උඩ මළුවෙන් අඩි 25ක් යට ගුහාවක තියෙන ඇත්ත සිරිපතුල සියසින් දැක්ක චූටි මාමා කියන කතාව

සිරිපා කරුණාව කියන්න ලක් වාසී හැමෝම ගොඩක් භක්තියෙන් වගේම ගෞරවයෙන් කරන දෙයක් මොකද සමන් දෙවියන්ගේ ආරාධයක් මත අප ශ්‍රී සම්බුද්ධ ගෞතම බුදු රජාණන් වහන්සේගේ සිරිපතුල පිහිටවූ ස්ථානය වැඳ පුදා ගැනීමට ඇති භක්තිය නිසා, මේ ලිපිය කියවන ඔබත් අඩුම තරමින් එක වතාවක් වත් උතුම් ශ්‍රී පාධ පත්මය වන්දනා කිරීමට සමනල කන්ද තරණය කර ඇතිබවට සැකයක් නෑ, ඉතින් මේ කියන්නේ යන්නේ සිරිපා පත්මයේ ඇති බොහොම සුළු පිරිසක් පමක් දන්නා වචනයෙන් මිල කල නොහැකි රහසක් ගැන, අපේ කතාවේ කතා නායකයා මම ”චූටි මාමා” කියලා හඳුන් වන්නම් ඒ ඔහුගේ ගමේ අය ඔහුට අමතන විදිය ඉතින් අපි චූටි මාමා එක්ක කතාව ආරම්බ කළා,

  • සිරිපා අවාරේ කාලේ ගල් උළුවස්ස හම්බුන ගමන් මොකද හිතුනේ

ඇත්තම කියනවනම් මහත්තයෝ දැනට ලංකාවම පීරුවත් ඒ තැන දැකපු කවුරුවත් හොයාගන්න බෑ, මොකද අපි හයදෙනෙක් වගේ අපි හැමෝම බය උනා ඒ දොර එක්ක තිබ්බ ගුහාව දැකලා ඇතුල සෑහෙන්න කරුවලයි ඒ මදිවට හොදටම හුලග වැස්සක් එන්නත් වගේ හොඳටම කරුවල වෙලා තිබ්බේ ඉතින් අපි පුළුවන් ඉක්මනින් නායක හාමුදුරුවෝ දැනුවත් කළා,

  • මොනවා කියලද හාමුදුරවන්ව දැනුවත් කලේ

අපේ හාමුදුරුවනේ ගල් උළුවස්සක් එක්ක ලොකු ගුහාවක් තියෙනවා අතුල ගොඩක් කරුවලයි කියලා කිවුවා ඊට පස්සේ නායක හාමුදුරුවෝ කිවුවා ලකුණක් තියලා එතන ආපහු වහන්න කියලා ඒ ගමන වැහුවා ඒ ගල් වලින්ම තමයි වැහුවේ උළුවස්ස එහෙම්ම තියෙද්දී මැදින් ගල් තියලා බැන්දා එත් කවුරුවත් දන්නේ නෑ අපි පස් හය දෙනා විතරයි ඕක දැනන් හිටියේ හැටන් ශාලාවේ තැනක, පෙන්නේ නෑ කොතැනක තියෙනවද කියලා කියන්නෙත් නෑ, කියන විදියට ශ්‍රී පත්මය තියලා තියෙන්නේ ලොකු මැණික් ගලක

  • ඒ දොර ඇතුලේ මොනවද තියෙන්නේ

එක තමයි අපි හැමෝම බය උනා ඇතුලට යන්න අස්සට යන්න පුළුවන් දැන් මේ උලුවස්සකින් ඇතුලට යන්නේ අන්න එවගේ හැබැයි ඒක ගොඩක් උස නෑ සාමාන්‍ය කෙනෙක්ට යන්න පුළුවනි හැබැයි ගොඩක් ලස්සන මල් කැටයම් වගේ ඒවා තිබ්බ කොහොම උනත් කවුරුවත් ඉදිරිපත් උනේ නෑ මොකද ගොඩක් කරුවලයි ඇතුලට ගියොත් එන්න පුළුවන් වෙයිද දන්නෙත් නෑ උද මලුව ඔහොම තිබ්බට ගල යට ලොකු ගුහාවක් තියෙනවා ඒ ගුහාවේ දොර තමා ඒ තිබ්බේ
දැන් හැටන් ශාලාවේ ඒ ලකුණක් වත් නෑ ලකුණ තියපු අයනම් දන්නවා එහෙම නැතුව හොයන්න බෑ මට හොදට මතකයි ඒ තැන ඒ ලකුණත් මතකයි ඒක කාටවත් මගේ කටින් ගන්න බෑ ඒ තමා පත්මේ ලගට යන දොර එතන ඉදන් උඩමළුවට ආඩි විස්සක් විසිපහක් විතර තියෙනවා

  • චූටි මාමා ඇයි ඔය කියන දොරෙන් ඇතුලට ගියේ නැත්තේ

ඇත්තම කියනවනම් මහත්තයා එහෙම කලේ වෙන හේතුවක් නිසා නෙවෙයි කළු දෙබරු හන්දා දෙබරු පෙන්න නෑ හැබැයි දිෂ්ටිය තියෙනවා එතන දේවාලේ ගාව බේත් බඩු තියන තැනක් තිබ්බා එක පාරක් ඒවා අයින් කළා එතකොට එතන තිබ්බ මේසෙන් මතුවුනා කළු දෙබරු මහා රෑනක් විදින්නේ නෑ… මහා වැසි වලාකුලක් වගේ විදුලිය වගේ පියාබනවා මලුවම අදුරු උනා උන්ට ඊට පස්සේ මලුව වටේම පීරන්න ගත්තා ඊට පස්සේ තියලා බුදුන් වැන්දා කළු දෙබරු එකපාරටම අතුරුදහන් උනා ආපු තැනක්වත් හොයාගන්න බැරි උනා ඒවා තමා අනුහස් කියන්නේ

01.

02.

OLYMPUS DIGITAL CAMERA

03.

04.

05.

06.

07.

08.