ඇස් වලින් ඔබේ සෞඛ්‍ය පිලිබඳව ලබාදෙන රහස් ඉඟි 12 ක්

කාලයෙන් කාලයට ඇස් වල විවිධ දෝෂ සහා අපහසුතා මතුවිය හැකියි. හතලිස් ඇඳිරිය වැනි යම් වයස් සීමාවකදි හටගන්නා අක්ෂි දෝෂ ගැන ඔබ මින් පෙර අසා ඇති. බොහෝ ඇස් ආශ්‍රිත ගැටලු වලට ඇති හොඳම පිලියම වන්නේ සුවබර නිදි විවේකයක් ලබාගැනීමයි. ඇස් වල පෙනීම පිළිසකර කරගැනීමට එවැනි විවේකයක් ඇස් වලට ලබාදීම ප්‍රමාණවත් වුවත් ඇතැම් අක්ෂි දෝෂ හෙවත් ඇස් වල නිරීක්ෂණය කල හැකි ලක්ෂණ නොසලකා හැරීම කිසිසේත්ම නුවණට හුරු වන්නේ නැත. ඔබ විසින් වහාම වෛද්‍යවරයෙකු වෙත ගොස් ප්‍රතිකාර ලබාගත යුතු එවන් ආකාරයේ ඇස් වල දැකිය හැකි ලක්ෂණ 12 ක් තමයි පහතින් දැක්වෙන්නේ.

01. ඇසේ කනිනිකාව (cornea) මත සුදු තිත් ස්වභාවය

 ඇස් කාච (contact lens) පලඳින බොහෝ දෙනෙකුගේ ඇස් වල මේ ලක්ෂණය දක්නට ලැබෙන අතර මෙය බොහෝ විට කනිනිකාව ආසාදනයට ලක්වීමක් විය හැකියි.අක්ෂි කාච පැලඳ සිටීම නිසා ඇස් වල ඇති වන ඉතා කුඩා අනතුරක් වුවද ක්‍රමයෙන් ආසාදනයක් ලෙස වර්ධනය වී කනිනිකා වණයක් හෝ පිළිකාවක් බවට පත්වීමට බොහෝ ඉඩ ඇත. කල් ඉකුත් වූ කාච භාවිතා කරන සහා දිනපතා දිගු වේලාවක් ඇස් කාච පලඳින (රාත්‍රිය පුරාවට පවා) පුද්ගලයින් සිටින්නේ විශාල අවදානමක බව කිව යුතුමය.

02. කලු ඉංගිරියාව (iris) වටා සුදු රවුමක හැඩයක් ඇතිවී තිබීම

බොහෝ විට මෙසේ මතුවන්නේ වියපත් වීමේ ලක්ෂණයක් ලෙසයි. එබැවින් වයස්ගත පුද්ගලයින් මේ ගැන බිය විය යුතු නැත. නමුත්, ඔබ වයසින් තරුණ ලාබාල අයෙකු නම්, ඇසේ කලු ඉංගිරියාව වටා මෙසේ සුදු රවුමක් ඇති වී තිබෙන්නේ ඉහළ කොලෙස්ටරෝල් සහා ට්‍රයිග්ලිසෙරයිඩ(ලිපිඩ වර්ගයකි) මට්ටමක් සිරුරේ ඇති වී තිබෙන නිසා විය හැකියි. එය බොහෝ දුරට හෘදයාබාධ තත්ව හෝ හදිසි ආබාධ (stroke) ඇතිවීමට හැකි අවදානම ගැන ඉඟි කිරීමක් ලෙස සැලකිය හැකිය.

03. ඇස් රතු වී තිබීම

අනිද්‍රාව (නින්ද නොයෑම නිසා සිරුරට ප්‍රමාණවත් නින්දක් නොලැබීම), දිගු වේලාවක් වැඩකටයුතු වල නිරත වී සිටීම, හිරු එළියට හෝ සුලඟට අධික ලෙස නිරාවරණය වීම වැනි හේතුන් වල බලපෑමෙන් ඇස් රතු වීම සිදුවිය හැක. කෙසේවෙතත්, විශේෂ හේතුවක් නොමැතිවම ඇස් රතු පැහැයට හැරි තිබෙන ආකාරය නිරීක්ෂණය කල හැකිනම් , එය ග්ලුකෝමා තත්වයක් (පෙනීම සඳහා වැදගත්ම කොටසක් වන දෘෂ්ටි ස්නායුවට හානි ඇතිකරවන රෝග තත්වයකි), අන්තහ්කපාල පීඩනය ඉහළ යාමක් හෝ දියවැඩියා රෝගය හටගෙන තිබෙන බව ඉඟි කරන රෝග ලක්ෂණ විය හැකියි.

