එංගලන්තයේ සින්ක් එකට ටැප් 2 ක් සවිකරන්නේ ඇයි කියලා ඔබ දන්නවද

ඇතැම් රටවල භාවිතා වන ඇතැම් පුරුදු සහ සම්ප්‍රදායන් අපට ගෙන දෙන්නේ නුහුරු නුපුරුදු විශ්මයජනක හැඟීමක්. අද අපි ඔබට කියන්න සූදානම් වන්නේ එවැනි අපූරු සහ වෙනස්ම භාවිතයක් ගැනයි. “සාමාන්‍යයෙන් එංගලන්තයේ භාවිතා වන සින්ක් වලට කරාම 2 ක් සවිකිරීම සිදුකරනු ලබයි”. නමුත්, ඇත්තටම මේ සම්ප්‍රදායේ තේරුම මොකක්ද? ඊට හේතු මොනවාද?

  • හේතුව 1

අතීතයේ සිටම පැවත එන ක්‍රමයකි – 19 වන හා 20 වන සියවසේ මුල් යුගයේ ඉදිකර තිබූ බ්‍රිතාන්‍ය නිවාස වල ඉතිහාසය දක්වා දිවෙන සිදුවීමකි. එනම් නවීන valve ක්‍රම සහ water mixer තාක්ෂණය බිහිවීමට පෙර යුගයන් ය. මෙම පැරණි නිවාස ක්‍රමය පැවති යුගයේදී මුලින්ම නිවස ඇතුලත ජල නළ සවිකර තිබුනේ ඉතා සරල පද්ධතියක් ලෙසයි. එනම් ජලය බෙදාහරින ජාලයෙන් නළයක් ඔස්සේ මුලුතැන්ගෙයට සිසිල් ජලය ප්‍රවාහය වන සේ තැනූ සැකැස්මක් ලෙසයි. කෙසේවෙතත්, පසු කාලයේදි උණු ජලය පද්ධතියක් ලෙස හඳුන්වාදීමත් සමඟ එය වෙනම කරාමයක් සේ සවිකරන ලදි. එහිදී ද්විතියික පද්ධතියක් හෙවත් dual system එකක් නිර්මාණය වීය.

  • හේතුව 2

එය නීතියකි – බොයිලේරුවක සිසිල් ජලය සහ උණු ජලය මිශ්‍රකිරීම තහනම් කර ඇති නීතියක් එංගලන්තයේ පවතියි. එරටේ central heating ක්‍රමවේදයක් භාවිතා නොවීම සහ සැම නිවසකම ගෑස් තීරුවක් (gas column) වෙන්කර තිබීම ඊට හේතුවයි. මින් පෙර එක් විශේෂ සිලින්ඩරයක් බොයිලේරුවට සවිකර තිබීම සිදුවි ඇත. නමුත්, එහි ජලය පල් වී යාම, සහ සිලින්ඩරයේ බල බැඳීම නිසා ජලය පරිභෝජනයට නුසුදුසු තත්වයකට පත්වන බව හෙලි විය. නමුත්, එරට ජනයා ජලය මිශ්‍ර කිරීම ඉන් නැවතී නැත. ඒ අනුව පානය කිරීම සඳහා සුදුසු සිසිල් ජලය සිලින්ඩරයේ ඇති උණු ජලය සමඟ මිශ්‍ර කිරීම තහනම් කරමින් නීතියක් පැණවීම සිදුවි ඇත.

  • හේතුව 3

ආර්ථිකමය වශයෙන් වාසිදායක වීම. – කරාම දෙකක් ඇති විට අවශ්‍ය ප්‍රමාණයට ජලය සින්ක් එක තුල පුරවාගෙන පිරිසිදු කිරීම් කරගත හැකිය. එහිදී අපතේ යන්නේ ඔබ භාවිතා කල ජලය පමණයි. නමුත් water mixer එකක් ඇතිවිට සිදුවන්නේ මෙසේය: පළමුව ජල කරාමය විවෘත කල යුතුයි, ඉන්පසුව, හරි උෂ්ණත්වයකට එහි සැකසුම වෙනස්කරගත යුතුයි. අනතුරව මුහුණ පිරිසිදු කරගැනිමේ කටයුතු කරගත හැකියි. නමුත්, එහිදී ජලය අධිකව භාවිතා වෙමින් අපතේ යාම සිදුවිය හැකියි.