ඇඳුම් වල අලුත් පෙනුම නැතිවෙන රෙදි සේදීමේදි අප සිදුකරන වැරදි 15 ක්

ඇඳුම් දිගුකාලයක් එහි වර්ණය දිප්තිමත්ව ‍රැකගනිමින් භාවිතා කරන්නේ කෙසේදැයි වදවෙමින් ඉන්න ඔබට වැදගත් වන ලිපියක් අරගෙන ආවා. රහස තමයි නිවැරදිව රෙදි සෝදන ආකාරය ඉගෙන ගැනීම. ඔබ රෙදි සෝදන විට පහළින් දක්වා ඇති වැරදි සිදු කරනවානම් වහාම ඒවා නිවැරදි කරගන්න අමතක කරන්න එපා!

1 රෙදි වර්ග හරියාකාරව වෙන්කර නොගැනීම

රෙදි සේදීමට පෙර රෙදි වෙන් කරගත යුතු බව ඔබ දැනටමත් දන්නවා ඇති. එසේ කරන්නේ ඇතැම් රෙදිවල අඩංගු සායම් වර්ග ජලයේ මිශ්‍රවී අනෙක් රෙදි වල කාවැදීමට ඉඩ ඇති නිසයි. නමුත්, මෙහිදී වර්ණ අනුව රෙදි වෙන් කරගැනීම ප්‍රමාණවත් නැහැ. ඔබ සෝදාගැනීමට යන රෙදි වල වර්ගයත් මෙහිදි වැදගත් වෙනවා. විශේෂයෙන්ම පොප්ලින් රෙදි වල, චීත්ත වල සායම් ඉවත් වන ස්වභාවය වැඩියි. ‘පෝලාර් ෆ්ලීස්’ වර්ගයේ රෙදි වෙනම සෝදාගත යුතුයි. කෘතිම කෙඳි වලින් සකසා ඇති රෙදි සමඟ ඔබේ තුවා වැනි රෙදි එක් වර මිශ්‍ර කරගෙන සෝදා ගැනීම සිදු නොකල යුතුයි.

2 කුණු පැල්ලම් ඉවත් කිරීමට වැරදි ක්‍රම භාවිතා කිරීම

තදින් අතුල්ලා ඇඳුම් වල කුණු පැල්ලම් ඉවත් කරගැනීමට උත්සාහ කිරීමේදි ඇඳුම සිදුරු වීම, නූල් ඇදීම වැනි දේ සිදුවිය හැකියි. ඒ නිසා ඇඳුම් වලසිදුරු මතු වී තිබීම ගැන පුදුම වෙන්න එපා. එය ඔබ කුණු පැල්ලම් ඉවත් කරගැනීමට භාවිතා කරන ක්‍රමයේ වැරද්දක්. කුණු පැල්ලම් ඉවත් කරගත යුතු නිවැරදි ක්‍රමය තමයි ඒවා මෘදුව අතුල්ලමින් සෝදා පිරිසිදු කරගැනීම. ඇමෝනියා දියර, හයිඩ්රවජන් පෙරොක්සයිඩ් වැනි රසායනයන් භාවිතා කරමින් ද ඔබට තද කුණු පැල්ලම් ඉවත් කරගැනීමට හැකියි. පැල්ලම් ඇති තැන් සිදුරු වීම් වැළැක්වීමට ඒ මතට සුදු රෙදි කැබැල්ලක් දමා පෙ‍ඟෙන්නට හරින්න.

3 රෙදි සෝදන කුඩු අධික ප්‍රමාණයක් භාවිතා කිරීම

බොහෝ සේදුම් කුඩු ප්‍රමාණයක් එක් කරගැනීම නිසා ජලයේ පෙණ අධික වී ෂර්ට් වැනි ඇඳුම් වල කොලරයේ පහසුවෙන් කුඩු ‍රැඳීම සිදුවේ. ඇඳුම් සේදීමට භාවිතා කරන සේදුම් කුඩු වලින් ඔබේ ඇඳුම් තවත් කිළිටි කරගැනිම අවශ්යසය නැහැ නේද?

