ආහාර වර්ග ආලේප කරලා සමේ ලස්සන වැඩිකරගන්නා ආකාර 12 ක්

සමේ නිරෝගී බවට බලපාන සාධක ‍රැසක් ඇති බව පර්යේෂණයකින් අනාවරණය වී තිබුණු අතර, ඒවා අතරින් නින්ද අඩුකම, අධික හිරු කිරණට නිරාවරණය වීම, ආතතිය, ව්‍යායාම අඩුකම, වායු දූස-ණය සහා අහිතකර සීනි පරිභෝජනය යන කරුණු ප්‍රධාන වන බව හෙලිවි ඇත. මේ හේතු කාරණාවන් නිසා සමේ නිරෝගි බව සහා ලස්සන පවත්වාගෙන යෑම දුෂ්කර කාර්යක් වී තිබෙන බව පෙනි යයි. සමේ සුන්දරත්වය ගැන වැඩිපුරම සිතන්නේ කාන්තාවන් බව කීම වරදක් නැත. ඇමෙරිකා එක්සත් ජනපදයේ පමණක් ලබාගත් දත්ත වලින් හෙලි වි තිබුණේ එරට කාන්තාවන් සමේ සුන්දරත්වය ‍රැකගැනීමට භාවිතා කරන රූපලාවන්‍ය නිෂ්පාදන සඳහා තම ජීවිත කාලය පුරාවට වැය කරන මුදල ආසන්න වශයෙන් ඩොලර් 300,000 ක් පමණ වන බවයි. සමේ සුන්දරත්වය පවත්වාගැනීමට ඇමෙරිකාවේ කාන්තාවන් පමණක් නොව මුලු ලෝකයේම කාන්තාවන් ඒ කෙරෙහි උනන්දු වන බව නොරහසකි. නමුත්, ඒ සඳහා අධික මිල ගණන් ගෙවමින් සත්කාර කිරීමටම අවශ්‍ය නැහැ. ඔබේ සමට දීප්තිමත් සහා පැහැපත් බවක් ලබා දෙන සරල සත්කාර ක්‍රම කිහිපයක් ඔබේ මුලුතැන්ගෙයි තුලම සොයාගත හැකියි. එවැනි රූපලාවණ්‍ය සත්කාරක ආදේශක මොනවාද කියා අපි බලමු.

කෙසෙල්

කෙසෙල් සහ කෙසෙල් පොතු කුරුලෑ සඳහා හොඳ ප්‍රතිකාරයකි. ඒවා කුරුලෑ ඇතිවීම් අව්ම කරන අතර සම ‍රැළි වැටීම පාලනය කරයි. කෙසෙල් පොත්ත ඇතුලත කලු වන තුරු කුරුලෑ සහිත ස්ථාන වල ඇතිලීම සිදුකර මද වෙලාවක් තිබෙන්නට හැර පසුව උණුසුම් ජලයෙන් මුහුණ සෝදා පිරිසිදු කරගන්න.දින කිහිපයක් පුරාවටම මෙය සිදුකරන්න. මුහුණේ ‍රැළි වැ‍ටුණු ස්වභාවය ඉවත් කරගැනීමේ ප්‍රතිකාරයක් ලෙස කෙසෙල් ගෙඩියක් හොඳින් පොඩි කර සම මත ආලේප කරන්න කෙසෙල් සහ එහි පොතු වලින් සම පෝෂණය කරමින් සමේ තෙතමනය පවත්වාගැනීම සිදුකරයි. ඊට හේතුව වන්නේ කෙසෙල් වල විටමින් වර්ග ‍රැසක් සහා පොටෑසියම්, මැග්නීසියම් වැනි ඛනිජ ‍රැසක්, තන්තු සහා ප්‍රෝටීන් බහුලව අඩංගු වීමයි.

මී පැණි

කුරුලෑ හට ගැනීමට මුලික වන්නේ බැක්ටීරියා ක්‍රියාකාරීත්වයක් හේතුවෙනි. මී පැණි වල අඩංගු ප්‍රති-බැක්ටීරිය සහා ප්‍රති-ක්ෂුද්‍රීය ගුණයන් නිසා කුරුලෑ සමකට වඩත් හොඳ ප්‍රතිකාරයක් ලෙස භාවිතා කලහැකියි. එහි අඩංගු සමනය කිරීමේ ගුණය නිසා එය වඩාත් ඵලදායි කුරුලෑ සත්කාරයකි.දිනපතා මුහුණේ මි පැණි ගල්වා සම්බාහනය කිරීමෙන් සමේ ඇති රතු ස්වභාවය (blemishes) ඉවත් වී සම මෘදු සුමුදු කරමින් සම නීරෝගි කරවයි.

