ඇන්ජලීනා ජොලී අරන් හදාගත්ත ළමයි දැන් ඉන්න තැන මෙන්න

ඇන්ජලීනා සහ බ්‍රැඩ් එහමත් නැතිනම් ‘බ්‍රැන්ජ්ලීනා’ කියන්නේ හොලිවුඩයේ කාලයක් පුරාවට සන්නාමයක් බවට පත්වෙලා තිබුණු නාමයක්. නමුත්, මෙම නළුනිළි දෙපළගේ වෙන්වීයාමත් සමඟ බොහෝ වෙනස්කම් ‍රැසක් සිදුවෙලා තිබෙනවා. ඔවුන් එක්ව ගත කල කාලයේදී ඔවුන් දෙදෙනාට දාව මෙන්ම ඔවුන් හදාවඩා ගත් දරුවන් 6 කි. මේ ඔවුන් දෙපළගේ දරුවන්ගේ ඡායාරූප එකතුවක්!

01. Maddox Chivan

ඔවුන් දෙදෙනා විසින් පළමුව හදාවඩා ගත් දරුවා ඔහුයි. ඒ 2002 වසරේදියි. කාම්බෝජියාවේ බටම්බාන්ග් හි පිහිටි අනාථ නිවාසයෙන් ඔහුව ‍රැගෙන යන විට ඔහුගේ වයස මාස 7 ක් විය. දැන්, ඔහුගේ වයස අවුරුදු 18 කි.

02. Zahara Marley

ඔවුන් විසින් හදාවඩා ගත් දෙවන දරුවා ඇයයි. 2005 වසරේදී ඉතියෝපියාවේ අඩ්ඩිස් අබාබා හි අනාථ නිවාසයෙන් ඇයව ලබාගන්නා විට ඇයගේ වයස මාස 6 ක් විය. ඇයගේ සිහිනය සුපිරි ගණයේ නිරුපණ ශිල්පිණියක් වීමටයි.

03. Pax Thien

ඊලඟට ඔවුන් දෙපළගේ පවුලට එක්වූ දරුවා ඔහුයි. වියෙට්නාමයේ හෝ චි මින් නගරයේ අනාථ නිවාසයකින් ඔහුව හදාවඩාගැනීමට එම දෙපළ කටයුතු කර තිබුණේ 2007 වසරේදීයි. ඒ වන විට ඔහු 3 හැවිරිදි වියේ පසු විය. ඔහු මේ වන විට 16 වන හැවිරිදි වියේ පසුවෙයි.

04. Shiloh Nouvel

ඔවුන් දෙපළ උපත දුන් පළමු දරුවා ඇයයි. ඇය උපත ලබා ඇත්තේ නැම්බියාවේදීයි. මේ වන විට ඇය 14 වන හැවිරිදි වියේ පසුවේ. LGBTQ+ව්‍යාපාරයේ ලොව ලාබාලතම පෞරුෂය ලෙස ඇය ප්‍රසිද්ධියට පත්ව සිටියි.

05. Knox Leon – Vivienne Marcheline

මෙම නිවුන් දරුවන් දෙදෙනා උපත ලබා ඇත්තේ 2015 වසරේ ප්‍රංශයේදීයි. මෙම නිවුන් දරුවන්ගේ මාධ්‍යයට නිකුත් කල පළමු ඡායාරූපය අලෙවි වී තිබුණේ ඩොලර් මිලියන 15 ක් තරම් වාර්තාගත මුදලකටයි.