4 ඇඳුම් වල ඇති ‘සිපර්’ කොටස් ගැන අවධානයක් යොමු නොකිරීම

ඇඳුම් සේදීමට පෙර ඒවායේ සිපර් පටි පියවීමට කටයුතු කරන්න. නැතිනම් එහි රලු තත් නිසා අනෙක් ඇඳුම් ද සීරීමට සහා නූල් පිපීමට හේතුවක් වෙනවා.

5 බොත්තම් පියවා තිබීම

රෙදි සේදීමේදි ඔබ මතක තබාගත යුතු තවත් කරුණක් වන්නේ ෂර්ට් වල සහා බ්ලවුස් යන රෙදිවල බොත්තම් නොපියවා විවෘතව තැබීමයි. අතුල්ලා සේදීමේදි ඒවා ගැලවී යාම සහා බොත්තම් පි‍ටුපස රෙදි කොටස අපිරිසිදු නොවී සෝදාගැනිමට ඔබට ඉන් හැකිවේ.

6 වැඩිපුර ‘බ්ලීච්’ භාවිතය

‘බ්ලීච්’ වලින් ඔබේ ඇඳුම් පහසුවෙන් ඉරීයාම වැඩි කරවමින් ඒවා දිගු කාලයක් භාවිතා කල නොහැකි තත්වයට පත්කරනවා. ‘බ්ලිච්’ වෙනුවට ඇඳුම් තම්බා ගැනීම සිදුකරන්න. එසේ සිදුකිරීමට යම් ප්‍රණයකින් විශාල සාස්පානක් ගෙන එයට ජලය සමඟ ලෙමන් යුෂ බින්දු දෙකක් දමා ඔබට අවශ්ය්ය රෙදි කිහිපය ලිපේ තබා තම්බාගන්න.

7 පිහිනුම් ඇඳුම් රෙදි සෝදන යන්ත්ර යේ දමා සෝදාගැනිම

‘ස්පැන්ඩෙක්ස්’ හෝ ‘ඉලාස්ටේන්’ වැනි රෙදි වර්ග වලින් මැසූ ඇඳුම් රෙදි සෝදන යන්ත්රපයට දමා සේදීම නොකල යුතුයි. ඒවා සිසිල් ජලය භාවිතා කරමින් අතින් සෝදා ගැනීම වඩාත් උචිතයි.

8 බොහෝ කාලයකට රෙදි සෝදන යන්ත්ර ය භාවිතා නොකිරීම

ඇතැම් අය සිතනවා එකදිගට රෙදි සෝදන යන්ත්ර ය භාවිතා කිරීමෙන් එය් කැඩී යාම ඉඩ ඇති බව. එසේ සිතමින් භාවිතා කරන වාර අතර විශාල අන්තරයක් තබාගනියි. නමුත්, එය වැරදි බවයි තහවුරු වි ඇත්තේ. රෙදි සෝදන යන්ත්රතය එක දිගට භාවිතා කර රෙදි සෝදාගැනීමෙන් වැයවන විදුලි ප්ර්මාණය ඉතා අවම වේ. ඊට හේතුව වන්නේ යන්ත්රෙය විසින් පෙර සේදුම් වාරයේදි භාවිතා කල තාපය තවදුරටත් රඳවාගෙන සිටින නිසයි.

9 කොට්ට සහා බ්ලැන්කට්ටුි එක් වාරයක් පමණක් සෝදා පිරිසිදුකරගැනීම

කොට්ට සහා බ්ලැන්කට්ටුැ රෙදි සෝදන යන්ත්රකයක් ආධාරයෙන් සෝදාගන්නා විට වට දෙකක්ම සෝදාගැනීමට මතකතබාගන්න. කොට්ට තුල ඇති පිහා‍ටු වල තව දුරටත් සබන් ‍රැඳී තිබිය හැකියි. වියළුණු පසු අප්රලසන්න දුගඳ ඇති විමට එය හේතුවක් විය හැකියි. එම නිසා සබන් ඉවත් වන තුරු හොඳින් ඒවා සෝදාගන්න.

