‘එයා ආස මගේ දඟ වැඩ වලට’ ජනප්‍රිය නිලි මනීෂා කියන කතාව

අවුරුදු හතරක් පුරාවට දෙරණ නාලිකාවේ විකාශය වන සිදු ටෙලිනාට්‍ය බොහෝ දෙනෙක් ඇලුම් කරන ටෙලිනාට්‍යයක්.අලුත් මුහුණු බොහෝමයක් ටෙලිනාට්‍ය තුළින් දකිද්දි තෙරුණිගේ චරිතය හැඩ කරන ඇයත් රංගයට අලුත් මුහුණක්.නමින් මනීෂා චංචලා.අද අපි අපේ කතාවට එකතු කරගන්නේ මනීෂා.

මහනුවර ප්‍රදේශයේ උපත ලබන ඇය රංගනයට, ගායනයට මෙන්ම නිවේදනයට සැබෑ දස්කම් පෙන්වන්නියකි. මනිෂාගේ ජිවිතේ රංගනයට එන්න පාර හැදුනේ කොහොමද? “පාසල් කාලේ ඉදන් මම ගායනයට ආස කරපු කෙනෙක්. ඉතින් ඒ නිසාම 2008 වර්ෂයේ මම කදුරුට එෆ්. එම් එකේ ළමා නිවේදිකාවක විදිහට වැඩ කරනවා. ඒ එක්කම මගේ ගායන හැකියාව එක්ක අම්මා මාම දෙරණ ලිට්ල් ස්ටාර් තරඟයට යොමු කරනවා එහිදි මම 12 පහළ තරඟයේ 04 වන ස්ථානය ලබාගන්නවා. ඒ තමා මගේ මේ ගමනේ ආරම්භය.”

සිදු ටෙලිනාට්‍ය හරහා රංගනයට එන ඔබ තාම නවක යොවුන් රංගන ශිල්පිනියක්. ඔබ ඒ අභියෝග භාරගන්නේ කොහොමද. “ඇත්තටම මම තැන්පත් කෙල්ලෙක් නෙවෙයි. මම මට ගැළපෙනවනම් ඒ චරිතයට උපරිම සාධාරණය කරන්න දෙපාරක් හිතන්නේ නෑ. ඒ විතරක් නෙවෙයි මම අලුත් කියලා නෑ මම රංගනයෙ නියැලෙන ටෙලිනාට්‍යයේ ඉන්න ප්‍රවිණයන්⁣ ගොඩක් මට උදව් කරනවා. ඉතින් මට චරිතයකට යම් අභියෝගයක් ආවොත් භාරගන්න පුළුවන්.”

මනීෂා ප්‍රේමය ගැන කතා කලොත් ?”ආදරය කියන්නේ හරි සුන්දර හැගිමක්. ඒක විදන්නම ඕනි දැනෙන්න. මම ආදරේ කරන ආදරවන්තියක්. දෙරණ නාළිකාවේ ප්‍රවෘත්ති නිවේදක කලිදු කරුණාරත්න තමා මගේ ආදරවන්තයා. මම හිතන්නේ ඒ තමා ජිවිතේ ලැබුන හරිම කෙනා, අපි ළඟදීම විවාහ වෙන්න ඉන්නේ. කළිඳු කියන්නේ ගොඩක් හොඳ කෙනෙක්. අනිත් එක මගේ දඟ වැඩවලට එයා ගොඩක් ආසයි”

ජිවිතේ කවදා හරි කලිදු ඔබට රංගනය තහනම් ⁣කලොත්, “නෑ කවදාවත් නෑ. එයා මගේ ගමනට උදව් කරනවා. මම හිතන්නේ ඕනෑම කෙල්ලෙට අයිති වෙන්න ඕනි කලිදු වගේ කෙනෙක්. මොකද එයා මට නීතිදාලා මගේ නිදහස සීමා කරලා නෑ එයා මාව. මට මගේ ගමන යන්න උදව් කරනවා මිසක් මගේ ගමන නතර කරලා නෑ. ඒවගේ ආදරයක් ලබන්න ගොඩක් වාසනාවන්ත වෙන්න ඕන” කියලයි ඉතින් ඔයාලා හැමෝම ආදරේ කරන කලින්දුගේ සහ මනීෂාගේ සුන්දර පින්තුර කිහිපයක් තමයි මේ