‘ඇය මට අම්මා කෙනෙක් වගේ’ ජනප්‍රිය නළු කෝකිල පවන් බිරිඳ ගැන කියන කතාව

එදා වගේම අදත් රංගනයට උපන් හැකියාවක් සහිත රංගන ශිල්පියෙක් තමයි කෝකිල පවන් ජයසූරිය කියන්නේ. ඔහු මේ දිවනවල වඩාත් ප්‍රසිද්ධ ‘නාඩගම්කාරයෝ’ නාට්‍යයෙහි මනමාලන්ගේ චරිතය නිසා. අද අපි අපේ කතා බහට එක්කරගත්තේ මේ සුවිශේෂි චරිතය. ප්‍රක්ෂේකයන්ගේ නොඅඩුව ලැබෙන ආදරය නිසාම අහන්න හිතුනා කෝකිල කියන කෙනා කොහොම ද මාලන් කියන චරිතයට යොමු වුනේ? “මාලන් කියන චරිතය ‘මනමාලන්’ කරන්නේ සජිත අයියා. හැබැයි මේ කතාවට එන්න අඩිතාලම වැටුනේ ශිවගුරුනාදන් මාමා එක්ක තිබුන සබඳතාවයට. ඉතින් එහෙම තමා මේ නාට්‍යටයට මම සමබන්ධ ⁣වෙන්නේ.

කලාව කියන දේ කෝකිලට අලුත් දෙයක් නෙවෙයි. හැබැයි ඕනම ගමනක් එන්න ආරම්භයක් තියෙන්න ඕන. ඉතින් කෝකිලගේ ගමන් මඟ ආරම්භ වුනේ කොතනද, කොහොමද? “2005 අවුරුද්දේ තමා මගේ මුල්ම වේදිකා නාට්‍ය වේදිකා ගත වෙන්නේ. පස්සේ මගේ පාස⁣ලෙ කෝකිලානි ගුරුතුමිය නිසා මට හපන් පැදුරට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙනවා. එතනින් පස්සේ මගේ ජිවිතේ වෙනස් වෙනවා. ජයලත් මනෝරත්න මාමාගේ ‘තලමල පිපිලා’ වේදිකා නාට්‍යයට සම්බන්ධ වෙනවා. ඊට පස්සේ මට ‘සිරි රජ සිරි’ සිනමාවට සම්බන්ධ වෙන්න පුළුවන් වෙනවා. ඒ තමා මම ලබපු විශාලම පන්නරය. මොකද ඒ සිනමා කෘතිය එක්ක මම සම්මාන වලට පවා ලක් වෙනවා. ඒ එක්කම හඩකැවිම් වැඩ වලටත් සම්බන්ධ වෙනවා. ඉතින් එහෙම තමා මගේ ගමන එන්න පාර හැදෙන්නේ.”

පහුගිය කාලය පුරාවට ඔබ නිහඩ චරිතයක් වෙලා හිටියා නේද කියලා අපි ඇහුවොත්, “මේකයි අපි හැමෝටම එක එක කාල එනවා. මම ම⁣ගේ අධ්‍යාපනය කටයුතු කරගෙන කාලයක් හිටියේ මට සුදුසු චරිතයක් ලැබෙනකන්. නැතුව රංගනයෙන් අයින් වෙලා නෙවෙයි.”

කෝකිල මාලන්ගේ චරිතයට අනුගත වුනේ කොහොමද කියලා කිවොත්, “මේ චරිතය ගැන කියන්න කොතනින් පටන් ගන්නද හිතාගන්න අමාරුයි. මොකද මේක වෙනස්ම චරිතයක්, වාහනයක් එක්ක බැදුන ජිවිතයක් කැඩුන ඉංග්‍රිසි වචන, ඇවිදිම, ඇදුම්, කතා විලාසය මේ සේරම හරි වෙනස්. මේක ඇත්තටම හිතපු තරම් ලේසි නෑ. අතිශෝක්ති තියෙන මේ චරිතයට සද්ධා මාමා හොද පිටපතක් ලියලා තියෙනවා. මම මහ ලොකු රංගන ශිල්පියෙක් නෙවෙයි. මම තාම ඉගෙන ගන්නවා. අලුත් අලුත් දේවල් හොයාගන්නවා. ඒ හැමදේම එක්ක තමා මාලන් එළියට එන්නේ. හැබැයි මට හැමෝම උදව් කරනවා මගේ චරිතය කරන්න. ඒ ගැනනම් කියන්නම ඕනි. සජිත අයියා පවා මට ලොකු උදව් කරනවා මගේ චරිතයට සාධාරණය කරන්න.”

කෝකිල රංගන ශිල්පියෙක් වගේම ගායකයෙක් ⁣කිවොත්, “හපන් පැදුරේ සිංදු කියපු කෝකිල තාම ඉන්නවා. ඉදිරියේදි ගායන හැකියාව පෙන්වන්න බලාපොරොත්තු වෙනවා.

ආච්චි අම්මා සමඟ හැදුන කෝකිල කියන්නේ මේ වෙද්දි විවාහක කෙනෙක්. ඉතින් ආදරයෙන් බැදුන ඇය ගැන මොකද හිතන්නේ.? “මම විවාහ වෙලා ඉන්නේ නිමාලි ප්‍රනාන්දු එක්ක. ඇත්තටම ඇය හරිම සරල කෙනෙක්. එයා මාව අම්මා කෙනෙක් වගේ බලාගන්නවා. විශේෂයෙන් මගේ ආච්චි අම්මා. එයා මගේ ගමනට ලොකු සහයෝගයක් දෙනවා. මගේ ආච්චි මම ඉන්න තැන ගැන සතු⁣ටු වෙනවා වගේම එයත් ඒ වගේම සතුටු වෙනවා.”