10 රෙදි සේදීමට පිළිවෙලක් සකස් කර නොගැනීම

ඇඳුම් තැන තැන විසිරීමට ප්රළධාන හේතුවක් තම්යි මුළින්ම සහා එක වරක සෝදා ගත යුතු ඇඳුම් වර්ග වෙන් කර නොගැනීම. එක් මේස් එකක් තිබියදි අනෙක් මේස් එක අතුරුදහන් වීම කරදරයි නේද? එහෙනම් ඒවා එක වැරක සෝදාගන්න. මේස් වැනි කුඩා ඇඳුම් මාරු වීමට ඉඩකඩ වැඩි නිසා ඒවා පසුව හරියට ගලපාගැනීමට වීමෙන් ඔබේ වටිනා කාලය නාස්ති විය හැකියි.

11 තුවා සඳහා “ෆැබ්රිවක් සොෆ්ට්නර්” භාවිතා කිරීම

රෙදිවල සුමුදු සුවඳවත් බව සඳහා භාවිතා කරන මෙම දියර වල ඇති රසායනික සංයුතීන් නිසා තුවා වල ඇති ජලය හොඳින් උරාගැනිමේ හැකියාව නැති කර දැමීමට ඉඩ ඇත.ඒ නිසා, ඒවා තුවා සෝදා ගැනීමේදී එක් කර නොගන්න.

12 එක වර බොහෝ රෙදි ප්රැමාණයක් සෝදාගැනීම

රෙදි සෝදන යන්ත්රරයට බොහෝ රෙදි ප්රමමාණයක් පුරවා ගැනීමෙන් එය කැඩී යාමට පවා ඉඩ තිබෙනවා.එය කුණු දූවිලි ඉවත්වී යාමටත් බාධාවක් වේ.

13 නිවසේ ඇති සුලංකඩන (windbreakers)සහා ජලය කාන්දු නොවන ඇඳුම් (anoraks)වැරදි ආකාරයකින් සෝදාගැනීම

ඒවායේ හැඩය පහසුවෙන් වෙනස් වී යා හැකි නිසා ජලයට ටෙනිස් බෝල තුනක් දමාගන්න. පෙණ පහසුවෙන් ඉවත් කරගැනිමට එය ඔබට උපකාරයක් වේවි.

14 මිලෙන් අධික රෙදි සේදුම් කුඩු සහා දියර භාවිතා කිරීම

ඔබ අධික මිලක් ගෙවන රෙදු සෝදන ද්‍රවුයයන් වලට පහසුවෙන් සොයාගත හැකි ආදේශක ඔබේ නිවසේම ඇත. ලුණු කියන්නෙත් එවැනි හොඳ පිරිසිදුකාරකයක්.ලුණු වලින් ඔබේ ඇඳුම් වල දීප්තිමත් බව වැඩිකර දෙනවා.චොක් භාවිතා කරමින් පැල්ලම් මකාගැනීමටත් හැකියි.ලොන්ඩ්රික සබන් වලින් ඔබේ රෙදි බ්ලීච් කරමින් කුණු පැල්ලම් හොඳින් ඉවත්කරනු ලබයි.ලෙමන් යුෂ වලින් ඔබේ රෙදි වඩාත් සුමුදුව වගේම හොඳ සුවඳකින් ද යුක්තව පිරිසිදු කරගැනීමට හැකිවේ.

15 රෙදි සෝදන යන්ත්රරයේ නඩත්තුව කෙරෙහි අවධානයක් යොමු නොකිරීම

ඔබේ රෙදි සෝදන යන්ත්රනය හොඳින් පවත්වාගැනීමත් වැදගත් දෙයකි.ඔබේ යන්ත්‍රය තුල ඇති සෝදන කොටස් ගලවා ඉවත් කරගත හැකි පරිදි සකසා ඇත. රෙදි සේදිමෙන් පසුව එහි යම් යම් අවශේෂ දේ ‍රැඳී තිබිය හැකියි. එම නිසා ඒවා දෙස හොඳින් පරික්ෂා කරබලන්න. සෝදා අවසන් වූ වහාම යන්ත්‍රයේ පියන වසන්න එපා. එහි ඇතුලත හොඳින් වියළීමට ඉඩ දෙන්න. වසරකට වරක් උණු වතුර සමඟ විනාකිරි මිශ්ර කර එක් වටයක් ක්‍රියාත්මක කර යන්ත්‍රය ඇතුලත පිරිසිදු කරගන්න. මෙමඟින් යන්ත්‍රය නොකැඩී බොහෝ කලක් භාවිතා කිරීමට ඔබට හැකිවේවි.