උතුරු කොරියානු දරුවන් සුපිරි දක්ෂයින් වෙන්නේ මෙම කරුණු 10 නිසා බව ඔබ විශ්වාස කරනවද..?

ලෝකයාගෙන් හුදකලා වූ කිම් ජොං අන්ගේ දැඩි පාලනයට යටත්ව පවතින උතුරු කොරියාව ගැන ලෝකයට හෙලි වන තොරතුරු ඉතා අවමයි. එහි ජන ජීවිතය සම්බන්ධ වාර්තා බොහෝ විට පළවෙන්නේ ඇස්තමේන්තු අනුවයි. එවැනි වාර්තා මඟින් උතුරු කොරියාවේ ළමුන්ගේ ළමා කාලය ගැන හෙලිකරගත් කරුණු කිහිපයක් පිලිබඳව පහත දැක්වේ. ලෝකයේ වෙනත් රටවල ළමුන්ට සාපේක්ෂව වඩාත් වෙනස් වූ ළමා කාලයක් ගතකරන ඔවුන්ගේ ජන ජීවිතය ගත වන්නේ කෙසේදැයි අපි දැන් බලමු.

1. එරට සම්ප්‍රදායට අනුව ඉපදුණු අලුත දරුවෙකුට මුළින්ම හිමිවන්නේ සමාජ තත්වයකි (social status). එය ‘සොන්ග්බන්’ නමින් හැඳින්වේ. මෙය පියාගෙන් දරුවාට ලැබෙන දායාදයකි. එම සමාජ තත්වය මත රජය විසින් එම දරුවා රජයට පක්ෂපාතී අයෙක්ද, ඔහුගේ/ඇයගේ පක්ෂපාතීත්වය දෝලනය වන්නක් ද නැතිනම් එදිරිවාදි අයෙකුදැයි පසුකාලීනව හඳුනාගනු ලබයි. දරුවන්ට හිමිවන සමාජ තත්වය අනුව ඔවුන් යායුතු පාසල, විශ්වවිද්‍යාලය තීරණය වන අතර ඔවුන්ට කම්කරු පක්ෂයේ සමාජිකයෙකු වීමට අවස්ථාව ලැබෙන්නේද යන්නත් තීරණය කෙරේ.

2. උතුරු කොරියාවේ දරුවන්ට බාලාංශයේ සිටම අද්‍යාපනය ලබාදේ. දෙමාපියන්ගේ කැමැත්ත මත වයස අවුරුදු 4 සිටම දරුවන් බාලාංශයට ඇතුලත් කරනු ලබති. නමුත්, වයස අවුරුදු 5 සම්පූර්ණ කල සෑම දරුවෙකුම බාලංශයට ඇතුල් කරවිය යුතු බව රජය නීතියක් පනවා ඇත. එරටේ දරුවන් පාසලකට ඇතුලත් කරගැනීමට නම් බාලාංශයේ වසරක් වත් අද්‍යාපනය ලබා තිබිය යුතු වීම අනිවාර්ය වේ.

3. ළමා නිවාස වල සිටින බොහෝ දරුවන් හට දෙමව්පියන් සිටිති. ඔවුන් ළමා නිවාස වල රඳවා තිබීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ ඔවුන්ව ‍රැකබලාගැනීමට තරම් ශක්තියක් ඔවුන්ගේ දෙමව්පියන් හට නොමැතිවීමයි. ළමා නිවාස වලින් අරන් සාදා ගන්නා දරුවන් නැවත ඒ ළමා නිවාසයටම භාර කලහැකි වීම හඳුන්වා දී ඇත්තේද මේ හේතුව නිසයි.

4. පාසල් වලදී, දරුවන් හට රුසියානු භාෂාව හෑදැරීමට අවස්ථාව සලසා ඇති අතර ලෝකයේ රාජ්යල නායකයින්ගේ චරිතාපදාන පිළිබඳව ඉගැන්වේ. කිම් ඉල් සුන්ග්,කිම් ජොන්ග්-ඉල් සහා කිම් ජොන්ග්-උන් යන විප්ලවකාරී වැඩසටහන් පිලිබඳ සංකල්ප ජනප්රි ය කරවීමේ අදහසින් ඒවා ජනගත කිරීම සඳහාම විශේෂයෙන් වෙන් කල පන්ති පාසල් තුල පවතියි. රුසියානු බස සමඟ ඉංග්‍රීසි බසත් ඔවුන් හට ඉගැන්වෙන අතර එහි ඉංග්‍රීසි සාක්ෂරතාව ඉතා පහළ මට්ටමක පවතියි. ඊට හේතුව වී ඇත්තේ ඔවුන් විදේශයන් හි පොත් පත් පරිහරණය නොකිරීමයි. වයස අවුරුදු 10 දී, සෑම දරුවෙකුම කොරියානු ළමුන්ගේ සංගමය (Korean Children’s Union) සාමාජිකත්වය ලබගන්නා අතර එතැන් පටන් දේශපාලම ‍රැස්වීම් සඳහා සහභාගී වීම අනිවාර්ය වේ.