බේකිං සෝඩා

මේවා ස්වභාවික ස්ක්‍රබ් එකක් ලෙස භාවිතා කල හැකිය. මී පැණි හෝ ඔලිව් තෙල් එක්කරගනිමින් සාදා ගත් මිශ්‍රණයක් භාවිතා කරමින් සමේ ඇති මැරුණු සෛල ඉවත් කරගැනීමටත්, සමේ ඇති ස්වභාවයන් සමනය කිරිමටත් සහා එහි ඇති pH අගය සාමාන්‍යකාර්ණය කිරීමටත් උපකාරි වේ. වඩාත් හොඳ ප්‍රහිඵල සඳහා මෙම සත්කාරය සතියකට එක් වරක් බැගින් සිදුකරන්න. බේකිං සෝඩා සහ පොල් තෙල් මිශ්‍රණයකින් පණුකැවිලි සහා දද රෝග සඳහා ද ප්‍රතිකාර සිදුකරගත හැකියි.

පිපිඤ්ඤා

පිපිඤ්ඤා පමණක් හෝ යෝගට් සමඟ මිශ්‍ර කරගැනීමෙන් හෝ භාවිතා කරමින් සමට සත්කාරයක් සිදුකරගත හැකියි. මෙම මාස්ක් එක මඟින් සම සිසිල් කරමින්, සම අලුත්වැඩියා කරමින් තෙතමනය ඇතිකරවයි. එමඟින් සමේ ඉදිමුම් ස්වභාවය හටගැනීම පාලනය කරයි. හිරු කිරණ නිසා හටගත් කැලැල් සුව කරගැනීමට මෙන්ම ඇස් වටා කලු ස්වභාවය සහා ඉදිමුම් ගතිය ඉවත් කරගැනීමට මෙම ප්‍රතිකාරය ඉතා ප්‍රයෝජනවත් වේ.ඔබේ ඇස් වලාට් හොඳ සැහැල්ලු බවක් ලබාගැනීමට පිපිඤ්ඤා පෙති දෙකක් ඇස් මත තබාගන්න.

ලෙමන්

ලෙමන් සෘජුව සම මත ආලේප කරගැනීම එතරම් උචිත නොවන බව චර්මරෝග විශේෂඥයින්ගේ අදහසයි. විශේෂයෙන්ම, සංවේදී සමක් ඇති පුදගල්;අයින් සඳහා එය කිසිසේත්ම සුදුසු වන්නේ නැත. නමුත්, ඒවා වෙනත් ඖෂධීය අමුද්‍රව්‍ය වන මී පැණි, සීනි, යෝගට් හෝ පිපිඤ්ඤා සමඟ මිශ්‍ර කරගනිමින් සත්කාරයක් ලෙස භාවිතා කිරීමෙන් සමට විශ්මිත ප්‍රතිපල හිමි කරගත හැකියි. ලෙමන් යුෂ වලින් කුරුලෑ හටගැනීම අවම කරන අතර ,මුහුණේ තෙල් ස්වභාවය නැති කරවමින් සමේ දීප්තිමත් බව අවෙඩි කරවයි.

කෝමාරිකා

කෝමාරිකා යනු රූපලාවන්‍ය නිෂ්පාදන වලදී බහුලව භාවිතයට ගැනෙන ඖෂධයකි. එහි ඇති සමනය කිරීමේ ගුණයන්ට අමතරව එහි අඩංගු වන තෙතමනය ඇති කිරීමේ හැකියාව, ප්‍රති-ප්‍රදාහක ගුණය, ප්‍රත්-ක්ෂුද්‍රීය ගුණය සහා වයස්ගත වීම පාලනය (anti-aging) කරනා ගුණයන් බහුලව අඩංගුව ඇති නිසා ඔබේ සම වඩාත් නිරෝගි කරවයි. අඳුරු ලප කැලැල් ඉවත් කරමින් සමේ පැහැය ඒකාකාරී කරවීමට කෝමාරිකා ගුණයට හැකිය. කෝමාරිකා මද හෝ ජෙල් භාවිතා කරමින් සමේ පෙනුම වඩාත් ලස්සන කරගැනීමට මෙය දිනපතා සිදුකරන සත්කාරයක් බවට පත් කරගන්න.

අර්තාපල්

දිනකට පොඩිකරගත් අර්තාපල් ආලේපයක් සේ සම මත ගැල්වීමෙන් සම පැහැපත් වී ස්වභාවික දීප්තිමත් බවක් ලැබේ. ඇස් වටා ඇති අඳුරු ස්වභායන් ඉවත් කරගැනීමට අමු අර්තාපල් පෙති ඇස් මත තබා සත්කාර සිදුකල හැකියි. අල පෙති ඇස් මත මිනිත්තු කිහිපයක් පුරා තබාගෙන සිටින්න.

