‘එයාට තරහා ගියාම මට හොඳටම හිනා යනවා’ ප්‍රදීප් රංගනගේ බිරිඳ චතුරිකා කියන කතාව

ලංකාවේ රියැලටි තරංග හරහා ජනප්‍රිය වන ගායක ගායිකාවන් කාලයක් යද්දී ගායන ක්‍ෂේත්‍රයෙන් ඈත්ව යනවා. නමුත් ඔවුන්ගේ ජනප්‍රියත්වය දශමයකින්වත් අඩුවෙන්නේ නෑ. ඉතින් ඒ වගේ මේ දවස්වල කළා ලෝකයෙන් තරමක් ඈත්වෙලා ඉන්න ජනප්‍රිය ගායකයෙක් තමයි ප්‍රදීප් රංගන කියන්නේ, සුපර් ස්ටාර් වේදිකාව හරහා හැමෝගෙම ආදරේ දිනාගත් ප්‍රදීප් මේ වනවිට වෛද්‍යවරයකු ලෙස කටයුතු කරනවා. ඒ වගේම ප්‍රදීප් විවාහකයි. ප්‍රදීප්ගේ අතිනත ගත සුන්දර තරුණිය තමයි චතුරිකා ප්‍රසාදිනී. ඔවුන් විවාහ වෙන්නේ 2015 වසරේදීයි. ඒ වගේම මේ දේපල දැන් දෙමාපියන් බවටත් පත්වෙලා.

ඉතින් ප්‍රදීප් පිලිබඳ චතුරිකා කියන්නේ මේ වගේ කතාවක්. ” ඇත්තටම ප්‍රදීප් කියන්නේ ගොඩක් හොඳ සැමියෙක්. එයා මං ගැන ඉතරම හොයලා බලනවා. රැකියාවත් එක්ක තරමක් කාර්ය බහුල වුනත් ප්‍රදීප් වෛද්‍ය වෘත්තීය සහ ගායන වෘත්තීය සහ පවුල සමබරව කරගෙන යනවා. ඒ විතරක් නෙවෙයි මවුපියෝ, නෑදෑයෝ ගැන එයා හොයලා බලනවා, ප්‍රදීප්ට ලේසියෙන් තරහා යන්නේ නෑ හැබැයි එයාට තරහා ගියාම මට හොඳටම හිනා යනවා. මොකද ඒක ගොඩක් දුර්ලභ අවස්ථාවක්.” කියලයි ඉතින් ඔයාලා හැමෝම ගොඩක් ආදරේ කරන ප්‍රදීප් රන්ගනගේ සුන්දර කැදැල්ල තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.