එදිනෙදා දකින්න ලැබෙන දේවල් 18ක් අන්වීක්ෂයකින් බැලුවම පේන විදිය

ඇසට නොපෙනෙන පියවි ඇසට නොපෙනෙන අරුම පුදුම දේවල් නවීන තාක්ෂණය යටතේ බිහි වි ඇති අන්වීක්ෂයක් හරහා දැකිය හැකියි. අප එදිනෙදා භාවිතා කරන සහ දක්නට ලැබෙන දේවල් වල බාහිර ස්වරූපය අපට පියවි ඇසින් දැකිය හැකි වුවත් පිටතින් පෙනෙන දේට වඩා වෙනස්ම අපූර්වත්වයක් ඒවායේ අභ්‍යන්තරය තුල සැඟවිලා තියෙනවා. ඒ සුන්දරත්වය දැකිමට නම් අන්වික්ෂයක් අවශ්‍ය වෙනවා. නමුත්, ඉතින් අපි හැමෝටම ඒ අවස්ථාව හිමිවෙන්නේ නැති නිසා අපි හිතුවා එසේ අන්වීක්ෂ කාචය හරහා කැමරාවට හසුවූ අරුම පුදුම අංශු ලෝකය ගැන ඡායාරූප එකතුවක් ඔබ වෙත ගෙන එන්නට.

මේ තියෙන්නේ ඒ ආකාරයේ එදිනෙදා දක්නට ලැබෙන දේවල් කිහිපයකම අන්වීක්ෂ ඇසින් ලබාගත් චිත්තාකර්ෂණීය ඡායාරූප එකතුවක්. මොහොතකට සිතන්න, විද්‍යාව දියුණු නොවුණා නම් මේ සුන්දරත්වය අද අපිට දකින්නට හැකිවේවිද කියා !

01. එක් සීනි ස්ඵටිකයක් අන්වීක්ෂයට පෙනෙන අයුරු

02. ලුණු ස්ඵටිකයක්

03. කූනිස්සෙකුගේ වල්ගය

03. බ්‍රෝකෝලි

04. ක්ෂණික කෝපි කැට

05. පුළුස්සන ලද කෝපි ඇටයක්

06. තිරිඟු ඇටයක් ඇතුලත

07. ස්ට්‍රෝබෙරි (මේවායේ පමණක් නොව ඕනෑම පලතුරු මතුපිටක මෙසේ ජිවත්වන හෝ මියගිය මයිටාවන් සිටිය හැකියි. )

08. තල ඇටයක් ඇතුලත දිස්වන ආකාරය

09. ගම්මිරිස් ඇටයක්

10. රතු මිදි ගෙඩියක්

11. සීනි කැට

12. තක්කාලි ගෙඩියක ඇතුලත

13. මල්ගෝවා ගෙඩියක්

14. සැෆ්රොන් මලක්

15. තරු අසමෝදගම් (ස්ටාර් ඇනීස්)

16. එතනෝල්

17. මැස්සෙකුගේ පාදයක සමීප දසුනක්