‘ආදරය කියන්නේ වෙනම දෙයක්’ ශලනි තාරකා විවාහය පිලිබඳ පළමු වරට කියන කතාව

අපේ කළා ලෝකයේ ඉන්න සුන්දරත්වය අතින් ඉහලින්ම ඉන්න රංගන ශිල්පිනියක් තමයි ශලනි තාරකා කියන්නේ. ඇයගේ මේ සුන්දරත්වය නිසාම හැමෝම ඇයට ගොඩක් ආදරෙයි. සිරස කුමරිය තරඟයේ ජයගෙන රංගනයට පිවිසි ඇය මේ වනවිට ලංකාවම දන්නා ජනප්‍රිය චරිතයක්. ඉතින් මේ දවස්වල ඇයගේ ජීවිතය ගෙවෙන ආකාරය පිලිබඳ අපට කිවුවේ මෙහෙමයි ”මටත් වෛරසය වැළඳුන නිසා වෛද්‍යවරු කියපු විදියට විවේකීව සිටියා. දැන් මාසයක් විතර වෙනවා ගෙදරට වෙලා ඉඳලා. ඒ වගේම මට ලැබුන පිටපත් කියෙවුවා. මගේ යූටියුබ් නාළිකාවේ ඉදිරි වැඩ සැලසුම් කළා. ඒ වගේම මේ දවස්වල අසරණ වෙලා ඉන්න පවුල් වෙනුවෙන් පරිත්‍යාග ලබාදීමේ පොඩි වැඩක් පටන් ගත්තා” කියලයි.

කොහොම වුනත් මේ දවස්වල ශලනි රංගනයෙන් සමුගෙන කියලා කතාවක් පැතිර යනවා. ඉතින් ඒ පිලිබඳ ශලනි කියන්නේ මේ වගේ කතාවක් ” මම කවද්ද රංගනයෙන් සමුගන්නවා කිවුවේ. මම එහෙම කතාවක් කොහෙදිවත් කියලා නෑ. මම කිවුවේ මේ දවස් ටික ඉවර ඇහුවා ඇයි රංගනයෙන් අයින්වෙන්නේ කියලා. මේ තත්වය සාමාන්‍ය වෙනකන් විතරයි මම රූගත කිරීම්වල‍ට සහභාගි වෙන්නේ නැත්තේ” කියලයි.

ශලනි කියන්නේ ගොඩක් සුන්දර තරුණියක් ඉතින් ඇය ආදරේ පිලිබඳ සහ විවාහය පිලිබඳ කියන්නේ මේ වගේ කතාවක් ”ඇත්ත කියනවනම් මේ කාලේ මට ආදරේ ගැන හිතන්න වෙලාවක් ඇත්තෙම නෑ. ආදරය කියන්නේ වෙනම දෙයක්. සියයට සියයක් අවංකව කරන්න කරන්න ඕන දෙයක්. ඉතින් ඒ වගේ අවංක වෙන්න පුළුවන් කෙනෙක් ලැබුන දවසට මම විවාහ වෙයි. මම කැමති නැහැ කසාද බැඳලා ඩිවෝස් වෙන්න. මේ මගේ ජීවිතේ නිසා හරිම කෙනා ලැබුණොත් බඳියි. නැත්නම් නොබැඳ ඉඳියි. ” කියලයි ඉතින් ඔයාලා හැමෝම ආදරේ කරන ශලනිගේ අපූරු පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.