එයා මගේ පූසට ආදරේ නැත්නම් මම එයාව කීයටවත් බඳින්නේ නෑ

අද අපි සමග කතා කරන්න එකතු වෙන්නේ දක්ෂ නිරූපණ ශිල්පිනියක් වගේම නව පරපුරේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක් වන ප්‍රාර්ථනා සෙව්වන්දි ඇයගේ විශේෂත්වය තමයි ඇයට ඉන්නවා අපුරු සුරතලුන් කිහිප දෙනෙක්, ඉතින් අද අපේ කතාබහා ඇය සමගයි,

  • ප්‍රාර්ථනා කොහොමද ජීවිතේ
  • හොඳින් ඉන්නවා මේ දවස් වල වැඩ ටිකක් අඩුයි ඒ නිසා ගෙදරට වෙලා හුරතල්ලු ටිකත් එක්ක හුරතල් වෙවී ඉන්නවා
  • කවුද මේ සුරතල්ලු ?
  • දැනට මම ගාව එක බල්ලෙක් සහ පූසෝ හත්ක් ඉන්නවා කට්ටියටම මාරම දාංගලයක් තියෙන්නේ
  • කියන්නකො බලන්න මෙයාලගේ නම්ටික?
  • බන්ටි, ටිකිරි, සුදූ, පින්කි, බ්ලැකී, සුද්දි, චූටි
  • මේ අයගෙන් වැඩිපුරම ආදරේ කාටද ?
  • මම ඔක්කොටම එක සමානව ගොඩක් ආදරෙයි. ඒත් එක්කෙනෙක් ඉන්නවා. ඇයි දන්නේ නෑ එයාට මම ටිකක් වැඩිපුර කැමතියි. එයා තමයි බන්ටි. බන්ටි නිසා තමයි මට අනිත් පූස් පැටවූ ටිකත් ලැබුණේ. මම ළඟ ඉන්න අනිත් කට්ටිය ඔක්කොම බන්ටිගේ පැටව්. ඒක නිසා මම බන්ටිට පොඩ්ඩක් වැඩිපුර ආදරෙයි.
  • ඉතින් කියන්නකො අපිට බන්ටිගේ විස්තර ටිකක් ?
  • බන්ටි කියන්නේ ෆර්සියන් වර්ගයේ පූසියෙක්. මට එයාව ලැබුණේ අපේ ගෙවල් ළඟ අංකල් කෙනෙක්ගේ ඥාතියෙකුගෙන් එයා මට කිව්වා ෆර්සියන් පූස් පැටව් දෙන්නෙක් ඉන්නවා ඔයාලට ඕනද කියලා. අපි කිව්වා දෙන්නම අපිට දෙන්න කියලා. ඒත් හම්බවුණේ එක්කෙනයි. 2016 තමා මම එයාව අපේ ගෙදරට ගෙනාවේ. එයාට දැන් අවුරුදු 4ක් විතර වෙනවා. හැබැයි මෙයාව ටිකක් අමාරුයි හදන්න හොඳ වර්ගයේ කෙනෙක් නිසා මෙයාට කෑම දෙනකොට මස් හෝ මාළු අනිවාර් යෙන් දෙන්න ඕනෙ. නැත්නම් මෙයා කෑම කන්නෙ නෑ අඩුම ගානේ සොසේජස් හරි ඕන
  • බන්ටි කරපු අමතක නොවන දේවල් එහෙම ඇති නේද?
  • අම්මෝ ඔව්.. ගොඩක් තියෙනවා. ළඟදි දවසක් මමයි අම්මයි පොඩි ගමනක් ගියා අපි ගෙදර ආවේ දවස් දෙක තුනකට පස්සේ අපි නැති නිසා බන්ටිට සාංකාව වගේ හැදිලා මෙයා කන්නෙත් නැතිව ඉඳලා කොහේදෝ ගිහිල්ලා දවස් දෙකකින් තමා ආයේ ගෙදර ආවේ. අපි කට්ටිය හැමතැනම හෙව්වා බලද්දි මෙයා ඉඳලා තියෙන්නෙ අපේ ගෙදර ළඟ ගෙදරකට වෙලා. එදායින් පස්සෙනම් අපි එයාව පොඩ්ඩක්වත් තනි කරන්නෙ නැහැ
  • ප්‍රාර්ථනා ඔබ විවාහවෙන කෙනා සුරතලුන්ට අකමැති කෙනෙක් වුණොත් ඔයා මොකද කරන්නෙ?
  • ඇත්තටම මම ඉස්සෙල්ලම බලන්නෙ එයා සතුන්ට කොච්චර ආදරය කරන කෙනෙක්ද කියලා සතුන්ට ආදරේ නැත්නම් ඒ සම්බන්දෙ නවත්වලා දානවා මොකද එයා මොන තරම් හොඳ කෙනෙක් වුණත් සත්තුන්ට ආදරය නැත්නම් මම එයාව විවාහ කර ගන්නෙ නැහැ. අපි වගේ සතුන්ට ආදරය කරන කෙනෙක් වෙන්නම ඕනෙ සත්තුන්ට ආදරේ නැත්තේ නපුරු හදවතක් තියෙන අය මම පොඩ්ඩක්වත් ආස නෑ ඒවගේ අයට