‘ඉස්සරත් මම ධරණී වගේම තමා’ කොන්ඩෙන් ඇදපු කොල්ලගේ කන රතු කරපු හෙශානි කියන කතාව

වෙනස් වු චරියක් ඔස්සේ ධරණි ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතය හරහා ඔබේ හදවත සොරා ගන්නට පැමිණි සුරූපිනිය ගැන නම් මේ වන විට නොදන්නා කෙනෙක්  නැති තරම් කිවොත් නිවැරදයි.ඇය නමින් හේෂානි ලියදිපිට. හේෂාණිගේ උපන්ගම අංගොඩ.ඒ වගේම ඇයගේ පවුලේ අම්මා, අප්පච්චී, අක්කයි, අයියයිලු.ඇය තමයිලු පවුලේ බාලයා. හේෂානි අධ්‍යාපනය හදාරන්නේ යශෝදරා බාලිකා විද්‍යාලයෙන්. ඇය සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හදාන අතරේ ගෙදරට හොරෙන් පැමිණ නොහිතපු ලෙස පළමු දහ දෙනා අතරට තේරි පත්ව දෙරණ 2020 වසරේ අවුරුදු කුමරිය තරගය ජයග්‍රහණය කරමින් කලා ලෝකයට පා තබන්න ඇය දොරටු විවර කර ගන්නවා. හැඩකාර, දගකාර., විසේකාර චරිතයක් වන හේෂානි  සෞන්දර්ය සරසවියේ තෙවනි වසරේ උපාධි අපේක්ෂිකාවක් වනවා.බොහෝ දෙනාගේ ආදරය ආකර්ෂණය දිනා ගත් ඇය දැන් පුංචි තිරයට නැතුවම බැරි චරිතයක්. බොහෝ දෙනා ඇය ගැන වැඩිපුරම කතා කරන්නෙ ධරණිගේ සටන් කිරීමේ හැකියාව ගැන. මොකද ඇය එම නාට්‍යයේ  තාත්විකව සටන් ජවනිකා  ඉතාමත් දක්ෂ ලෙස  ඉදිරිපත් කරන නිසා ඇය තම පළමු ටෙලිනාට්‍ය තුළින් සුමති සම්මාන උළලේ ජනප්‍රියම නිළිය සදහාද නිර්දේශ වී තිබෙනවා.එය ඇගේ ගමනේ ආරම්භක පරිච්ඡේදයක් කිවොත් හරි.

ඇය ඇගේ ජිවිතේ ආව ගමන ගැන කිවේ වෙනස්ම මතක පිරි අවර්ජනාවක්. ඇය ජිවිතේ දිනන හැම සුන්දර මොහොතකම වැඩියෙන් සතුටු වන්නේ තම පියා බව ඇය කියා සිටියේ දියණියකගේ යෝධ සෙවනැල්ල පියෙකු බව පසක් කරමින්. ගෙදර අන් අයද සතුටු ⁣වෙනවා වුවත් ඇය පියා ගැන විශේෂයෙන් සදහන් කලේ ඒ නිසාවෙනුයි. මාර්ෂල් ආර්ට් ටෙලිනාට්‍ය අවශ්‍ය නිසාම ඉගෙන ගත් බවත් ඉන් පෙර ඇය එය හදාරා නැති බවත් පැවසුවා.

එහෙත් කෙල්ලෙක් වු විට සටන් කලාව ඉගෙන ගැනිම අත්‍යවශ්‍ය කරුණක් ලෙස ඇය කියා සිටියේ වර්තමානය ලෝකයේ නැතිනම් ජිවත් විමට නොහැකි නිසා. ඇය පාසල් කාලයේදි පිරිමි ළමයෙක් පහර දුන් බවද කියා සිටියේ ඇයට උපතින්ම සටන් කලාව උරුම වු බවට නිදසුනක්ද ගෙන පෙන්වමින්. ඇගේ කොණ්ඩය ඇදිමට මිතුරන් හා කතා කළ පිරිමි ළමයෙකුට බස් එකෙන් බැස ගැසුවේ නැවත එවැනි දේවල් නොවන්නට බවද පැවසු⁣වා. ඒ වගේම ඇය පැවසුවේ ‘මම ඉස්සරත් ධරණී වගේම තමා’ කියලයි. කෙසේ වුවත් ඇය යන ගමන වෙනස් මාවතක්. ගැහැණියකට වලක් කපන්නේ තවත් ගැහැණියක්. නමුත් එසේ කරන පිරිමිද නැතුවාම නොවෙයි. ගැහැණියක තමන්ගේ ගමන යා යුත්තේ බොහෝ බාධක මැඩගෙන නිසාම ඇගේ හැකියාව ඇයට රුකුලක් වන බව නොඅනුමානයි.

ඇගේ ජිවිතේ ඇයට ඇය විදිහට ඉන්න දෙන ඇය තේරුම් ගත් ඇගේ ගති පැවතුම් වෙනස් නොකරන ආදරයකට ඇගේ හදවතේ ඉඩ ඇති බවත් ඇය කියා සිටියා. මිල, මුදල්, යාන, වාහන නෙවෙයි ජිවිතයකට අවශ්‍ය තේරුම ගැනිමයි. ඇයට ඇය හොයාගන්න ඉඩ දෙන අයෙකුට ඇයගේ ජිවන සහකරුවා විමට ඉඩ තියෙන බව ඇය ඉන් අදහස් කලා. කෙටියෙන් “මම ඉන්න විදිහට කැමති කෙනෙකුට මගේ ජිවිතේ ඉඩ තියෙනවා” යනුවෙන් ඇය පවසා සිටියා. ඇයට ලස්සනයි කියා ඇය දමන ෆොටෝ වලට කවුරු මොන දේ කිවත් ඒ සියල්ල ඇය සතුටින් භාරගන්නා බවද කියා සිටියා. මොකද එක එක පුද්ගලයි දකින විදිහ වෙනස් නිසා. එමෙන්ම ඇය ඇයට අවශ්‍ය දේ ⁣මිසක් ලෝකයට අවශ්‍ය දේ නොකරන බවත් අවසාන වශයෙන් කියා සිටියා.

01.

02.

03.

04.

05.

06.

07.