‘ඉස්සර අපිට ගොඩක් අමාරුකම් තිබුනා’ අඟහරු මෙහෙයුමට ගිය ලංකාවේ මෙලනි කියන කතාව මෙන්න

කොළඹ ප්‍රදේශයේ උපන් මෙලනි නිලන්ති මහආරච්චි දරුවන් තිදෙනෙකු සිටින පවුලේ දෙවෙනි දරුවා. 10 වසර දක්වා ගල්කිස්ස උසස් බාලිකා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ ඇය උසස් පෙළ හැදෑරීම සඳහා බම්බලපිටිය ශුද්ධවූ පවුලේ කන්‍යාරාමයට ඇතුළත් වනවා. මෙලනිගේ කුඩා කාලය එතරම් සුන්දර කාලයක් නෙවෙයි කියලයි ඇය කියන්නේ. ” පොඩි කාලේ අපිට ගොඩක් අමාරුකම් තිබුනා මම තමයි පවුලේ එකම දුව. අපිට සිහින දකින්න තිබ්බ සම්පත් ගොඩක් අඩුයි. අපි නොදන්නා දේවල් ගැන අපිට සිහින් දකින්න බෑ, ඉතින් ඒ නිසා මම කවදාවත් ඉංජිනේරු වෘත්තිය, ගුවන් යානා ඉංජිනේරු තාක්ෂණය ගැන එහෙම සිහින දැක්කේ නැහැ මොකද මම ඒවා පිලිබඳ කිසිම දෙයක් දැනගෙන හිටියේ නැහැ. එත් මම විද්‍යාවට සහ ගණිතයට ඉස්කෝලේ යන කාලේ ගොඩක් දක්ෂයි. හැම තිස්සෙම ගණිතයට දුන්න තෑග්ග ගත්තේ මම ” ඇයගේ කුඩා කාලය පිලිබඳ මෙලනි අපිට පැවසුවේ ඒ වගේ කතාවක්.

මෙලනි නිලන්ති මහආරච්චි 2003 වසරේදී තම සැමියා සමග ඇමෙරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය වෙනවා. ඉතින් ඒ සංක්‍රමණයවීම පිලිබඳ ඇය පවසන්නේ මේ වගේ කතාවක්. “මෙගේ දුව ලැබුනට පස්සේ මම හිතුවා මම ගතකරපු ජීවිතයම එයාට ගතකරන්න දෙන්න බෑ කියලා. ඉතින් එහෙම හිතලා තමයි මම ඇමරිකාවට ආවේ. එතකොට ගැහැණු ළමයින්ටත් පිරිමි ළමුන්ටත් එක හා සමානව අධ්‍යාපනය ලබාදෙන්න පුළුවන් කියලා මම හිතුවා”

2003 වසරේදී ඇමෙරිකාවට පැමිණි මෙලනිට තමන්ගේ දක්ෂතා උරගාබලන්න ආසාවක් ඇතිවෙනවා. ඇයගේ ගණිත විෂයට ඇති දැඩි කැමැත්ත නිසාම, විශ්වවිද්‍යාලයකට ඇතුළත් වී ඉංජිනේරු ක්ෂේත්‍රය ඔස්සේ තවදුරටත් ඉගෙන ගන්න පුලුවන්ද කියලා ඇය සොයා බලනවා. ඉන්පසු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයෙන් වසර හතරකින් සිය ඉංජිනේරු උපාධිය සම්පූර්ණ කළ මෙලනි, ඉන්පසු ගුවන් යානා නිර්මාණ ඉංජිනේරු ක්ෂේත්‍රයේ වෘත්තීය ආරම්භ කරනවා. 2010 වසරේදී ඇය Space x සමාගම හා සම්බන්ධවනවා, Space x සමග සම්බන්දවූ ඇය මාස තුනක් ඇතුලත විදුලි පරිපථ නිර්මාණ අංශයේ ප්‍රධානියා ලෙස පත්වනවා. ඉන්පසු ඇය ඉන්පසු 2014 වසරේදී ඇය බෝයිං සමාගම හා සම්බන්ධ වෙනවා. එහිදී 777x සහ 787 වැනි ගුවන් යානා නිර්මාණයට සිය දැනුම ලබාදෙනවා.

සඳ තරඟයෙන් පසුව මිනිසා ඊළඟට ඊළඟට ඇස යොමුකළේ අඟහරු (Mars) ග්‍රහයා වෙත. ඉතින් පසුගිය දිනක අඟහරු ග්‍රහයා වෙත යැවූ ‘Mars Rove’r යානයේ විද්‍යුත් පරිපථ යාන්ත්‍රික සැලැස්ම නිර්මාණය කලේ මෙලනි නිලන්ති මහආරච්චි විසින්. එහි විශේෂතම සිදුවීම වන්නේ ඇය ඒම යානයේ විද්‍යුත් පරිපථ යාන්ත්‍රික සැලැස්ම නිර්මාණය කරලා තියෙන්නේ තනියමයි, ඒ සිදුවීම පිලිබඳ ඇය පවසන්නේ මේවැනි කතාවක්, ” මගේ එක හීනයක් තිබුනා නසා එකත් එක්ක එකතුවෙලා වැඩ කරන්න, ඇත්තටම නාසා එකට සම්බන්ධ වෙන එක ගොඩක් අමාරුයි. මගේ ප්‍රධානියා මාව LinkedIn එකෙන් දැකලා මැසේජ් කරලා ඇහැව්වා රැකියා අවස්ථාවක් සම්බන්දව එයත් එක්ක කතා කරන්න කැමති ද කියලා. මම ඒ වෙද්දී බෝයිං සමාගමේ වැඩ කළේ. ඉතින් මම කිවුවා බෝයිං සමාගම මට හොදට ගෙවනවා Mars Rover නිර්මාණ සැලසුම් අංශයට බඳවා ගන්නවා නම් විතරක් මම එන්නම් කියලා, ඒ අයගේ සම්මුක සාකච්ඡා දවසෙ ම තිබ්බා. 10 දෙනෙක් විතර මාත් එක්ක කතා කළා පැය 8ක් විතර අන්තිම වෙද්දී මට ගොඩක් මහන්සියි, අවසානයේ මගේ ඉල්ලීමට ඔවුන් කැමති වුනා.

ඊට පස්සේ මම මගේ ප්‍රධානියාට කිව්වා කිවුවා මේක ගොඩක් සංකීර්ණ වැඩක් මේක තුන් හතර දෙනෙක් කරන්න හැදුවොත් වෙන්නේ අර ආඬි හත් දෙනාගේ කැඳ හැලිය වගේ වෙන එක, ඒ නිසා මම මේක තනියම කරන්නම් කියලා ඔවුන් එකටත් එකඟ වුනා, ඉතින් ‘Mars Rove’r යානය සාර්ථක ලෙස අඟහරු වෙත ගොඩබෑවා. එම යානයේ නිෂ්පාදන කටයුතු නිම වීමත් සමග මෙලනි 2019 වසරේ ජනවාරි මාසයේදී නාසා ආයතනයෙන් අස් වී තිබෙනවා.
ලංකාවේ ඉපිද ලෝකෙටම වැඩ පෙන්වූ මෙලනි නිලන්ති මහආරච්චි පිලිබඳ ඇත්තටම අපිට ගොඩක් ආඩම්බරයි නේද.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.