‘ඉන්ද්‍රජාපා මට ගොඩක් දේවල් කියලා තියෙනවා’ හුරතලේට පූසෙක් හදන සමනලී කියන කතාව

ලංකාවේ නිළි රැජින මාලනි ෆොන්සේකා උපතින්ම සිය නැන්දනිය වූ ඇය සමනලි ෆොන්සේකා. කාලෙන් කාලෙට ඇය ගැන විවිද කතා පැතිරුනා. කොහොම වුනත් මේ කට කතා පිලිබඳ දැනගන්න අපි ඇය සමග කතා කළා. සමනලි මේ දැන් ගොඩක් ජනප්‍රියයි ප්‍රසිද්ද වෙන්නද මේ හැම දේම කලේ, “ප්‍රසිද්ධ වෙන්න බලාගෙන මම දේවල් කරන්නේ නෑ. හැබැයි මම කරන නිර්මාණ මම හොදට හිතලා බලලා කරනවා. ඒ විතරක් නෙවෙයි මගේ හතරවෙනි ගීතය ‘හාදුවක්’ කියන එක රසිකයන් අතරට ගිහින් තියෙනවා”

‘හාදුවක්’ ගීතය මේ තරම් ආදයෙන් ප්‍රේක්ෂකයා වැළද ගන්න හේතුව මොකක්ද, “ගීත ගායනට කියන දේදි මම ⁣කලක් නිහඩ හිටියා. හැබැයි මට ‘හාදුවක්’ කියන ගීතය කරද්දි ඒක වෙනස්ම තේමාවකට කරන්න හිතුනා. ඇත්තටම ආදරේ කියන්නේ රාගයට එහා ගිය හැගිමක්. මේ ලෝකේ පෙම්වතුන්ට හිමි තැන කොතනද, සමාජය ඔවුන් දකින්නේ කොහොමද, ආදරය කියන තැනදි කරුණාව සෙනෙහස ගලාගෙන යන්නේ කොහොමද, මේ හැමදේම කැටි කරලා තමා මේ නිර්මාණය බිහි වෙන්නේ,”

රංගන ශිල්පිනියක් විදිහට සමනලි කියන්නේ කියන්න තියෙන දේ නොබියව පවසන කෙනෙක්, ඒගැන මොකද හිතන්නේ, “මේකයි රංගන ශිල්පින් කියන්නේ අඩාගෙන තමන්ගේ දුක කියාගෙන ප්‍රක්ෂේකයන්ගෙන අනුකම්පාවක් ලබා නොගන්න අය වෙන්න ඕන. අනික අපි හරිනම් අපි අවංකත්වය වෙනුවෙන් කතා කරන්නඕන.”

ඔබට රසිකයන්ගේ ආදරෙ ගැන මොනාද කියන්න තියෙන්නේ, “මට ආදරේ කරන රසිකයන් ගොඩක් ඉන්නවා. මම ප්‍රසංසා කරන අය ඉන්නවා. ඉතින් ඒ අය හැමදාම මමත් එක්ක ඉන්නවා හැබැයි ඒ අතරේ මට වෛර කරන අයත් ඉන්නවා මගේ හිතේ වෛරයක් නෑ. ⁣මම මට වෛර කරන අයට වුනත් කියන්නේ එයාලාට ඒ වෛරය එක්කම ඉන්න කියලා. මොකද මම කාටවත් වෛර කරන කෙනෙක් නෙවෙයි.”

ඔබේ අතගත් ඉන්ද්‍රජාපා ඔබේ ගමනට දක්වන සහයෝගය කොහොමද? “එයා මට හරි දේ කරන්න උදව් කරනවා. අපි දෙන්නා එකම දේ කරන්න ඕනි කියලා නියමයක් නෑ. එයා මට කියන්නේ කරන දේ ඉගෙන ගෙන හරියට කරන්න. එයා වෙලාවකට මට කියනවා ඇයි ඔයා සංගීතය කරන්නේ කියලා.

ඒ වෙලාවට මම කියනවා ආසාවට කියලා. ආසාවට විතරක් කරලා බෑ ඒක වෘත්තීයක් විදිහට කරන්න ඉගෙන ගන්න කියලා එයා මට කියලා දෙනවා. ඉතින් අපි අපේ ගමන සහයෝගයෙන් යනවා. මොකද අපිට කා එක්කවත් තරඟයක් නැති නිසා.” ඉතින් ඔයාලා හැමෝම ආදරේ කරන සමනලීගේ සුන්දර පින්තූර කිහිපයක් තමයි මේ.