ඉවතලන කෙසෙල් පොතු වලින් ලබාගත හැකි අපූරු ප්‍රයෝජන 10 ක්

කෙසෙල් කියන්නේ බොහෝ දෙනෙක් ප්‍රිය කරන පලතුරක්. කෙසෙල් අනුභව කිරීමෙන් පසු අපි එහි ලෙල්ල ඉවත් කරනු ලබනවා. නමුත්, ඔබ දන්නවාද මේ කෙසෙල් පොතු වල ඉතා ඉහළ පෝෂක ගුණ පවතින බව? ඔබේ සුන්දරත්වය ආරක්ෂා කරගත හැකි රූපලාවන්‍ය සත්කාරය ලෙස වගේම ඒවා වෙනත් ප්‍රයෝජන කිහිපයක් සඳහාම භාවිතා කල හැකියි. ඉවත දමන කෙසෙල් පොතු වලින් ලබාගතහැකි ප්‍රයෝජන මොනවාද කියලා අපි බලමු!

01. කුරුලෑ ස්වභාවයන් අඩු කිරිමට උපකාරී වේ

කෙසෙල් පොතු වල විටමින් සී සහා ඊ පෝෂක මෙන්ම, පොටෑසියම්, සින්ක්, යකඩ සහා මැග්නීසියම් පෝෂක බහුලව අඩංගු වේ. මෙම පෝෂක සංඝටක මඟින් ප්‍රදාහයට (ඉදිමුමට) ලක්වූ සම ක්‍රමයෙන් සමනය කරවමින් කුරුලෑ මතුවීම අවම කරවයි. මේද ද්‍රාවක සංඝටක වන ලුටෙයින් සහා කැරොටෙනොයිඩ ද කෙසෙල් පොතු වල අන්තර්ගත වේ. ඒවා ද සම මත සත්කාරක පෝෂක සේ ක්‍රියා කරමින් සමේ ඉදිමුම අඩුකරමින් කුරුලෑ මතුවීමට ඇති ඉඩකඩ අවම කිරීම සිදුකරයි.

  • සම මත කෙසෙල් පොත්තේ ඇතුල් පැත්ත ආලේප කර මිනිත්තු 5-10 ක් පමණ සම මත තිබෙන්නට හරින්න.
  • සම හොඳින් පිරිසිදු කර තෙතමාත්තු කරගන්න.
  • දිනකට දෙවරක් මෙම සත්කාරය සිදුකරන්න.

02. සම ‍රැළි වැටීම අවම කිරීමට උපකාරී වේ

සමේ තද බව සහා නම්‍යශිලී බව ඉවත්ව යාමත් සමඟ සම ‍රැළි වැටිම සිදුවේ. කෙසෙල් පොතු වල ඇති විටමින් සී පෝෂක ගුණ සහා ප්‍රති-ඔක්සිකාරක ගුණ මඟින් එසේ සම ‍රැළි වැ‍ටුණු ස්වභාවයකට ලක්වීම අවම කරනු ලබයි.

  • සම මත කෙසෙල් පොත්තක් ආලේප කර මිනිත්තු 30 ක් පමණ හෝ රාත්‍රිය පුරා සම මත තිබෙන්නට හරින්න.
  • සම හොඳින් සෝදා පිරිසිදු කරගනිමින් මොයිෂ්චරයිසින් ක්‍රීම් වර්ගයක් ආලේප කරගන්න.
  • මෙය සතියකට තෙවරක් පමණ සිදුකරන්න

03. රීදී භාණ්ඩ වර්ග පොලිෂ් කරගැනීමට භාවිතා කල හැකියි.

කාලයත් සමඟ රිදී භාණ්ඩ වල අලුත් පෙනුම නැතිනම් මතුපිට දිලිසෙන සුලු බව ඉවත් වි දුර්වර්ණ වී යයි. මේ සඳහා ඇති හොඳම ක්‍රමය වන්නේ කෙසෙල් පොතු වලින් ඒවා පිරිසිදු කරගැනිමයි. කෙසෙල් පොතු ඇතුල් පැත්තේ අඩංගු පොටෑසියම් සංයුතිය මඟින් ලෝහ භාණ්ඩ වල පිරිසිදු කරගැනීමට උපකාරී වේ.

