ඉඳගෙන සිටිද්දී ඔබ පාද තබාගන්නා ආකාරය අනුව ඔබේ පෞරුෂත්වය ගැන හෙලි කරන දේවල්

පුද්ගලයෙකුගේ මනා පෞරුෂත්වය ඔහුගේ ශරීර භාෂාව (body language) තුලින් ද පිලිඹිබු වේ. කතා විලාසය තුලින් පමණක් නොව ඔබගේ හැසිරීම් තුලින් ද ඔබ පිලිබඳව  බොහෝ දේ අන් අය විසින් අවබෝධ කරගනිති. කෙනෙකු වාඩි වී සිටින ආකාරය ද යම් පුද්ගලයෙකුගේ  විනිත පෞරුෂත්වය ගැන ඉඟි සපයන ලක්ෂණයකි. මේ පින්තූරයෙන් දැක්වෙන ආකාර 5 අතරින් ඔබ වාඩි වීමෙදි අනුගමනය කරන ඉරියව්ව අනුව ඔබේ පෞරුෂත්වය ගැන හෙලි කරන්නේ මොනවාද කියා ඔබට පහත කරුණු වලින් දැනගත හැකියි.

දැනුමක් නොමැති අනුවණ පුද්ගලයෙකි.

දණහිස් එකිනෙකට තබාගෙන දෙපතුල් දෙපසට තබා ඉඳගෙන සිටින ඉරියව්වෙන් අදහස් වන්නේ එම පුද්ගලයා ආත්මවිශ්වාසයකින් යුතුව අභියෝග වලට මුහුණ දීමේ හැකියාවක් නොමැති අයෙකු බවයි. මෙවැනි පුද්ගලයින් නිතරම අන් අය පිට වරද පැටවීමට කටයුතු කරන අය වෙති. ඔවුන් කුඩා දරුවන් මෙන් හැසිරෙති.  හොඳින් සිතාමතා හෝ අවබෝධයකින් යුතුව කතාබහ කරන අය නම් නොවේ.

සිහින ලෝකයේ ජීවත් වන පුද්ගලයෙකි.

කකුල මත අනෙක් කකුල තබා ඉඳගෙන සිටීමට හුරුවී සිටින පුද්ගලයින් බොහෝ විට සැබෑ ලෝකයේ දේවල් වලට වඩා සිතින් මවාගත් ලෝකවල ජීවත් වන්නන් වෙති. සාමකාමී සැහැල්ලු බව, ගවේෂණ සහා සංචාරය කිරීම් සහා සදාතනික සතුට වැනි දෑ අපේක්ෂා කරන්නන් වෙති. ඔවුන් ජිවිතයේ සුඛෝපභෝගී සහා උපරිම සැපපහසුකම් විඳිමට උත්සාහ කරන අය වෙති.

සැපපහසුව අගය කරන පුද්ගලයෙකි.

ජීවිතයේ සැපපහසුව සලසා ගැනීම අන් සෑම දෙයටම වඩා වැදගත් බව සිතන අය අප අතර සිටිති. එබැවින් ඇඳුම් පැලඳුම් වැනි ඉතා සුලු කාරණා වලදී පවා ඔවුන් මුල් තැනක් දෙන්නේ වඩාත් සැපපහසුව ලැබෙන දේවල් සඳහායි. තමන්ට වඩාත් අවශ්‍ය දේ කුමක් ද කියා ඔවුන් හොඳින් හඳුනති. ඔවුන් තරමක් අපිළිවෙල අය ලෙස අන් අයට හැඟී යාමට ඉඩ ඇත. මෙවැනි පුද්ගලයින් සතුව හොඳින් ගැටලු නිරාකරණය කිරීමේ හැකියාව ඇති බවත් සඳහන් වේ.

ඉතා විනීත විනයානුකූල පුද්ගලයෙකි

ඇතැම් පුද්ගලයින් විසින් විනය යන්න ජීවිතයේ හරය ලෙස සලකති. ඔවුන් නිතරම විනයානුකූල ජීවිතයක් ගත කිරිමට පෙලඹෙන අය වෙති. ප්‍රමාදය සහා මන්දගාමී බව ඔවුන් විසින් පිලිකුල් කරන දේවල් ය.එවැනි පුද්ගලයින් ඇසුරට මොවුන් අකමැතිය. ඔවුන් තම හැඟීම් සහා චිත්තාවේග ප්‍රකාශ කිරීමට ලැජ්ජාශිලි බවක් දක්වන පුද්ගලයන් විය හැකියි. නමුත්, අලුත් පුද්ගලයින් මුණගැසී හඳුනාගැනීමට සහා ඔවුන් සමඟ අන්තර්සබඳතා ඇති කර ගැනීමට පෙලඹෙන ආකාරයේ සමාජශීලි පුද්ගලයන් ලෙස ද හැඳින්විය හැකියි.

සැහැල්ලුවෙන්  ජීවත් වන පුද්ගලයෙකි

මෙවැනි පුද්ගලයින් කිසිදු කාර්යකදී හදිසියකින් කටයුතු කරන අය නොවෙති. කිසිවිටෙක කලබලයක් නොදක්වති. ඔවුන් කටයුතු කරන්නේ ඔවුන්ගේම සිතැඟි වේලාවන් වලටය. නමුත් ලෝකයා ඔවුන්ව බොහෝ විට ඉතා කම්මැලි සහා වැඩ කල් දමන පුද්ගලයින් ලෙස සිතීමට ඉඩ ඇත. නමුත්, කවුරු කොහොම කිව්වත් ඕනෑම දෙයක් සිදුකිරීමට නිසි වෙලාවක් තිබෙන බවයි මොවුන් විශ්වාස කරන්නේ.