‘උපාධිධාරිනියක් වෙලත් තවම රස්සාවක් නෑ’ ගුරුවරියක් වෙන්න ආසාවෙන් ඉන්න ජනප්‍රිය නිලි රුක්ෂානා කියන කතාව

අපිට ගොඩක් හුරු පුරුදු ජනප්‍රිය ටෙලිනාට්‍ය නිලියක් තමයි රුක්ෂානා කියන්නේ. රංගනයට විතරක් නෙවෙයි නර්තනයටත් රුක්ශානා ගොඩක් ජනප්‍රියයි. ඒ විතරක් නෙවෙයි රුක්ෂානා තමන්ගේම නර්තන කණ්ඩායමක අයිතිකාරියක් සහ සෞන්දර්ය උපාධිධාරිනියක්ද වෙනවා. කොහොම වුනත් ඇය පසුගියදා මෙගා ස්ටාර් වේදිකාවට නැග්ග සැනින්ම බැස යන්න සිදුවුනා. ඉතින් මෙගා ස්ටාර් වේදිකාවේ සමුගන්න වීම පිලිබඳ රුක්ෂණ කිවුවේ මේ වගේ කතාවක්. ” තරගයේ හතරවැනි වටයෙන් අපි අයින්වෙන්න සිද්දවුණා. එතැන තියෙන තරගකාරීත්වය එක්ක මගේ තිබුණ තරගකාරීත්වය මදිවෙන්න ඇති කියලයි මට හිතෙන්නේ. මම තවම නවකයෙක් නිසා මට තියෙන අත්දැකීම් ප්‍රමාණය ගොඩක් අඩුයි. කොහොම වුනත් ඒ තරම් හරි දුරක් එන්න පුළුවන් වීම ගැන මට ගොඩක් සතුටුයි.” කියලයි.

රුක්ෂානාගේ කුඩා කාලයේ ඉඳලම බලාපොරොත්තුව තිබිලා තියෙන්නේ ගුරුවරියක් වන එකලු. ඉතින් රුක්ෂානා අපිට ඒ පිලිබඳ කිවුවේ මේ වගේ කතාවක් ” ඇත්තටම මම දැනුම් තේරුම් තියෙන කාලේ ඉඳලම ගොඩක් ආසාවේ හිටියේ ගුරුවරියක් වෙන්න මම විශ්වවිද්‍යාලයට ගිහින් අධ්‍යාපනය ලැබුවේත් ඒ අරමුණ වෙනුවෙන්. උපාධිය සම්පූර්ණ කරලා දැන් සෑහෙන්න කාලයක් ගතවුණා. ඒත් කොළඹ දිස්ත්‍රික්කයේ උපාධිධාරීන්ට දැන්ම පත්වීම් දෙන පාටක් පෙනෙන මානයකවත් නැහැ. ලංකාවේ හැටි කොහොමත් එහෙමනේ” කියලයි. කොහොම වුනත් රුක්ෂනා පෙම්වතියක් ඇයගේ පෙම්වතාත් කළා ක්‍ෂේත්‍රයේ කෙනෙක්ලු, ඇය විවාහ ප්‍රමාද කරන්නෙත් ගුරු පත්වීමක් ලැබෙනකන් කියලයි ඇය කියන්නේ. ඉතින් ඔයාලා හැමෝම ගොඩක් ආදරේ කරන රුක්ෂනාගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.