‘ආදරේ කලාට මම දැම්ම විවාහ වෙන්නේ නෑ’ ලංකාවේ කිම් සඳනි කියන කතාව

සඳනි ප්‍රනාන්දු තාරුණ්‍යයේ තවත් නැගි එන රංගන ශිල්පිනියක් කිවොත් හරි. ‘අගින් පියාපත්’ ටෙලිනාට්‍යයේ ‘මාධවී’ හරහා ජනතාව අතරට ආව සඳනි මේ වෙද්දි ජනප්‍රිය චරිතයක්. මේ කතාව ඇය සමඟයි. සඳනි කියන්නේ නැගී එන රංගන ශිල්පිනියක් නිසාම ඇය කලාවට සම්බන්ධ වුන විදිහ අහන්න හිතුනා. “මම පොඩිකාලේ ඉදන් රංගන ශිල්පිනියක් වෙන්න හිතුවේ නෑ. හැබැයි අවුරුදු අට වගේ වෙද්දි මම හිතුවා රංගනයට එකතු වෙන්න. ඒ නිසාම මම ඒ සදහා උනන්දුවෙන් කැපවුනා. රංගන ශිල්පිනියක් නොවුනම් මම අද එකවුන්ටන් කෙනෙක් වෙන්න තිබුනා. හැබැයි ජිවිතේ සමහර පාරවල් අපිම තෝරගන්න ඕනි.”

සඳනි බොහෝ දෙනා අතරට එන්නේ මාධවි චර්තය හරහා ඒ ගැන මොනාද හිතන්⁣නේ. “මාධවිට මුලින්ම කවුරුත් කැමති වුනේ නෑ. මොකද නපුරු නිසා. හැබැයි කාලයක් යද්දි මාධවි කියන චරිතයට ගොඩක් අය කැමති වෙනවා. අදටත් ඒ චරිතයට නැමති අය ඉන්නවා. අනික මම රංගනයට එන චරිත තෝර බේරගෙන කරන නිසා කරන චරියට උපරිම සාධාරණය ඉෂ්ඨ කරන්න බලන් ඉන්නවා.”

ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන ඔබ ආදරේ කරන්නේ ලංකාවේ ජනප්‍රිය ගායකයෙක්ට ඉතින් කොහොමද ඔබට ඔහුගෙන් ලැබෙන සහයෝගය ? “ඔව් මම ආදරේ කරන්නේ පියත් රාජපක්ෂට, එයා ලංකාවේ ජනප්‍රිය ගායකයෙක්. ඉතින් අපි දෙන්නා අපි දෙන්නව තේරුම් අරගෙන ගමනක් යනවා. එයා මට රංගනයට වගේම සංගීතය ඉගෙන ගන්නද උදව් කරනවා. මම මගේ සීමාව තියාගෙන හැමදේම බැලන්ස් කරගෙන යනවා. මගේ ආදර කතාව දැන් ලෝකේට රහසක් නෙවෙයි.”

ආදර කරන නිසා ඉක්මනින් විවාහ වෙනවද? “අපොයි නෑ. විවාහය කියන්නේ මගේ ලිස්ට් එකේ අවසානේ තියෙන දෙයක්. මොකද ඊට කලින් ජිවිතේ හදාගන්න කරන්න ඕනි දේවල් තියෙනවා. ඉතින් ඒ නිසා විවාහයට මුල් තැන දැන්ම නෑ. හැබැයි මම ආදරේ කරනවා.”