5. සෑම ඉගැන්වීමක්ම සහා අනෙකුත් සමාජීය අවස්ථාවක්ම මතවාද ප්‍රචාරණය සඳහාම ඉලක්ක කෙරේ. පාසල් තුල දේශපාලනයට සම්බන්ධ පෝස්ටර් සුලබව ප්‍රචාරය කර ඇත. ඔවුන්ගේ පෙළ පොත් වල දේශප්‍රේමි පාඨ සඳහන් කර තිබේ. සාද වලදි දරුවන් දේශපාලනය සම්බන්ධ ක්‍රීඩා වල නිරත වෙති. දීර්ඝ නිවාඩු කාල වලදී දරුවන් විසින් යුධ පෙළපාලී සංවිධානය කරති. එහිදී ඔවුන් හමුදා නිල ඇඳුම් වලින් සැරසී කාඩ්බෝඩ් මෝටර් රථ සහා රොකට් ආකෘති ‍රැගත් පෙළපාලි වල ගමන් කරති.

6. එරට දරුවන්ට බර වැඩ කිරීමට සිදුවීම ඉතා සාමාන්යචය ජන ජීවිතයේම කොටසකි. ඵලදාව නෙලීමට, ගස් කැපීමට, පතල් හෑරීමට සහා ඉදිකිරිම් කටයුතු කරන ස්ථානවල ශ්‍රමිකයින් ලෙස දරුවන්ගේ ශ්‍රමය දායක කර ගැනීම සිදුකෙරේ. වැඩිහිටියන්ට සමානවම දරුවන්ටත් කම්කරුවන් සඳහා ලබා දෙන කෝටාවක් හිමිවේ. හරියාකාවර වැඩ නොකරන දරුවන්ට එරෙහිව දඩ නියම කරමින් දඬුවම් පැමිණ වීම පවා සිදුවේ.

7. සෙල්ලම් බෝනික්කන් ඇතුලු සාමාන්‍යය සෙල්ලම් බඩු එරට වෙළඳපොලවල් හි දැකගැනීමට ලැබේ. නමුත්, ඒ අතරේ තුවක්කු, යුධ ටැංකි, හෙලිකොප්ටර් යානා, වැනි සෙල්ලම් බඩු බහුලවේ. එරටේ ඇති විශ්වාසයට අනුව මෙවැනි සෙල්ලම් බඩු හරහා දරුවන්ගේ දේශප්‍රේමීත්වය ගොඩනඟන බවට පිලිගැනීමක් ඇත.

8. දරුවන් තම විවේකි කාලය තුලදී විනෝදාංශ සමාජ වල සමාජිකත්වය දරති. උදා: පියොන්ග්යෑංග් නගරයේ “පාසල් දරුවන්ගේ මන්දිරය” අරුත් දෙන ළමා සමාජයක් ඇති අතර එහිදී දරුවන්ට පරිගණක දැනුම, සංගීතය සහා චිත්‍ර කලාව හැදෑරීමට අවස්ථාව ලැබේ. ඔවුන් කැමති ලෙස ක්‍රීඩා වල නිරත වීමටත් දරුවන් හට අවස්ථාව හිමිවේ. කුඩා දිස්ත්‍රීක්ක වල පවා මෙවැනි ළමා සමාජ පිහි‍ටුවා ඇත. ඒවා පාසලට අනුබද්ධව පවත්වාගෙන යාම විශේෂත්වයකි. දරුවන්ගේ නැ‍ටුම් සංදර්ශණ පැවැත්වීම් එම ළමා සමාජ හරහා සංවිධානය කරනු ලබන ඒවා වේ.

9. දරුවන් සඳහා විනෝද වීමට බොහෝ අවස්ථා සලසා ඇත. නමුත් ඒවා සඳහා අවස්ථාව හිමිවන්නේ දෙමාපියන්ගේ වත්පොහොසත්කම් අනුවයි. පොහොසත් දෙමාපියන් විසින් ඔවුන්ගේ දරුවන් 3D සිනමාශාලා වලට, සත්වෝද්‍යාන වලට, සෙල්ලම් උද්‍යාන, මින්මැදුරු ආදී ස්ථාන නැරඹීම සඳහා කැ‍ටුව යති. දරුවන් සඳහා කොරියානු කා‍ටුන් වැඩසටහන් පමණක් රූපවාහිනිය හරහා විකාශය කෙරේ. රසකැවිලි සහා සංගීතයෙන් හැඩවූ විවිධ උත්සව අවස්ථාවන් එරටේ පවත්වනු ලබයි.

මේ කරුණු දෙස බැලීමේදී, අන් රටවල දරුවන්ට මෙන් දැඩි නිදහසක් ඔවුන්ට නොලැබුණත් ඔවුන් ඒ ජීවන රටාවට හුරු වී තිබෙන බව පෙනී යයි.