  • කෙසෙල් පොතු කිහිපයක් බ්ලෙන්ඩර් කරගන්න
  • එයට ජලය කෝප්ප බාගයක් පමණ දමා මිශ්‍ර කරගන්න. තලපයක් වන තුරු හොඳින් කලවම් කරගත යුතුයි.
  • දැන්,මෙම මිශ්‍රණය භාවිතා කරමින් ඔබේ නිවසේ ඇති රිදී භාණ්ඩ අතුල්ලමින් හොඳින් පිරිසිදු කරගන්න.

04. සම මත ඇනී ඇති කුඩා වීදුරු ක‍ටු,පතුරු කැබලි ඉවත් කරගැනීමට උපකාරි වේ

 කෙසෙල් පොතු වල ඉහළ එන්සයිම සංයුතියක් ඇත. ඒවා මඟින් සම තුල ඇනී තිබෙන කුඩා ක‍ටු, පතුරු ආදී ආගන්තුක ද්‍රව්‍ය පහසුවෙන් සම මතුපිටට ඇදීම සිදුකරයි. එවිට ට්විසරයක් භාවිතයෙන් ඒවා ඉවත් කරගැනීම පහසු වේ.

  • යමක් ඇනී ඇති සම මත කෙසෙල් පොත්තක් ආලේප කරගන්න. ඒවා මිනිත්තු 15 ක් පමණ සම මතුපිට ‍රැ‍ඳෙන්නට දෙන්න.
  • ඇතිල්ලීම සිදුනොකර ප්‍රවේශමින් ඒවා සමෙන් ඉවත් කරගන්න. සම මතුපිටට පැමිණ ඇති ඇනි තිබූ ද්‍රව්‍ය ඉවත් කරගන්න.

05. කොම්පෝස්ට් පොහොර පහසුවෙන් සකසා ගත හැකියි

ඔබේ ගෙවත්තේ කොම්පෝස්ට් පොහොර සකසන බඳුන තුලට කෙසෙල් පොතු දමන්න. එහි අඩංගු කැල්සියම්, මැග්නීසියම්, සල්ෆර්, පොස්ෆේට්,පොටෑසියම් සහා සෝඩියම් ගුණ පස පෝෂණය කරයි. ඒවා ඔබේ ශාක වර්ග වල වර්ධනයට ඉතා හිතකර සහා අත්‍යවශ්‍ය පෝෂක වන නිසා ඔබට සරුසාර ඵලදාවක් ලබාගත හැකිවේවි.

  • ඔබේ ගෙවත්තේ ඇති පැළ වලට සහා පැළ බඳුන් වල පස් වලට යටින් කැබලි කැපූ කෙසෙල් පොතු යටකරන්න(මුල් වලට ආසන්නයේ). ඒ සමඟම පැළවලට ජලය වත්කරගන්න.

06. දත් සුදු කරවයි

බ්ලූබෙරි, රාස්ප්බෙරි වැනි කහට සහිත පලතුරු වර්ග මෙන්ම තේ, කෝපි ඇතුලු විවිධ පාන වර්ග නිසා දත් අවපැහැගැන්වීම සිදුවේ. කෙසෙල් පොතු වල අඩංගු පොටෑසියම් ගුණ මඟින් දත් වල කහ පැල්ලම් ස්වභාවය ඉවත් කරමින් දත් සුදු කිරීම සිදුකරයි. දිනපතා දත් මැදීමෙන් පසුව කෙසෙල් පොත්තක ඇතුල් පැත්ත දත් වල ආලේප කරමින් මිනිත්තු 2 ක් පමණ තිබෙන්නට හරින්න. ඉන්පසුව, නැවතත් දත් පිරිසිදු කරගනිමින් මුව හොඳින් සෝදාගන්න. මෙය දිනපතා සිදුකිරීමෙන් හොඳ ප්‍රතිඵල ලබාගත හැකි වේවි.