04. ඇස් වල වියළි බව

ඇස් වියළි බවින් යුක්ත වන විට කැසිල්ල සහා ඇසේ අපහසුතාවක් දැනීම සිදුවේ. එවිට ඇස් ඇතිල්ලීමට යාම නිසා ඒ වටා සම හානි වීමට පවා හැකියාව ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස ඇහි පියන් එල්ලා වැටීම සහා ‍රැළි වැටීම සිදුවී ඇස් වියළි යාම සිදුවිය හැකි අතර සුලඟ නිසා ඒවා තවදුරටත් වියළි ස්වභාවයකට පත්වී යාම සිදුවේ. බොහෝ විට ඇස් වල කැසිල්ල ඇතිවන්නේ ආසාත්මිකතාවක් (seasonal allergy) ඇති වු විටකය .

ඇසේ වියළි බවත් සමඟ ඇස් ආලෝකයට ඉතා සංවේදී වීමට පටන්ගෙන ඇති බව දැනේ නම්, මෙය දුර්ලභ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ රෝග තත්වයක් වන ‘Sjogren’s syndrome’ නම් රෝග තත්වය මතු වී තිබෙන බව ඉඟි කරන ලක්ෂණයක් විය හැකිය. මෙය ප්‍රතිශක්තිකරණ පද්ධතිය විසින් සිරුරේ අවයව ඉලක්ක කරමින් හානිසිදුකරන සින්ඩ්‍රෝමයකි. රෝගයෙන් කඳුලු සහා ඛේට ග්‍රන්ථීන් හානියට පත් කරවන අතර ඒ හේතුවෙන් කට සහා ඇස් වියළී යාමට පටන් ගනියි.

05. ඇස් ඉදිරියේ යම් යම් අවර්ණ ඡායාවන් (colourless specks)පෙනීමට පටන් ගැනීම

පැහදිලි අහසක්, හිම පිරුණු පොලොවක් සහා සුදු පැහැති බිත්තියක් පසුබිම් වන අවස්ථාවලදී මෙවැනි පුල්ලි බඳු අවර්ණ ඡායාවන් පෙනීමට පටන් ගනියි. කාලයෙන් කාලයට සෑම දෙනාටම ඒ ආකාරයෙන් දර්ශණය වීම  සිදුවේ. නමුත්, එසේ දිස් වන වාර ගණන තියුණු ලෙස වැඩි වේ නම් ඒ කෙරෙහි සැලකිලිමත්වීම වඩාත් වැදගත්ය. එය ඇතැම් විට දෘෂ්ටි පටලය සිදුරු වීමක් හෝ වෙන්වීමක්  (retinal tear/detachment)නිසා ඇති වූ තත්වයක් විය හැකිය

06. ඇස් ඉදිමුණු රතු ස්වභාවයක් ගැනීම

මෙය බොහෝ දුරට ඇතිවන්නේ අධික වෙහෙස සහා නින්ද නොමැතිකම නිසාය. ඇතැම් අය මෙවැනි තත්වයක් ඇතිවීම අක්ෂි ආසාදනයක් ලෙස වැරදියට වටහාගන්නා අවස්ථා ඇත.

‘Eye drops (with whitening effect)’ වර්ගයේ දියර දිගුකාලීනව භාවිතා කරන අයගේ ඇස් වල මෙවැනි තත්ව මතුවිය හැකි අතර එම දියර අධිකව භාවිතා කිරීමෙන් ඇස් වලට හිතකර ප්‍රතිඵල වලට වඩා හානි මතුකිරීමට ඇති අවදානම වැඩිය.

07. කලු ඉංගිරියාව අසල කහ පැහැති පැල්ලමක් දැකිය හැකිවීම

ඇතැම් අයගේ ඇසේ සුදු ඉංගිරියාව මත කහ පැහැති පැල්ලමක් හෝ ගැටිත්තක් වර්ධනය වී තිබෙන ආකාරය දැකිය හැකි අතර එය හඳුන්වන්නේ  ‘pinguecula’ යනුවෙනි. එය වයස් ගත වන විට පුද්ගලයන්ගේ ඇස තුල සිවිය (conjunctiva) ගෙවීයාම/වියපත්වීම නිසා ඇතිවන ලක්ෂණයකි. බොහෝ විට මෙය මහළු වැඩිහිටි පුද්ගලයින් තුල බහුලව දැකිය හැකියි.

මෙම රෝග තත්වය වඩාත් වේගයෙන් වර්ධනය වීම සඳහා අහිතකර පාරජම්බුල කිරණ ද එක් හේතුවක් වේ. හිරු එළියට නිරාවරණය වෙමින් රාජකාරි කරන සහා කාලය ගත කරන පුද්ගලයින් තුල මෙම තත්වය වර්ධනය වීමේ අවදානම වැඩිය. මෙය සම මත ඇති වන රළු සමක ස්වභාවයකට සමානය. සුලඟින්, දූවිල්ලෙන් සහා දුම හේතුවෙන් මෙවැනි තත්වයක් සහිත ඇස් වල  කැසිල්ල හෝ දැවිල්ල හටගැනීම සිදුවේ. මෙය උපද්‍රවයක් නොමැති වර්ධනයක් වන අතර එය දෘෂ්ටිය කෙරෙහි සෘණාත්මක බලපෑමක් ඇති කරවන ආකාරයේ තත්වයක් නොවේ.

