ඇස් වශී කරවන ලෝකයේ ලස්සනම ළමුන් 15දෙනා

මුලු ලෝකයේම අවධානය දිනා ගැනිමට සමත් වුණු පොඩිත්තෝ කිහිපදෙනෙකු ගැන පළවූ පුවතක් ගැනයි අද අපි ඔබත් සමඟ තොරතුරු බෙදාගන්නේ. මේ පුවතේ විශේෂත්වය තමයි මේ ලැයිස්තුවේ ඉන්න සෑම පුංචි සිඟිත්තාම තමන්ගේ අසාමාන්‍යය සුන්දරත්වය සහා ආකර්ෂණීය පෙනුම නිසා ලෝකයෙම ආදරයට පාත්‍ර වෙමින් දැඩි අවධානයක් දිනා ගැනීමට සමත් වූ ළමා නිරූපණ ශිල්පීන් ශිල්පිණියන් වීම. ලස්සන නිසාම මුලු ලෝකයක් කතාබහ වෙන මේ පොඩිත්තෝ ටික කවුද කියා දැන් අපි බලමු.

01. Graylee Mae-ඇමෙරිකා එක්සත් ජනපදය (වයස අවුරුදු 3)

ඇය ප්‍රසිද්ධ ඇමෙරිකානු පාපන්දු ශූරයෙකු වන Lance Moore ගේ වැඩිමහල් දියණියයි.

02. Violetta Antonova- රුසියාව (වයස අවුරුදු 5)

ළමා ඇඳුම් සන්නාම ‍රැසකට නිරූපණයෙන් දායක වන මේ සිඟිත්තියට තමන්ගේම කියලා Instagram  පි‍ටුවකුත් තිබෙනවා. ඇයගේ මව ඇයගේ බොහෝ තොරතුරු සහ ඡායාරූප එහි පලකර තිබෙන අයුරු දැකිය හැකියි.

03. Arisha Lebedeva- රුසියාව (වයස අවුරුදු 5)

ඇය සුප්‍රසිද්ධ නිරූපිකාවක් වන Elena Perminova ගේ දියණියයි.

04. Jare Ijalana- නයිජීරියාව (වයස අවුරුදු 6)

එක්තරා ඡායාරූප ශිල්පියෙකු විසින් ලබාගෙන තිබූ ඇයගේ ඡායාරූප එකතුවක් අන්තර්ජාලය කැලඹීම නිසා ඇය ලෝකයේම අවධානය දිනාගැනීමට සමත්වුණා කිව්වොත් නිවැරදියි. ඇයගේ සහෝදරියන් දෙදෙනා ද ඇය මෙන්ම නිරුපිකාවන් සේ කටයුතු කරති.

05. Liza Tolmacheva- රුසියාව (වයස අවුරුදු 6)

ඇයගේ දුඹුරු දිග කොණ්ඩය සහා නිල් පැහැති ඇස් නිසාම ඇය විලාසිතා ලෝකයේ හරිම ජනප්‍රිය චරිතයක්

06. Cooper Lunde- දකුණු කොරියාව (වයස අවුරුදු 6)

දකුණු කොරියාවේ ජනප්‍රියම ළමුන් අතරින් අයෙක් තමයි Cooper කියන්නේ. ඔහුගේ Instagram පි‍ටුවේ ඉන්න සාමාජිකයින් ගණන විතරක්ම 250,000 ඉක්මවලා තිබෙනවා.  ඔහු ප්‍රසිද්ධ ළමා ඇඳුම් සහා මැගසින් සඳහා නිරූපණයෙන් පෙනී සිටිනවා.

07. Jordyn Reinle- ඇමෙරිකා එක්සත් ජනපදය (වයස අවුරුදු 7)

එරට සිටින ජනප්‍රියම ළමා නිරූපණ ශිල්පිණියක් ලෙසයි ඇයව හඳුන්වනු ලබන්නේ. ප්‍රසිද්ධ ඇමෙරිකානු වෙළඳසන්නාම වලට ඇය නිරූපණයෙන් දායක වේ.ඇයට අයත් සමාජ ජාලා ගිණුම් වල 100,000 කට වඩා ප්‍රේක්ෂකයින් ප්‍රමාණයකගේ ප්‍රතිචාර ඇයට හිමිවී තිබෙනවා.

08. Keeike- ඇමෙරිකා එක්සත් ජනපදය (වයස අවුරුදු 7)

කැරලි හිසකෙස් සහා හුරු බුහුටි හිනාව ඇගේ ලස්සන තවත් වැඩිකරනවා. ඇයට ප්‍රංශ බස සහා ඉංග්‍රීසි බස හොඳින් හැසිරවිය හැකියි.ඇය V.Pirratte Agency නම් නිරූපණ ශිල්ප්පින් ගේ ආයතනයක් සමඟ එක්වී කටයුතු කරමින් සිටියි.

