ඇවෙන්ජස් ෆිල්ම් එක ඉන්දියාවේ හැදුවනම් මේවගේ වෙයි නේද..?

1 රිතික් රෝෂන්

‘Krish’ චිත්රුපටිය හරහා සුපිරි වීර චරිතයක් ලෙස ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනාගත් රිතික්ව රිදී තිරයේ ‘සුපර් මෑන්’ විදියට දකින්න බොහෝ දෙනෙක් ආසකරනවා. ඔහුගේ කඩවසම් පෙනුම මේ චරිතයට හොඳින්ම ගැලපේවි.

2 ශාරුක් ඛාන්

ඔහුට වඩාත් සුදුසු චරිතය වෙන්නේ ආකර්ෂණීය, සූක්ෂම බුද්ධියක් ඇති, හැඩකාර ‘Downey Jr.’ සුපිරි ඇවටාර් චරිතයයි.

3 ප්‍රබාස්

‘බාහුබලි’ නම් ජනප්‍රිය ඉන්දීය චිත්‍රපටියේ ප්‍රධාන චරිතය රඟපෑ කඩවසම් නලු ප්‍රබාස් හට වඩාත්ම ගැලපෙන හොලිවුඩ් වීර චරිතය තමයි ‘Thor’ ගේ චරිතය.

4 රන්වීර් සිංග්

පද්මාවත් චිත්‍රපටියේ අලාඋදින් කිල්ජි නම් ප්‍රතිවීර චරිතය නිරූපණය කල රන්වීර්ගේ පෙනුමට ගැලපෙනම වීර චරිතය වන්නේ ‘Aquaman’ ගේ චරිතයයි

5 ජෝන් ඒබ්‍රහම්

ජෝන් ගේ පෙනුමට වඩාත්ම ගැලපෙන වීර චරිතය තමයි ‘Hulk’ සුපිරි වීර චරිතය.

6 ෆර්හාන් අක්තාර්

දක්ෂබව වගේම චරිතයට සාධාරණයක් කරන නලුවෙකු විදියට ඔහුට වඩාත්ම සුදුසු වෙන්නේ ‘Flash’ කියන සුපිරි වීර චරිතයයි.

7 ප්‍රියංකා චොප්රා

ස්කාර්ලට් ජොන්සන් වෙනුවට මේ චරිතයට ප්‍රියංකා තරම් ගැලපෙන කෙනෙක් නැහැ. ඇයට වඩාත්ම ගැලපෙන්නේ ශක්තිමත් සහා නිර්භීත ‘Blackwidow’ චරිතයයි.

8 රනා දගුබටි

රනාගේ හැඩි දැඩි සරාගි පෙනුමට ගැලපෙන්නේ ‘Wolverine’ ගේ චරිතයයි.

9අමිතාබ් බච්චන්

බිග් බී ගේ දක්ෂ රංග පෞරුෂයට වඩාත් ගැලපෙන චරිතය තමයි ‘Dr.Strange’ චරිතය.

10 කත්‍රිනා කායිෆ්

ගැලපෙන චරිතයක් හිතාගන්න බැරි තරම්. ‘Wonder woman’ චරිතය ඇයට වඩාත් ගැලපෙනවා කියලයි හිතෙන්නේ.

11 රන්දීප් හූඩා

දක්ෂ බොලිවුඩ් නලු රන්දීප්ට ගැලපෙන සුපිරි වීර චරිතය තමයි ‘Batman’ චරිතය.

12 නානා පටේකර්

ඉන්දීය නලු පටේකර් ට ගැලපෙන්නේ අනිත් අය මොනවා කිව්වත් තමන්ගේ අදහස් ගැන විශ්වාසයකින් ඉන්න ‘Black Panther’ චරිතයයි.

13 රන්බීර් කපූර්

ඉන්දියාවේ දක්ෂම සහා හොඳම නලුවන්ගේ ලැයිස්තුවේ ඉන්න රන්වීර්ට ‘Captain America’ චරිතය රඟපාන්න ලැබුණොත් අනිවාර්යයෙන්ම 100% ඔහු ඒ චරිතය සාර්ථකව කරාවි.

14 ටයිගර් ශේරෝෆ්

ආකර්ෂණීය බව හා නම්යශයශීලී සිරුරක් ඇති කඩවසම් ටයිගර් ට ‘Spiderman’ චරිතයට වඩා ගැලපෙන වෙනත් සුපිරිවීර චරිතයක් තියෙන්න පුලුවන්ද?