ආදරේ ඉල්ලා තරුණයන් පෝලිමේ පස්සෙන් යන චන්ඩි රැජින ඩිලූෂි දැන් තවත් හැඩ වෙලා

ටෙලිනාට්‍ය කලාවට නිතරම වෙනස් රසයන් එකතු කරන හැමෝගෙම ආදරේ දිනාගෙන තියෙන රූපවාහිනී නාලිකාවක් තමයි දෙරණ කියන්නේ. ඉතින් මේ නාලිකාවේ විකාශනය වන හැමෝම ගොඩක් ආසාවෙන් නරඹන ටෙලිනාට්‍යක් තමයි ධරණී කියන්නේ. මේ නාට්‍යයේ රඟපාන රංගන ශිල්පිනියන්ටත් අපේ ප්‍රේක්ෂකයින් ගොඩක් ආදරෙයි. ඒ රංගන ශිල්පිනියන් අතර ඉන්න හැඩ කාර කටකාර, ඒ වගේම දඟකාර රංගන ශිල්පිනියක් තමයි ඩිලූෂි හංසිකා කියන්නේ. ධරණී නාට්‍යයේ ප්‍රධාන චරිතයේ නංගි ලෙස රඟපාන ඩිලූෂි ඇයගේ සටන් රංගනය නිසාම ලංකාවේ ප්‍රේක්ෂකයින් අතර ගොඩක් කතාබහට ලක්වෙනවා. ඉතින් ඩිලූෂි හංසිකා ඇයගේ පවුලේ විස්තර අප සමග බෙදා හදා ගත්තේ මෙහෙමයි ”මගෙ ගම මොරටුව. මම පාසල් ගියේ ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයට. ඒ වගේම මම කැළණි විශ්වවිද්‍යාලයේ විශේෂවේදී උපාධියක් හදාරනවා.” කියලයි.

ගොඩක් තරුණියන් කැමතියි හැමෝම කතාවෙන ජනප්‍රිය රංගන ශිල්පිනියක් වෙන්න ඉතින් ඩිලූෂිත් රංගන ශිල්පිනියක් වෙන්න හීන මැවුවද කියලා අහපු පැනයට ඩිලූෂි අපිට දුන්නේ මේ වගේ පිළිතුරක් ” මෙහෙමයි ඒ කාලේ පාසල තුල මම ටිකක් ජනප්‍රියයි. තුර්යවාදක කණ්ඩායම්වල වගේම නාට්‍ය කණ්ඩායමේ වැඩවලත් මම නිතරම හිටියා. ඒ වගේම මම පාසලේ ශිෂ්‍ය නායිකාවක් වෙලත් හිටියා. පාසල් කාලයේ බෙස්ට් ඔල්රවුන්ඩර් වුනා. හැබැයි ඒකාලේ යාලුවෝ කිවුවා ඔයානම් අනිවාර්යෙන් නිලියක් වේවි කියලා. හැබැයි මමනම් එහෙම වෙයි කියලා විශ්වාස කලේ නෑ. හැබැයි එයාලා කියපු දේ හරිගියා” කියලයි. ඉතින් මේ වනවිට හැමෝම ආදරේ කරන ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන ඩිලූෂිගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.