ලෝකයේ විවිධ රටවල පුද්ගලයින්ගේ කැමරා කාච වලට හසු වූ අපූරු , හාස්‍යජනක සහා වෙනස්ම ඡායාරූප එකතු කිහිපයක්ම අපි ඔබ වෙනුවෙන් මින් පෙරත් ඉදිරිපත් කර තිබෙනවා. අද දවසේදීත් ඒ වගේම අරුම පුදුම වෙනස් ඡායාරූප පෙළක් ගැනයි මේ කියන්න සූදානම. මෙම ඡායාරූප දිහා එක්වරම බලද්දි ඒවායේ එතරම් සුවිශේෂිත්වයක් නැහැ කියලා හිතුනත් ඊට උඩින් තියෙන වචන කිහිපය කියවූ පසු ඔබට ඒ ඡායාරූපයෙන් පෙනෙන දේ යලි කිසිවිටෙක අමතක කල නොහැකි වේවි. නැවත නැවත ඡායාරූපය දෙස බලන වාරයක් පාසා ඔබට ඒ දේ පමණක්ම පෙනේවි.
- වම් පැත්තේ ඉඳන් බැරල් එක දිහා බලාගෙන ඉන්නේ එක්කෙනෙක් විතරක් නම් නෙවෙයි. බලන්නකෝ ඒ පුද්ගලයාගේ බඩ දිහා?

- පුටුවට ස්වභාවික කකුල් පිහිටලා වගේ නේද පෙනෙන්නේ?

- පැහැදිලි නිල් අහස-අහසේ පැහැදිලිකම කොච්චරද කියනවානම් චෙෆ් ගේ තොප්පිය දැක්කේ නැහැ නේද?

- සින්ක් එකට හෙම්බිරිස්සාව හැදිලා

- හපනවා නෙවෙයි , පොඩි සෙල්ලමක් විතරයි

- බෙල්ලත් නවාගෙන කාගේ බෙල්ලද මේ බේරන්නේ?

- බල්ලාගේ කන් දෙක චූටි කන් දෙකක් තියෙන චූටි බලු පැටවු දෙන්නෙක් වගේ පෙනෙනවා නේද?

- කුරුමිටි සෙබලු

- කැප් එකක් දාගෙන අව්වේ හිටගෙන හිටියම

- රැවුලේ දිග

- Harry potter චිත්‍රපටයේ sorting hat එකට මතක් වුණා නේද?

- වාෂ්ප බොයිලේරුව පෙනෙන්නේ කණ්ණාඩි දාපු දලඹුවෙක් lipstick ගානවා වගේ නේ

- පාසල් ළමයි කියලද හිතුවේ? නෑ ,මේ සුදු කොඩි අතින් ගත් ප්‍රේක්ෂකාගාරයක දර්ශණයක්

- මී මැසන්ගේ පෙනුමේ මොකක් හරි වරදක් තියෙනවා වගේ.

- බැල්කනියේ එල්ලිලා කතාකරමින් ඉන්නේ කවුද? (ඇත්තටම ඒක බ්ලැන්කට්ටුවක්)

- රටාව අතරේ මොනවද දැක්කේ

- කවුද කියලා අඳුරගත්තද? (Star Wars ප්‍රේක්ෂකයින්ට නම් මේක ලේසියෙන්ම තේරුම්ගන්න පුලුවන්වෙයි)
