‘ඉස්සර මට එයාව පෙනුණේ සුදු හා පැටියෙක් පැටියෙක් වගේ’ දිනූෂ සමග විවාහවුන නඳුනි කියපු කතාව

කාලෙන් කාලෙට අපේ රටේ විවිද ටෙලිනාට්‍ය හරහා අලුත් නළු නිලියන් රංගන ක්‍ෂේත්‍රයට පිවිසෙනවා. ඉතින් මේ දවස්වල අපේ රටේ තරුණියන්ගේ සිහින කුමාරයා වෙලා ඉන්නේ දිනූෂ දිසානායකයි. ඔහු මුලින්ම ජනතා ආදරය දිනාගන්නේ ‘පාවෙලා වළාකුලේ ඒවිද අම්මා’ කියන ටෙලිනාට්‍ය නිසා, මව අහිමි වුන තමන්ගේ දියණිය රැකබලාගෙන ඉන්න සැමියෙක් වටා ගෙතුන මේ කතාව ලංකාවේ අතිශය ජනප්‍රිය ටෙලිනාට්‍යක් බවට පත්වුනා, ඒ වගේම මේ දිනවල් ටීවී දෙරණ ඔස්සේ විකාශනය වන ‘ධරණී’ ටෙලිනාට්‍යයෙනුත් අපිට දිනුෂ දැකගන්න පුළුවන්.

දිනූෂ විවාහ වෙන්නේ නඳුනි සමග, ඔවුන් දෙදෙනා මුලින්ම හඳුනා ගන්නේ සංගීත පංතියකදී, ඉන්පසු වසර දෙකකට අදික කාලයන් මිතුරන් විදියට ආශ්‍රය කරලා තමයි ඔවුන් ආදරේ කරන්න පැරණ අරන් තියෙන්නේ. දිනූෂ කියන විදියට ඔහු මුලින්ම ආදරේ කරලා තියෙන්නේ නඳුනිගේ පෙනුමටලු. ඒ වගේම නඳුනි එක්ක කතාකරද්දී වගේම එයා එක්ක කතා කරද්දී එයාව ආශ්‍රය කරද්දී එයා තුළ තිබුණ හොඳ ගතිගුණවලට දිනූෂ ආසකළාලු. නඳුනි කියන විදියට නදුනිට දිනුෂව පෙන්නේ සුදු හාවෙක් වගේලු විශේෂයෙන්ම දිනුෂගේ තිබුණු හොඳ ගතිගුණ වලට තමයිලු ගොඩක් කැමතිවුනේ. ඉතින් දැන් මේ දෙපල විවාහ වෙලා ගොඩක් සුන්දර යුග දිවියක් කරනවා. ඉතින් අපිත් මේ දෙපලගේ සුන්දර දිවියට හදවතින්ම සුබ පතමු නේද.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.