‘ඉස්සර මාව එපා කියපු කෙල්ලෝ අද මගේ පස්සෙන් එනවා’ ජනප්‍රිය තරුව අනුෂ්ක කියන කතාව

‘වස්ති’ නම කියන ඇහුන ගමන් ෂෝෂල් මීඩියා භාවිතා කරන ඔබ හොඳින් ඔවුන් හඳුනනවා. වර්තමානයේ ෂෝෂල් මිඩියා රැල්ලේ මුල් පුරුක ‘වස්ති’ කිවොත් හරි. අපි අද කතා ‘වස්ති’ නිර්මාතෘ අනුෂ්ක උදාන ලියනගේ සමඟ. ජිවිතේ වෙනස්ම රැල්ලක් ඇති කරපු වස්තිවලින්ම අපි කතාව ආරම්භ කලොත්, “වස්ති කියන්නේ මෙච්චර කාලේකට බිහිවුන ෂෝෂල් මීඩියා රැල්ල. මමයි තඩියායි එකතු වෙලා පටන් ගත්ත ගමන අද ලොකු දුරක් ඇවිත් තියෙනවා. සිනමාවට ටෙලිනාට්‍ය වලට සම්මාන දෙන වේදිකා වල අද ෂෝෂල් මිඩියා වලට සම්මාන දෙන තැනට පත් වෙලා තියෙනවා. අද වෙද්දි වස්ති පටන් අරගෙන අවුරුදු පහක් විතර ගෙවුනත් එදා වගේම ප්‍රේක්ෂක ආදරේ අඩුවක් නැතුවම ලැබෙනවා.”

අනුෂ්ක පාසල් කාලේ ඉදන්ම ආස කලේ හාස්‍ය උපදවන වැඩ කරන්නද, ජිවිතේ වෙන බලාපොරොත්තු තිබුනේ නැද්ද, “මට මගේ ජිවිතේ තිබුන ලොකුම බලාපොරොත්තුව ගායකයෙක් වෙන එක. මම Al ගණිත අංශයෙන් ලියද්දි මම විෂයන් තුනම ෆේල්. ගෙදර අය මට බැන්නා සංගීතය කරනවට අට වසරේ ඉදන් ගායනට ආස වුන මම ගායනය අතාරින්න අකමැති වෙද්දි මගේ අක්කා මගේ දක්ෂතාවය අදුරගත්තා. ඉතින් ආර්ථික ප්‍රශ්න නිසාම සංගීත ගමනට බාධා ඇති වුනා. හැබැයි අනිවාර්යයෙන් දවසක මම ගායකයෙක් වෙනවා කියලා බලා,”

ඒ කියන්නේ ඉදිරියේදි අනුෂ්ක වස්ති බ්‍රෑන්ඩ් එකෙන් අයින් වෙනවා. “කොහෙත්ම නෑ. මේ වෙද්දි අපි වස්ති නම බ්‍රෑන්ඩ් එකක් කරලා ඉවරයි. මම මියුසික් පැත්තට ගියත් වස්ති කියන තැන නැති වෙන්නේ නෑ. මම අයින් වෙන්නෙත් නෑ. තඩියට යන්න දෙන්නෙත් නෑ. ඇත්තටම වස්ති කියන්නේ අපිට ඒක තනි වැඩක් නෙවෙයි”

අනුෂ්ක මේ වෙද්දි තනිකඩ කොල්ලෙක් කියලා හැමෝම දන්නවා, ආදරේ කරන පෙම්වතියක් නැද්ද විවාහ වෙන්න අදහසක් නැද්ද, “මට ආදරේ කරන්න කෙනෙක් නෑ. මම හිතන්නේ විවාහය කියන්නේ මනුස්සයෙක්ට ජිවිතේ කවදා හරි මුහුණ දෙන්න වෙන ස්වාභාවික විපතක්. ජිවිතේ කවදාවත් මම ඒක හදිසි අනතුරක් කරගන්න ලෑස්ති නෑ. ඒක හරි වෙලාවට මගේ ජිවිතේට එයි කියලා බලන් ඉන්නවා. හැබැයි මට සතුටුයි මොකද කාලයක් මාව ප්‍රතික්ෂේප කරපු කෙල්ලෝ පවා අද මට කතා කරන නිසා.” කියලයි. ඉතින් ඔයාලා හැමෝම ගොඩක් ආදරේ කරන අනුෂ්ක උදානගේ සුන්දර පින්තූර කිහිපයක් තමයි මේ.