09. Ava Marie සහ Leah Rose- සහ ඇමෙරිකා එක්සත් ජනපදය (වයස අවුරුදු 8)

මොවුන් දෙදෙනාගේ මව විසින් අන්තර්ජාලයට නිකුත් කල ඡායාරූප වලින් Ava සහා Leah හට විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබි තිබුණා. මේ දෙසොහොයුරියන් වර්තමානයේ නීරුපණ ශිල්පීන්ගේ ඒජන්සියක් සමඟ ගිවිසුම් ගත වී කටයුතු කරමින් සිටිති.

10. Anna Pavaga- රුසියාව (වයස අවුරුදු 9)

ඇය නිරූපණ කටයුතු වලට සම්බන්ධව ඇත්තේ වයස අවුරුදු 4 සිටයි. ඇය විවිධ ඇඳුම් සහා සෙල්ලම් බඩු සන්නාම සඳහා නිරුපණයෙන් දායක වේ. ඇය රංගන ශිල්පිණියක් ද වෙනවා.

11. Alisa Samsonova- රුසියාව (වයස අවුරුදු 12)

ජිම්නාස්ටික් සහා ගණිතයට එකසේ දක්ෂ Alisa ලොව සුපතල වෙළඳ නාම  වන ‘Armani Junior’, ‘Monnalisa’ , ‘Mischka Aoki’ , ‘Liu Jo’ වැනි ආයතන සමඟ එක්ව කටයුතු කරමින් සිටියි.

12. Sofia Razuvaeva- රුසියාව (වයස අවුරුදු 12)

ඇය පෙනුමින් Natalia Vodianova හට සමාන බවටයි ප්‍රචලිතව වී තිබෙන්නේ. ඇය විවිධ මැගසින් සහා  TV වැඩසටහන් සඳහා ද බොහෝ විට පෙනී සිටිනවා.ඇයගේ Instagram පි‍ටුව සහා YouTube blogs වල ඇයට හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබී තිබෙන අයුරු දැකිය හැකියි.

13. Lara සහ Mara Bawar බ්‍රසීලය (වයස අවුරුදු 12)

ඉතාමත් විරල ජාන විකෘතිවීමක් නිසා ඔවුන්ගේ සමේ කිසිඳු වර්ණදේහයක් පිහිටා නැහැ. තම වැඩිමහල් සොයුරිය සමඟ ඔවුන් දෙදෙනා විවිධ ව්‍යාපෘති පවා සිදුකරන බව දැනගන්නට ලැබෙනවා. කොහොම වුණත් විලාසිතා ලොව දැවැන්ත සමාගම් වන ‘Nike’ , ‘Bazaar Kids’ , ‘Insanis’ වැනි ආයතන සමඟ තමයි ඔවුන් දෙදෙනා කටයුතු කරමින් සිටින්නේ.

14. Meika Woollard- ඕස්ට්‍රේලියාව (වයස අවුරුදු 14)

Meika තම නිරූපණ ජීවිතය ආරම්භ කර ඇත්තේ වයස අවුරුදු 3 සිටයි. ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛ පෙළේ සන්නාම ‍රැසක ළමා විලාසිතා නිරූපණ ශිල්පිණියක් ලෙස ඇය කටයුතු කරමින් සිටියි. ඇය විසින් කෙටි චිත්‍රපට වලට සහා ගීත වීඩියෝ වලටද දායක වී තිබෙනවා.

15. Jade Weber- ඇමෙරිකා එක්සත් ජනපදය (වයස අවුරුදු 14)

ඇය නිරූපණ ශිල්පිණියක් වී ඇත්තේ අහඹු ලෙසයි. එක්තරා ඡායාරූප ශිල්පියෙකු විසින් ඇයව දු‍ටු වේලාවේ ඔහු ඇයගේ මවට පවසා තිබෙන්නේ ඇයව නිරූපණ ශිල්පීන්ගේ ඒජන්සියකට යොමුකරන ලෙසයි. ‘H&M’ සහා ‘Vogue Italia’ යන සමාගම් සඳහා සිදුකල photoshoot එක ඇයගේ පළමු නිරූපණ අත්දැකීමය. ඇය නිරූපණයට අමතරව ගීත වීඩියෝ සහ චිත්‍රපට නිලියක් ලෙස ද කටයුතු කරමින් සිටින්නීය.