07. කැලැල් පිටතට පෙනෙන ස්වභාවය අවම කරවයි

සම ඉදිමීම, රතුවීම සහා කැලැල් හිටීම වැනි සමේ ඇති වන අපහසුතා සමනය කිරිමේ විශේෂ ගුණයක් කෙසෙල් පොතු වල ඇත.එන්ටරීභවනය වූ මේද අම්ල (esterified fatty acids) ‍රැසක් කෙසෙල් වල අඩංගු වේ. ඒවා කැලැල් ස්වභාවයන් ඉවත් කිරීමේ ගුණයෙන් යුතු නිසා ඒවා පිටතට පෙනීම අවම කිරීම සිදුකරයි. සමේ කැලැල් ඇති තැන් වල කෙසෙල් පොතු ආලේප කර පැයක් පමණ හෝ රාත්‍රිය පුරා තිබෙන්නට හරින්න. මෙය දිනපතා සිදුකිරීම සුදුසුය.

08. හිසරදයන් සමනය කරයි

හිසරදය සහා මිග්‍රේන් තත්වයන් නිසා පීඩා විඳින්නන් හට කෙසෙල් පොතු ස්වභාවික ප්‍රතිකාරයක් ලෙස භාවිතා කල හැකියි. මේ සඳහා කෙසෙල් පොතු වල ඇති පොටෑසියම් ගුණ බෙහෙවින් උපකාරී වේ. නළලත සහා බෙල්ල පි‍ටුපස කෙසෙල් පොතු ආලේප කිරීමෙන් හිසරදය නිසා ඇතිවන වේදනාවන් සමනය කරගත හැකියි.

  • පළමුව, කෙසෙල් පොතු ශීතකරණයේ පැයක් පමණ තබගන්න.
  • එක් කෙසෙල් පොත්තක් නළල හරහට ආලේප කරගන්න, තවත් පොත්තක් ගෙන බෙල්ල පි‍ටුපස ආලේප කරගන්න.
  • කෙසෙල් පොත්ත උණුසුම් වන තුරු එහිම තබන්න
  • හිසරදය සමනය වන තුරු සිසිල් කෙසෙල් පොතු වලින් මෙම ප්‍රතිකාරය නැවත සිදුකරන්න.

09. මස් වල මෘදු ගතිය වැඩි කරවයි

මස් කැබලි වල මෘදු මොලොක් ගතිය ආරක්ෂා කරගැනීමට ඉදුණු කෙසෙල් පොත්තක් මස් පිසගනිමින් සිටින පෑන් එකට එකතු කරගන්න. උඳුනකට දමා මස් පිසගන්නා විටද මේ ක්‍රමය භාවිතා කල හැකියි. මෙමඟින් මස් උඳුන තුල පුලුස්සා ගන්නා විට පවා මස් වල තෙතමනය සහිත ස්වභාවය සහා සුවඳ වැඩි කරගත හැකියි.

10. සමේ කසන සුලු බව සුවපත් කරන ප්‍රතිකාරයක් ලෙස

කෙසෙල් පොතු වල ඇති හිස්ටමීන් පෝෂක වන මැග්නීසියම්,විටමින් සී සහ විටමින් ඊ පෝෂක බහුලය.එමඟින් සතුන්ගේ දෂ්ට කිරීම්, විෂ විමක් නිසා ඇතිවන සමේ ආසාත්මිකතා, සමේ වියළි බව නිසා හටගන්නා කසන සුලු ස්වභාවය සුවපත් කරගැනීමට කෙසෙල් පොතු ආලේප කිරීමේ ප්‍රතිකාරය සිදුකල හැකියි. ගැටලුව සහිත සම මත කෙසෙල් පොතු ආලේප කරගන්න. මිනිත්තු 10-15 ක් පමණ තිබෙන්නට හරින්න. ඉන්පසුව, සෝදා පිරිසිදු කරගන්න. මෙම සත්කාරය නැවත නැවත සිදුකිරීමෙන් ඉක්මන් ප්‍රතිඵල ලබාගත හැකි වනු ඇත.