‘එයාලා මට කරපු දේවල් දැකලා ඒක දරාගන්න බැරුව මගේ තාත්තා නැතිවුනා’ යශෝධා කියන කතාව

ලංකාවේ කළා ලෝකයේ අවරගණයේ නිර්මාණ රැසක් හරහා හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න රංගන ශිල්පිනියක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. 1970 වසරේ ඔක්තෝම්බර් මස 28වන දින උපන් ඇය මෙරට සම්මානනීය, සිනමා සහ ටෙලිනාට්‍ය රංගන ශිල්පිණියක් වනවා. යශෝධා අධ්‍යාපන හදාරන්නේ මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයෙන්. 1990 වසරේදී විජය ධර්මසිරි මහතා විසින් අධ්‍යක්ෂණය කල ‘ගුරුගෙදර’ චිත්‍රපටිය හරහා ශ්‍රී ලංකා සිනමාවට පය තැබූ යශෝධා ඉන්පසු සිනමාපට වගේම ටෙලිනාට්‍ය ගණනාවක්ම හරහා ලංකාවේ ආදරේ දිනාගන්න සමත්වුනා. ඒ අතරින් ‘සමනල සංධ්වනිය’ ‘තීර්ථ යාත්‍රා’ ‘මාරුතය’ ‘විහඟ ගීතය’ යන ටෙලිනාට්‍ය ලංකාවේ අතිශය ජනප්‍රිය වුනා.

යශෝධා උසස් අධ්‍යාපන හදාරලා තියෙන්නේ කැලණිය විශ්ව විද්‍යාලයෙන්. ඉතින් ඇයගේ විශ්ව විද්‍යාලයේ මතකන් පිලිබඳ අවදිකළේ මේ විදියට ”මම විශ්ව විද්‍යාලයට තේරුනේ 1989 වසරේදී. මම කොහොමත් කැමැත්තෙන් නෙවෙයි හිටියේ කැම්පස් යන්න. මගේ තාත්තා රවිලාල් විමලධර්ම එයා කැලණිය විශ්වවිද්‍යාලයේ හින්දි භාෂාව උගන්වන කථිකාචාර්යවරයෙක්. මම විශ්වවිද්‍යාලයට යනවා දකින්න වැඩිපුරම ආසා කලේ මගේ තාත්තා. මම විශ්ව විද්‍යාලයට ඇවිත් නාට්‍ය, කලාව, සාහිත්‍ය වැඩසටහන් වලට එකතුවෙලා ජීවිතේ විඳිනවා දකින්න මගේ තාත්තට ගොඩක් ඕන වුනා.

විශ්වවිද්‍යාලයේ සිටියදීත් යශෝධා ගොඩක් ජනප්‍රියයි ඉතින් ඇයට විශ්වවිද්‍යාලයේදී මුහුණ දුන්න සිදුවීම් පිලිබඳ කිවුවේ මේ වගේ කතාවක් ”රටේම අය මට කාදරේ කලත් අපේ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ළමයි තුල තිබ්බේ මගෙත් එක්ක තරහක්. ඒ අය හිතාගෙන හිටියේ මම හුගක් ධනවත් කෙනෙක් කියලා. ඒ අය මට ගොඩක් කරදර කළා. මගේ තාත්තා ගොඩක් කරුණාවන්ත කෙනෙක් අනික ඒ ළමයි එහෙම හැසිරෙද්දී ගුරුවරුන්ට මෙල්ල කරන්න බෑ. මට ගොඩක් නරක වචන කියලා බැන්නා. එතනදී කරපු දේවල් මට මාද්‍යට කියන්න බෑ. තාත්තට ඒ දේවල් බලාගෙන ඉන්න බැරි වුනා. එයාගේ කීම අහලා මම දුක්විඳිනවා එයාට දරාගන්න බැරි වුනා. එයා අසනීප වුනා. මතකය නැතුව ගියා. එයා අපිව දාලා ගියේ මම විඳින දුක් බලන් ඉන්න බැරුව” කියලයි යශෝධා අපට කිවුවේ. ඉතින් ලංකාවේ හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න යශෝධාගේ සුන්දර පින්තූර කිහිපයක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.