‘ආදරේ එපා වෙලා තියෙද්දී තමයි මට එයා මුණගැහුනේ’ දෙවනවටර විවාහ වුන උදයන්ති කියන කතාව

සිහින සමාගම, සංසාරණ්‍ය අසබඩ, කැළෑ හඳ, සමඟ ප්‍රේක්ෂකයන් අතරට ආ ඇය නමින් උදයන්ති කුලතුංග. අද අපි අපේ කාලය ඇය හා කතාවට යොමු කරගන්න හිතුවා. උදයන්ති බොහෝ නිර්මාණ වල දැකිය නොහැකි වුවත් රංගනයෙන් දායක වෙන චරිත සියල්ලට සාධාරණයක් කරන රංගන ශිල්පිනියක්.

ඒ නිසා අපි ඇයගෙන් ඇසුවේ ඇය රංගනයේදි චරිත තෝර ගැනිමක් කරනවාද යන්න, “ගෙවුන කාලය පුරාවට ඇත්තටම මම චරිත තෝරගැනිමක් කළා. හැබැයි පහුගිය කාලය පුරාවට එහෙම තෝරගැනිමක් කරන්න බැරි වුනා. මොකද එහෙම තෝර ගැනිමක් කරපු සියළු දෙනාට සිද්ධ වුනේ රංගනය අතර මඟ නතර කරන්න. ඒ නිසාම මම කලින් චරිත පිළිබඳ තෝරගැනිමක් කළත් දැන් චරිත ගැන⁣ තෝර ගැනිමක් සිදු කරන්නේ නෑ.”

උදයන්තිගේ මුලික රැකියාව ගැන කතා කලොත්, “මගේ මුලික රැකියාව රංගනයම තමා. මොකද මම රංගනයට අමතරව රැකියාවක් කරලා නෑ. අවුරුදු දහයක් පහළොවක් මම ඉන්නෙම මේ කේෂ්ත්‍රයේ ඒ නිසාම මට වෙන රැකියාවක් කරන්න අවස්ථාවක් නෑ.”

‘සහෝදරයා’ ටෙලිනාට්‍යයේ හොදම සහය නිළියට හිමි සම්මානය හිමිවනෙත් උදයන්තිට ඒ වගේම එම ටෙලිනාට්‍ය හරහා ලංකාවේ ගොඩක් ජනප්‍රිය වනවා. උදයන්ති මේ වනවිට විවාහකයි ඉතින් ඇය ඇයගේ විවාහ දිවිය පිලිබඳ කියන්නේ මේ වගේ කතාවක් ”ඇත්තම කියනවා නම් මම විවාහ දිවියක් ගත කරන්න හිටපු කෙනෙක්නෙවෙයි. ඒත් මට මගේ සැමියා ලැබුනම මගේ අදහස වෙනස් උනා. එයා මට ගොඩක් ආදරෙයි. මමත් එහෙමයි ඉතින් දැන් අපේ ආදරේ පලදරනවා”

උදයන්ති නිර්මාණයක් රස විදින්නේ කොහොමද, “ඒක මෙහෙමයි අපි ඇස් විතරක් පිනවන්න හොද නෑ. හොද නිර්මාණ මනසට දැනෙන්න ඕනි. මම එහෙම හොද නිර්මාණ බලන්න ආසයි. ලංකාවේ ගොඩක් අය නිර්මාණ රස විඳින්නේ ඇස් වලින් විතරයි මම යෝජනා කරනවා ඒ අයට මනසිනුත් රසවිදින්න පුරුදු වෙන්න කියලා” ඉතින් ඔයාලා හැමෝම ආදරේ කරන උදයන්තිගේ සුන්දර පින්තූර කිහිපයක් තමයි මේ.