‘එයාවත් මමත් දන්නේ නෑ ඇයි අපි ආදරේ කලේ කියලා’ ජනප්‍රිය නිලි තාරුකා කියන කතාව

නර්ථන මෙන්ම රංගනය උපන් හැකියාවක් ඇති ඇය තාරුකා වන්නිආරච්චි. කලා ලෝකයේ බොහොම අහිංසක සොදුරු කලාකාරිනියක් කිවොත් නිවැරදියි. නිර්මාණ 70කට අදික ප්‍රමාණයකට රංගනයෙන් දායක වුන තාරුකා ගැනයි මේ කතාබහ. තාරුකා බොහෝ දෙනෙක් අතර ජනප්‍රිය වෙන්න හිරු මෙගා ස්ටාර් මෙන්ම ශ්‍රි සිද්ධාර්ථ ගෞතම ටෙලි නාට්‍යය හරහායි.

රංගනය පවුල් ජිවිතය සමබරව ගෙනියන තාරුකාගෙන් අපි ඇ⁣⁣ගේ යුග දිවිය ගැන මුලින්ම කතා කළා. “⁣ගොඩක් අය කියනවා මම හදිස්සියේ විවාහ වුනා කියලා. ඇත්තටම එහෙම දෙයක් නෑ. මම විවාහ වුනේ ව්‍යාපාරික⁣යෙක් එක්ක. නමින් එයා විජිත. ආදරේ කරලා කාලයත් අපි ආශ්‍රය කරලා තමා විවාහ වුනේ.”

තාරුකා විවාහයත් එක්ක රංගනයෙන් තරමක් ඈත්වුනා නේද? “ඒ වගේ දෙයක් නෑ. මොකද විජිත මම ආදරේ කලේ අපිව තේරුම් අරන්. අදටත් මමවත් විජිතවත් දන්නේ නෑ අපේ ආදරේ පටන් ගත්තේ කොහොමද කියලා. එයා ආදරේ ප්‍රකාශ කරද්දි මම එයාට කැමති වුනා. විජිත මට කවදාවත් රංගනයෙන් අයින් වෙන්න කියලා නෑ. විජිත මට මම ගෙවපු සැහැල්ලු ජිවිතේම ගෙවන්න ඉඩ දිලා තියෙනවා. ඉතින් ඒ නිසා මට පවුල් ජිවිතේ වුනත් එක්කෙනා දෙන්නා වුනා කියලා ලොකු වෙනසක් නෑ. ඇත්තටම විවාහය කියන්නේ විස්වාස කියන බැම්මක් විදහටයි මම දකින්නේ”

ඔබ රංගනයට වගේම නර්ථනයටත් දක්ෂයි. හැබැයි ඔබට නර්ථන හැකියාව පෙන්වන්න පුළුවන් ටෙලිනාට්‍යයක් නොලැබී ඉතිහාස කතා පාදක කරගත් ටෙලිකතා වලින්ම ආරාධනා ලැබිම ගැන මොකද හිතන්නේ. “සමහර විට මගේ පෙනුමට එහෙම අවස්ථා මට ලැබෙනවා ඇති. ටෙලි නාට්‍ය වලට විතරයි මට ගොඩක් අවස්ථාවන් හිමි වෙන්නේ. සිනමාවට අවස්ථා අඩුයි.

හැබැයි මට මොන අවස්ථා ලැබුනත් මම මට ගැළපෙන චරිතයක්නම් මම ඒක භාරගන්නවා. සමහර විට කාලයත් එක්ක මට නර්ථන හැකියාව පෙන්වන්න අවස්ථාවක් ලැබෙයි කියලා මම විස්වාස කරනවා.” කියලයි ඉතින් ඔයාලා හැමෝම ආදරේ කරන තාරුකාගේ සුන්දර පින්තූර කිහිපයක් තමයි මේ.