08. කඳුලු ගැලීම (involuntary tears)

හේතුවක් නොමැතිව ඉබේම කඳුලු ගැලීම සිදුවන්නේ ඇසේ වියළි බව ඇතිවී තිබීමේ ලක්ෂණයක් ලෙසයි. එසේ වන්නේ ඇස මත තෙතමනය රඳවාගැනීමේ ප්‍රයත්නයක ප්‍රතිඵලයක් ලෙසයි. දවසේ බොහෝ වේලාවක් පරිගණකයක් ඉදිරියේ හෝ රූපවාහිණියක් ඉදිරියේ සිටින පුද්ගලයින් මෙම තත්වයට බහුලව මුහුණ දෙති.

ඇස් වසාගනිමින් කඳුලු ගැලීම නවතාගැනීම එක්වරම අපහසු දෙයක් වි තිබේද? මෙය මුහුණේ මාංශ පේශීන් පාලනය කරනු ලබන ස්නායුව ආඝාතයට ලක් වීමේ රෝග ලක්ෂණයකි(paralysis of nerve). එය වෛරස් ආසාදනයකින් පසු ඇති විය හැකි සංකූලතාවයකි.

09. පසුබිමක රේඛා තරංග බඳු පෙනී නොපෙනී යන කුඩා අඳුරු තිතක් දැකිය හැකිවීම (small dark dot on a background of flickering wavy lines)

මෙය දුර්වල මස්තිෂ්ක සංසරණය (cerebral circulation) හෙවත් මොලයට ඇති රුධිර සැපයුමේ ඇති දුර්වලතා ඉඟි කරන  ලක්ෂණයක් විය හැකිය.

මෙසේ දෘෂ්ටි ක්ෂේත්‍රය තුලදී තිත් ආකාරයෙන් පෙනී නෙපෙනී යන්නේ කාච රසයේ (vitreous humor) පාරාන්ධතාවය හෙවත් විනාශ වි තිබෙන නිසා බව විද්‍යාත්මක පිලිගැනීමයි. ඒ සඳහා බලපාන ප්‍රධානතම හේතුව වන්නේ සිරුර වයස්ගත වීමයි.කෙසේ වෙතත්,  දියවැඩියාව වැනි පරිවෘත්තීය ක්‍රියාවලිය සම්බන්ධ රෝග පීඩා ඇති පුද්ගලයින්, හෘත්ධමනි රෝග පීඩා සහිත පුද්ගලයින් සහා අධික ලෙස ආහාර පාලනය කරන පුද්ගලයින් මෙහිදි අවදානම් කලාපයේ සිටින අය බව පැවසිය යුතුමය.

10. දෘෂ්ටි ක්ෂේත්‍රයෙන් ඡායාව අතුරුදහන් වී යාම

කාලයෙන් කාලයට ඇස ඉදිරියෙන් දෘෂ්ටි ක්ෂේත්‍රයෙන් ඡායාවන් අතුරුදහන් වී යන ආකාරයක් දැකිය හැකි නම් එය ඇස ආශ්‍රිතව හටගන්නා මිග්‍රේන් තත්වයක ලක්ෂණයකි.මොලයේ රුධිර සංසරණ ක්‍රියාවලියේ අක්‍රමවත්බව නිසා ඇති වන රෝග තත්වයන් නිසා දරුණු හිසරද තත්වයක් ද මේ සමඟ මතුවීමට පටන් ගනියි. ඇසේ ඇතිවන මිග්‍රේන් තත්ව හානිකර නොවේ. මෙම  රෝගයේ ප්‍රභවය ගැන නිශ්චිත පැහැදිලි කිරීමක් නොමැති අතර නිශ්චිත ප්‍රතිකාර ක්‍රම ද තවමත් සොයාගෙන නොමැත.

11. බොඳ වී පෙනීම(blurred vision)

මයෝපියා තත්වය හෙවත් අවිදූර දෘෂ්ටිකතාව යනු දුරනොපෙනීමේ තත්වයයි. නමුත්, පෙනීම බොඳ වී යාම සඳහා බලපාන්නේ මෙම හේතුව පමණක්ම නොවේ.එය බොහෝ දුරට දියවැඩියා තත්වයේ ලක්ෂණයක් ද විය හැකියි. බොඳ වී පෙනීමට අමතරව ආලෝක මූලාශ්‍ර වටා දීප්තිමත් එළි (glares) සහා ‍රැස් වළලු (halos) පෙනෙයි නම් එය ඇසේ පටල මතුවීම (cataracts) හෙවත් අර්ධ හෝ පූර්ණ ලෙස ඇසේ කාචයන් හානිවීම නිසා ඇතිවන අන්ධ වීමයි.

12. කහ පැහැති සුදු ඉංගිරියාව

අක්මාවේ සහා පිත්ත ප්‍රණාලකයේ ක්‍රියාකාරීත්වය අඩු වී යාම හේතුවෙන් මෙසේ ඇස් කහ පැහැයට හැරිම සිදුවිය හැක. හෙපටයිටීස් හෙවත් සෙංගමාල රෝගයේ ප්‍රධාන රෝග ලක්ෂණය වන්නේ ද ඇස් කහ පාටට හැරීමයි.