‘ඇඳුම් මාරු කරනවා වගේ ඒ වැඩ කරන්න බෑ’ හැමෝම ආදරේ කරන හුරතල් කෙල්ල දිනිති කියන කතාව

දිනිති වල්ගම නම කියු සැනින් බොහෝ දෙනෙකුට මතක් වෙන්නේ සුන්දර රංගන ශිල්පිනියක්.ඒත් ඇත්තටම දිනිති කියන්නේ ගුවන් සේවිකාවක්.ඉතින් අපි ඇය සමඟ කතා කරන්න කාලය වෙන් කරගත්තා. කාර්යබහුල දිනිති, තවත් කාර්යබහුලයි කියලා අපිට ආරංචියි. ඉතින් ඒ නිසාම ඒ ගැන තොරතුරු අපි ඇයගෙන් අහලා බලන්න හිතුවා, ඉතින් ඇය අපිට කිවුවේ මේ වගේ කතාවක් “මේ ගෙවෙන දවස්නම් ඇත්තටම ගොඩක් කාර්යබහුල දවස්. මොකද නිර්මාණ කිහිපයකටම මම දායක වෙනවා. ඉදිරියේදි ටෙලිනාට්‍ය කිහිපයක්ම විකාශ වෙන්න තියෙනවා.පහුගිය කාලේට වඩා නිර්මාණ වලට මම එකතු වෙලා ඉද්දි ඇත්තටම මම නොදැනිම කාර්යබහුල ⁣කෙනෙක් වුනා.” කියලයි.

ගුවන් සේවයෙන් ඉවත් නොවුන දිනිති කියා සිටියේ වර්තමාන තත්වය එක්ක ඇය ෆ්ලයි කරන කටයුතු වලින් තරම් ඈත්ව සිටින බවයි. මොකද ඇයට නිර්මාණ වලට ඇගේ දායකත්වය දිය යුතු නිසා.

දිනිති රංගනයට ආව ගමන ගැන කිවුවේ මේ වගේ කතාවක්, “ඇත්තටම මම රංගනය ආවේ ආසාවට. ඒක එක්ක මට ගොඩක් දේවල් ලැබුනා. අද මාව බොහෝ දෙනෙක් දන්නේ මම රඟපාන්න ආව නිසා. මම කොහෙමත් මම ආව ගැන සතුටු වෙනවා හරි දේ කරලා ප්‍රෙක්ෂකයන්ගෙන් ලැබෙන ආදරය නිසාම. මම එකම චරිතය ඇදුම් මාරු කර කර කරන්න කැමති නෑ. මොකද අපි ප්‍රේක්ෂකයන් අතරට එද්දි විවිධත්වයක් තියෙන්න ඕනි. ඒ නිසා මම කරපු වගේම ඉදිරියට කරන චරිත වුනත් තෝර ගැනිමක් මතයි කරන්නේ. මට මුල්‍යම අඩුපාඩු නිසා මම රංගනයට ආවේ නෑ. ආසවට ආව ඒ ගමනට ඇත්තටම මම කැමතියි.” කියලයි.

දිනිති ආදරය ගැන කතා කලොත්, මේ වෙද්දි පෙම්වන්තියක්ද? ” අපොයි මම තවම පෙම්වන්තියක් නෙවෙයි. ආදර යෝජනා ගොඩක් එනවා. ඒත් මම තව කෙනෙක්ගේ ජිවිතේ අමාරුවක දාන්න කැමති නෑ. මම මේ කාර්යබහුල ජිවිතේට කැමතියි. එහෙම වෙද්දි මට ඇත්තටම තව කෙනෙක් ගැන හිතන්න කාලය අඩුයි. මොකද අපි ආදරේ කලොත් අනිවාර්යයෙන් තව කෙනෙක්ට කැප වෙන්න ඕනිනේ. ඊට වඩා මම මේ ජිවිතේට කැමති නිසාම මම පැත්තකට වෙලා ඉන්නවා. තව කාලයක් යනතුරුම මම ආදරේ ගැන හිතන්නේ නැති වෙයි.” කියලයි. ඉතින් ඔයාලා හැමෝම ආදරේ කරන දිනිතිගේ සුන්දර පින්තූර කිහිපයක් තමයි මේ.