උපාධියක් නැතුව මාසෙකට ලක්ෂ ගානක් පඩි ගන්න පුලුවන් සුපිරි ‍රැකියා 8 ක්

හොඳට සල්ලි හම්බකරන්න පුලුවන් රස්සාවක් කරන්න නම් හොඳට ඉගෙන ගන්න ඕන කියලානේ කුඩා කාලයේ ඉඳන්ම අපිට ඇහිලාතියෙන්නේ. හැබැයි, ලෝකයේ හොඳින් මුදල් ඉපයිය හැකි හැම ‍රැකියාවකටම උපාධියක් අවශ්‍ය නැහැ කියලා ඔප්පු කරන පුවතක් තමයි මේ කියන්න සූදානම් වෙන්නේ. උපාධියක් අවශ්‍ය නොමැති සහා විශාල වේතනයක් ගෙවන ලෝකයේ ඇති විවිධ ‍රැකියා වර්ග 8 ක් පහත දැක්වේ.

01. පෞද්ගලික රහස්පරීක්ෂක (personal detectives)

පෞද්ගලික රහස් පරීක්ෂකවරුන්ගේ සේවයේ වැදගත්කම ගැන  බොහෝ දෙනෙකු හට අවබෝධයක් නැත. කෙසේවෙතත්, ජීවිතයය අවදානමේ හෙලමින් සිදුකරන ‍රැකියාවක් නිසාම ඔවුන්ගේ අයකිරීම් ඉතා ඉහළ අගයක් ගනියි. එය වසරකට ඩොලර් 50,000 ක් (ශ්‍රී ලංකා රු.9,253,200) පමණ මුදලකි. ඔව්, ඔබ නිවැරදියි, මේ ‍රැකියාව සඳහා උපාධියක් අනිවාර්ය නැත.

02. විදුලි සෝපාන ක්‍රියාකරුවන් (Elevators installers)

මෙය ඉතා භයානක සහා අධි අවදානම් ‍රැකියාවක් ලෙසයි හැඳින්වෙන්නේ. මෙම ‍රැකියාවේ ස්වභාවය නිසාම ඔවුන් හට ඉතා ඉහළ වේතනයක් හිමිවෙනවා. පළපුරුදු සවිකරන්නෙ වසරකට ඩොලර් 55000 ක් (රු.10,178,520)පමණ ආදායමක් ලබයි.

03. විකිරණ චිකිත්සකවරු (radiation therapists)

මේ ‍රැකියාව සඳහා ඩිප්ලෝමා කිහිපයක් සම්පූර්ණ කරතිබීම ප්‍රමාණවත්ය. ‍රැකියාවේ ස්වභාවය වන්නේ රෝගින්ගේ  ප්‍රගතිය නිරීක්ෂණය කරමින් සටහන් තැබීමයි. නමුත්, මෙය විකිරණ සම්බන්ධ ‍රැකියාවක් නිසා එය ඉතා අවදානම් ‍රැකියාවකි. විකිරණ චිකිත්සකවරයෙකු වසරකට ඩොලර් 55,000 ක් (රු.10,178,520) පමණ උපයයි.

04. බලශක්තිය බෙදාහරින්නෝ (Power Distributors)

මෙම ‍රැකියාව සඳහා ඩිප්ලෝමාවක් හදාරා තිබීම අවශ්‍ය වේ. ‍රැකියාවේ කාර්යන් වන්නේ විදුලි නිෂ්පාදන ක්‍රියාවලිය සම්බන්ධීකරණය කිරීම, උත්පාදනය කිරීම සහා බෙදාහැරීම යන වගකීම් ඉ‍ටුකිරීමයි. මෙය එතරම් වැඩකට නොමැති ‍රැකියාවක් යැයි නිකමටවත් නොසිතිය යුතු තරම් භාරදූර ‍රැකියාවකි. විදුලි උත්පාදන ක්‍රියාවලිය ඉතා වගකීම් සහගත සහා අපහසු ‍රැකියාවක් ලෙස සඳහන් වේ. ඔවුන්ගේ  වේතනය සාමාන්‍යෙන් ඩොලර් 55,000-57,000 ක් (රු.10,178,520-10,548,648) අතර මුදලක් වේ.

05. (කැසිනෝ වැනි) ක්‍රිඩා කලමණාකරුවන් (Gaming manager)

මෙය ක්‍රීඩා කරන තරම් ලේසි පහසු දෙයක් නොවන ‍රැකියාවකි. අන් අය ක්‍රීඩාවේ යෙදවීම සහා ඔවුන්ව මෙහෙයවීම ආතතිය අධිකම ‍රැකියාවන් අතරින් එකක් ලෙසයි සඳහන් වෙන්නේ. ඒ නිසාම මොවුන්ගේ වේතනයත් ඉතාමත් ඉහළ අගයක් ගනියි. එය බොහෝ විට ඩොලර් 65,000 ක (රු.12,029,160) පමණ මුදලකි.

06. ගුවන් පාලක (Air controller)

නම වගේම මෙම ‍රැකියාවේ රාජකාරිය වන්නේත් ගුවන පාලනය කිරීමයි. නමුත්,ගුණාත්මක වායුව නම් නොවේ. ඔවුන්ගේ ‍රැකියාවේ ස්වභාවය වන්නේ ගුවන් තදබදය වළක්වමින් ගුවන් යානා පියාසර කිරීම් වල පරිපාලනය කටයුතු මෙහෙයවීමයි. ඔවුන්ගේ වැ‍ටුප ඩොලර් 65,000 ක් (රු.12,029,160) පමණ අගයක් වේ.

07. න්‍යෂ්ටික බලශක්ති බලාගාර ක්‍රියාකරුවන් (Nuclear power operators)

න්‍යෂ්ටික බලය සම්බන්ධ ඕනෑම ‍රැකියාවක් සරල හෝ පහසු විය නොහැකිය. එහි ඇති අවදානම නිසාම එවැනි ‍රැකියාවක නිරතවෙන්නෙකු හට ඩොලර් 70,000 ක (රු.12,954,480) පමණ විශාල වේතනයකට හිමිකම් කිව හැක. මේ සඳහා විශේෂිත උපාධියක් අවශ්‍ය නැත.

08. වාණිජ ගුවන් නියමුවරු (commercial pilots)

සාමාන්‍යෙන් ගුවන් නියමුවරු විශාල වැ‍ටුපකට හිමිකම් කියති. නමුත්, වාණිජ ගුවන් නියමුවරයෙකුගේ සාමාන්‍ය වැ‍ටුප ඩොලර් 75,000 ක් (රු.13,879,800) තරම් විශාල මුදලකි.