‘ආදරෙන් පැරදිලා මම ඇත්තටම මහන වෙන්න ගිහින් තියෙනවා’ ජනප්‍රිය නළු රහල් බුලත්සිංහ කියන කතාව

රංග ශිල්පියෙක් කියන්නේ තමන්ට ලැබෙන ඕනිම චරිතයකට සාධාරණය කරන්න පුළුවන් කෙනෙක්. එහෙම සුවිශේෂ චරිතයක් ගැන කතා කරන්නයි මේ සුදානම. නඩගම්කාරයෝ ටෙලිනාට්‍ය තුළ සාසනික මෙහෙය කරන ලොකු හාමුදුරුවෝ නමින් රහල් බුලත්සිංහ. ටෙලිනාට්‍ය සිනමාව අතරේ අතිතයේ සිට නම රැන්දු රහල් මේ දිනවල රංගනයෙන් දායක වෙන්නේ වෙනම චරිතයකට.

ඒ ගැන ඔහුට දැනෙන හැගිම ඔහු අපි එක්ක බෙදාගත්තේ මේ විදිහට, “ඇත්තටම නාඩගම්කාරයෝ ටෙලිනාට්‍ය ලොකු හාමුදුරුවෝ කියන්නේ වෙනම චරිතයක්. මම චරිතයට එන්න කලින් චිවරය දරන්න කලින් පේ වෙන්නේ හදවතින්ම. නිර්මාංශ වෙලා වත්පිලිවෙත් කරලා තමා කතාවට වුනත් මම අනුගත වෙන්නේ. ඉතින් මේක මම ආසාවෙන් කරන චරිතයක්,”

ලොකු හාමුදුරුවෝ චරිතයට ලැබෙන ප්‍රතිචාර ගැන කතා කලොත් “ලැබෙව ප්‍රතිචාර ගොඩක් හොදයි. මේ පේන තරම් ලේසි කටයුත්තක් නෙවෙයි. මටම අභියෝගයක් වුන චරිතයක් නිසාම වෙන්න ඇති මට ඒ තරම් ඒ චරිතයට අනුගත වෙන්න පුළුවන් වුනේ. රංගන⁣ ලේසි කිවාට ඇත්තටම චිවරයක් ගත දවටන් රංගනය කිරිම ලේස් පහසු නෑ”

රංගනයට මහණ වුන රහල්ට ඇත්ත ජිවිතේ මහණ වෙන්න හිතිලා නැද්ද, “අපෝ හිතිලා තියෙනවා. ප්‍රේමයේ පරාජිත හැගිම ඉස්සරහ මමත් කාලයක් මහණ වෙන්න හිතුවා. හැබැයි සුසිලාගේ ආදරේ එක්ක මගේ ඒ හැගිම වෙනස් වුනා.”

රහල් ආදරේ ගැන හිතන්නේ, “හරිම උත්තරිතර හැගිමක් විදිහට තමා මම දකින්නේ. මොකද ආදරේ කියන කවුරු වුනත් බලාපොරොත්තු වෙන දෙයක්. ගහකොළ සතා සිව්පාවන් පවා ආදරේ කියන දේ බලාපොරොත්තු වෙනවා. ආදරය කරුණාව හදවත ස්පර්ශ කරනවනම් ඕනිම කෙනෙක් තමන්ගේ විදිහට දකින්න කාටවත් බැරි වෙන එකක් නෑ කියලයි මම විස්වාස කරන්නේ.”

රහල් පුංචි කාගේ ඉදන්ම රංගනයට එකතු වෙන්න හිතුවද, “නෑ මම මගේ තාත්තා හමුදා නිළධාරියෙක්. ඒ නිසාම මම හමුදාවට යන්න ආස කලා. හැබැයි තාත්තා කැමති වුනේ මම හමුදාවට එකතු වෙනවට. පස්සේ මම අවුරුදු විසි දෙකක බන්ධනාගාර නිළධාරියෙක් විදිහට රාජකාරි කළා. ඉතින් ඊට පස්සේ මම රංගනයට එකතු වුනා.” ඉතින් ඔයාලා හැමෝම ආදරේ කරන නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ ලොකු හාමුදුරුවන්ගේ පින්තූර කිහිපයක් තමයි මේ.