ඔලිව් තෙල්

සමේ තෙතමනය ඇති කිරීමට උපකාරී වන ඔලිව් තෙල් වලින් සමට ස්වභාවික දීප්තියක් ලබාදෙන අතර සම ආරක්ෂා කරමින් එහි ඇති ගෙවී ගිය සෛල අලුත්වැඩියාවට ලක් කරයි. වඩාත් හොඳ ප්‍රතිඵල සඳහා ඔලිව් තෙල් බින්දු කිහිපයක් ඔබේ මුහුණේ සහා බෙල්ලේ ආලේප කරගනිමින් මෘදුව සම්බාහනය කරගන්න. ඉන්පසුව, උණුසුම් ජලයේ පෙඟවූ තුවායක් තත්පර 40 ක් පමණ ඔබේ මුහුණ ආවරණය වන සේ තබාගන්න. ඉන්පසුව, අමතර තෙල් පිසදමා ඉවත්කරගන්න.

දොඩම් පොතු

එහි අඩංගු විටමින් ගුණය මඟින් සම නැවුම් කරමින්, සම පෝෂණය කරවයි. එමෙන්ම කුරුලෑ සමනය කිරීමටත් උපකාරී වේ. දොඩම් පොතු සමඟ රෝස වහුර හෝ යෝගට් මිශ්‍රකරමින් ආලේපයක් සකස් කර මුහුණේ ගල්වා මිනිත්තු 15 ක් පමණ තිබෙන්නට හැර සිසිල් ජලයෙන් මුහුණ සෝදාපිරිසිදු කරගන්න.සතියකට වාර කිහිපයක් බැගින් මෙම සත්කාරය නැවත සිදුකරන්න.

හරිත තේ

‘ග්‍රීන් ටී’ නැතිනම් හරිත තේ වලින් ඔබේ සමට ලැබෙන ප්‍රතිලාභ ‍රැසකි. ඔබේ සම වයස්ගත වීම අවම කරමින්, සම අලුත්වැඩියා කරන අතරේ සමට ස්වභාවික දීප්ටිමත් බවක් ලබාදීම එහි ඇති සුවිශේෂීත්වයයි. ක්‍රීම් හෝ දුඹුරු සීනි සමඟ මිශ්‍ර කරමින් සම සුමුදු කරන මාස්ක් එකක් ලෙස  භාවිතා කලහැකියි.ග්‍රීන් ටී වලින් අයිස් කැට සකසා ගනිමින් දිනපතා සම පිරිසිදු  කරගැනීම සිදුකරන්න. මෙම අයිස් සත්කාරයෙන් සම වඩාත් නැවුම් සහ නිරෝගි කිරීම සිදුකෙරේ.

කිරි

සුන්දරත්වයේ සංකේතය ලෙස සැලකෙන ඊජිප්තුවේ ක්ලියෝපැට්‍රාගේ සුන්දරත්වය ‍රැක ගැනීමේ ලස්සන රහස් අතර එළකිරි සහා මී පැණි මිශ්‍ර ජල ස්නානය කිරීම දැක්වේ. අමු එළකිරි වලින් ඔබේ සම වඩාත් ලස්සන කිරීමට එහි අඩංගු හිතකර මේද ,විටමින්,ප්‍රෝටීන්, සහා කැල්සියම් ගුණයන් ඉතා ප්‍රයෝජනවත් වේ. කිරි ස්වභාවික පිරිසිදුකාරකයක් ලෙසත් තෙතමනකාරකයක් ලෙසත් ක්‍රියාකරයි. කිරි වල පෙඟව් රෙදි කැබැල්ලක් සම මත ආලේප කරගැනීමෙන් අනතුරුව මුහුණ සෝදා පිරිසිදු කරගන්න.

දත් බෙහෙත්

 කුරුලෑ සඳහා හොඳ ප්‍රතිකාරයක් ලෙස දත් බෙහෙත් භාවිතා කල හැකියි. අදාල ස්ථාන වල තිත් ලෙස සම මත ආලේප කරගැනීම හෝ ෆේස් වොෂ් එකක් ලෙසද භාවිතා කල හැකියි. ආලේපනයක් ලෙස භාවිතා කිරීමේදි, දත් බෙහෙත් කුඩා ප්‍රමාණයක් ගෙන කුරුලෑ මත ගල්වා මිනිත්තු කිහිපයක් වියළෙන්නට හැර මුහුණ සෝදා පිරිසිදු කරගන්න. නමුත්, මුහුණේ ගැල්වීමට පෙර එහි අමුද්‍රව්‍ය මොනවාදැයි සැලකිලිමත් වීමද වැදගත්ය. සෝඩියම් ලෝරිල් සල්ෆේට්, ට්‍රික්ලෝසන් සහා සෝඩියම් ෆ්ලෝරයිඩ් අඩංගු දන්තාලේප නිසා සමේ දැවිල්ල සහා කැසිල්ල වැනි තත්ව හටගත හැකියි.