උසස්පෙළ අත්හැර ලංකාවටම සුපිරි වාහන ‌දෙන ළාබාලතම කෝටි පතියා

තමන්ගේ අධ්‍යාපන හැකියාවෙන් ඉදිරියට ගියවුන් ලෝකයේ ඔනෑ තරම් ඉන්නවා. එහෙත් අධ්‍යාපනය මඳකට පසෙකින් තබා තමන්ගේ අනාගතය පිළිබඳ වැඩි අවධානමක් අරගෙන ජීවිතය ජය ගත්ත අය නම් ඒ අතළොස්සක් ඒ අතරින් අඩු වයසින්ම තම ජීවිතයේ සාර්ථකත්වය කරා ගිය ලංකාවේ සිටින අපුරු තරුණයෙක් අපිට හමු වුණා. ඔහු නමින් ශාන් ලියනගේ ඉතින් අද අපේ කතා බහා ඔහුසමගයි

  • ඉතින් ශාන් කොහොමද…? වයස?
  • වැඩ ටික කරගෙන හොඳින් ඉන්නවා, මට තවම අවුරුදු 18 යි.
  • 18යි කියන්නේ මේ අවුරුද්දේ උසස් පෙළ කරන්න ඇති නේද ?
  • මම ගම්පහ ලයිසියම් එකේ තමයි අධ්‍යාපනය හැදෑරුවේ. සාමාන්‍ය පෙළ හොඳින් සමත් වුණත්, මම උසස් පෙළ කලේ නැහැ.
  • ඒ ඇයි ?
  • මෙහෙමයි උසස් පෙළ කරන්න අවුරුදු දෙකක්ම යනවා. ඊට පස්සේ උසස්පෙළ පාස් වෙලා කැම්පස් ගියොත් තවත් අවුරුදු කිහිපයක් නිකම්ම ගෙවිලා යනවා. ඒ නිසා මම උසස් පෙළ කරන්නේ නැතුව කෝස් එකක් කරන්න හිතුවා. ඒක තමා මගේ ටර්නින් පොයින්ට් එක කෝස් එක කරන්න සුදානම් වෙලා ඉන්නකොට යම් කිසි අවදානමක් අරන් මගේම කියලා පොඩි ව්‍යාපාරයකට යොමුවෙන්න
  • මොකක්ද ඒ ව්‍යාපාරය, ?
  • “ශාන් ලියනගේ ලක්සරි වෙඩින් කාර්ස්” කියලා මම 2018 වසරේ මගේම කියලා පොඩි ව්‍යාපාරයක් පටන් ගත්තා.
  • එකපාරටම බිස්නස් එකකට යොමු වුණේ කොහොමද ?
  • මගේ තාත්තාට ඇක්සියෝ වර්ගයේ කාර් එකක් තිබුණා. මුලින්ම ඒක වෙඩින්වලට රෙන්ට් එකට දුන්නා. දවසින් දවස හයර් එක දෙක එන්න පටන් ගත්තා. ඉතින් මම ඒක මගේම ව්‍යාපාරයක් කර ගන්න හිතුවා.
  • මේ ෆීල්ඩ්බ එකේ බිස්නස් අල්ල ගන්න ලේසි වුණාද?
  • මම මතයට මේ ලෝකේ තියෙන කිසිම රස්සාවක්වත් ලේසි නැහැ. ඒ වගේ තමයි මේකත් මුලදී ලේසි වුණේ නැහැ.
  • මොනවද මේක පටන් ගද්දි ශාන්ට තිබුණු අභියෝග?
  • මේ ක්ෂේත්‍රයේ ලංකාවේම ප්‍රසිද්ධ ව්‍යාපාර ආයතන ගොඩක් තියෙනවා. ඒවගේ ව්‍යාපාරයකට තමයි මමත් එකතු වුණේ. මගේ වයස ගොඩක් අඩු නිසා බිස්නස් එක පටන් ගත්ත කාලේ මාව රවට්ටන්න මාව වට්ටන්න ගොඩක් අය උත්සාහා ගත්තා ඒවා නැගිටින්න හදන ඕනෑම එන සාමාන්‍ය බාදක
  • දැන් ශාන්ගේ බිස්නස් එකේ වාහන කීයක් තියෙනවද?
  • මුලින්ම ඇක්සියෝ එකෙන් පටන් ගත්ත කාලේ මගේ තවත් හිතවතුන් කිහිප දෙනෙක්ගෙන් මේ වැඩේට වාහන දෙක තුනක් හොයා ගත්තා. මට තේරුණා අල්ලගෙන හිටියොත් මේ බිස්නස් එකෙන් ලොකු දෙයක් කරන්න පුළුවන් කියලා. දැන් මම රෙන්ට් කරන්නේ සුඛෝපභෝගී වාහන විතරයි. ඒ වගේ වාහන 40ක් මම රෙන්ට් කරනවා මගේම වාහන
  • මොන වර්ගවල වාහනද තියෙන්නේ?
  • ලිමොසින්, හැමර්, අවුඩි, බෙන්ස්, බී.එම්.ඩබ්ලිව්, රේන්ජ්රෝවර් වර්ගයේ වාහන තියෙනවා. තව කිහිපයක් ගන්නත් බලාපොරොත්තු වෙනවා
  • ඔයා රෙන්ට් කරන මිලෙන් අධිකම වාහනේ?
  • ප්‍රාඩෝ ලිමොසින් එකක් තියෙනවා ඒක කෝටි හයකට වඩා මිලෙන් අධිකයි ඒක තමා මිල අධිකම
  • ප්‍රාඩෝ ලිමොස්ලින් එක රෙන්ට් කරන්නේ කීයකටද?
  • පැය අටට රුපියල් 80,000ක් අය කරනවා. ඒක තමා මගේ අන්තිම ගාන
  • නාට්‍ය, චිත්‍රපට සඳහාත් වාහන ලබාදෙනවද?
  • ලංකාවේ ගොඩක් ටෙලි නාට්‍ය හා චිත්‍රපටවලට අවශ්‍ය සුපිරි වාහන බොහෝ දෙනෙක් රෙන්ට් එකට ලබාගන්නේ මගෙන්. ඒ ගොඩ දෙනෙක් මාව හොඳින් හඳුනනවා.
  • වැඩියෙන්ම ඔබට ඕඩර් එන්නේ කොහොමද ?
  • මට ෆේස්බුක් හරහා ගොඩක් බිස්නස් එනවා. මම ෆේස් බුක් එකේ තමා වැඩිහරියක් ඇඩ් රන් කරන්නේ
  • දවසකට වැඩියෙන්ම වාහන කීයක් රෙන්ට් කරලා තියෙනවාද?
  • දැනට එක දවසට වාහන 10ක් රෙන්ට් කරපු අවස්ථා තියෙනවා. ඒක තමා එක දවසට දීපු වැඩිම වාහන ගණන
  • රැකියාවක් නොකළා නම් ශාන් මේවනවිට මොනවා කරයිද?
  • එහෙනම් මේ වෙනකොට උසස් පෙළ කරලා. මොකක් හරි කෝස් එකක් කරයි. වෙන මොනවා කරන්නද නේ