකුවට දැනෙනවා. සමහර විට මගේ දුක තමා කේන්තිය විදිහට පිට වෙන්නේ. ඒ වෙලාවට මම කෑ ගහලා හයියෙන් අඩලා මගේ කේන්තිය පිට කරනවා. ඒ මගේ නපුරු කමට නෙවෙයි සංවේදී කමට කියලයි මට හිතෙන්නේ” කියලයි.

ජිවිතේ සරළව නිවැරදි ජිවිතයක් ගෙවන නදිශා දෙදරු මවක්. ඇය සිය ස්වාමියාගේ කටයුතු මෙන්ම දරුවන්ගේ කටයුතුද මනාව හසුරවමින් රංගන ජිවි⁣තයටද අගනා මෙහෙවරක් ඉටු කරන්නේ කැප වගකීම් ගොන්නක් මත සිටයි. නදීශාගේ ආදරණීය සැමියා තමයි අමිල නුවන් වාදසිංහ ඔහු ස්වර්ණවාහිනී නාලිකාවේ වැඩසටහන් කළමනාකරුවෙක් ලෙස රැකියාවේ නියැලෙනවා. නදීශාගේ අමිලගේ ආදරේ ගොඩක් සුන්දරයි. ඒ වගේම අමිල නදීෂාට ආදරේට කියන නමක් තියෙනවා ඉතින් ඒ පිලිබඳ ඇය කියන්නේ මේ වගේ කතාවක් ” එයා මට ආදරේට කියන්නේ ‘බබ්ලි’ කියලා. එයා මගේ පස්සෙන් එන කාලයේ තමයි ඒ නම දැම්මේ. තාම එයා මට කතා කරන්නේ එනමින්.” කියලයි. ඉතින් ඔයාලා හැමෝම ආදරේ කරන නදීශානිගේ සුන්දර පින්තූර කිහිපයක් තමයි මේ.