ආදරය කරන කෙනා ඔබේ අතින් අල්ලන ඉරියව්වෙන් හෙලි වන රහස් 07ක්

කුඩා අභිනයකින් වුවත් ඔබේ පෙම් සබඳතාව ගැන බොහෝ දේවල් හෙලිවෙනවාලු. පෙම්වතුන් දෑත් පටලාගෙන සිටින අයුරින් ඔවුන්ගේ ආදර සබඳතාව ගැන මෙන්න මේ දේවල් හෙලිවෙනවා කියලයි කියන්නේ. බලන්න, මේවා ඇත්ත ද කියලා!

01. අත්ල පහළට මුහුණලා තබාගැනීම

ඔබ අත් පටලාගෙන සිටින්නේ මේ ආකාරයට නම් ඔබේ ආදරයේ පදනම සෙනෙහස මිස රාගය නොවෙයි. අත්ල පහළ දෙසට හරවාගෙන සිටින පුද්ගලයින් ශක්තිමත් පෞරුෂයකින් හෙබි සැම විට මුල් තැන ගන්නා-මුල් පියවර තබන , හොඳ තීරණ ගැනීමේ හැකියාව ඇති අය බවයි.

02. ඇඟිලි පටලාගෙන සිටීම

මින් ඔබ දෙදෙනා අතර ඇති ආකර්ෂණීය ප්‍රබල බැඳීම සංකේතවත් වේ. නමුත්, ඒ  අත් පටලාගෙන සිටින විට ඔබ දෙදෙනාම හොඳින් ඇඟිලි පටලවාගෙන සිටීමේ ඉරියව්ව නිරික්ෂණය කල හැකි නම් පමණි. ඔබ දෙදෙනාගෙන් එක් අයෙක් අත සැහැල්ලු කරගෙන සිටීම යහපත් ලක්ෂණයක් ලෙස නොසලකයි.

03. එක් ඇඟිල්ලකින් අත් පටලාගෙන සිටීම

මේ ආකාරයෙන් අත් පටලාගෙන සිටින්නේ තම ස්වාධීන බවට ප්‍රමුඛතාව ලබාදෙන අය බවයි පැවසෙන්නේ. එවැනි පෙම්වතුන් එකිනෙකාගේ පෞද්ගලික නිදහසට බාධා නොකිරීම සහ ගරු කිරීම කෙරෙහි සැලකිලිමත් වෙති.

04. බලෙන් වාගේ අතින් ඇද අත් පටලාගෙන සිටීම

මින් ඔබ දෙදෙනා අතරේ යම් බරපතල තත්වයක් නිර්මාණය වී ඇති බව ඉඟි කෙරේ. මෙය සැම විටම එතරම් ධනාත්මක ලක්ෂණයක් නොවන බව පැවසිය හැකියි.  තමන්ගේ පෙම්වතා/පෙම්වතිය තමන් සන්තක වස්තුවක් සේ සිතමින් අනවශ්‍ය ලෙස වියරුවකින් මෙන් තහංචි දමන ඇතැම් අය මෙසේ හැසිරෙන ආකාරය දැකිය හැකියි.

05. බාහුවෙන් බාහුව පටලාගෙන සිටීම

විශේෂ උත්සව අවස්ථාවන් වලට සහභාගි වන විට මෙසේ අත් පටලාගැනීම සිදුකිරීම සාමාන්‍යයයි. නමුත්, එදිනෙදා හමුවීම් වලදී මෙසේ අත් පටලාගැනීමට උනන්දු වන්නේ තම සහකරුගෙන් ආරක්ෂාව  බලාපොරොත්තු වන  සහ සබඳතාවේ සුරක්ෂිතබව කෙරෙහි අවිනිශ්චිත හැඟීම් ඇති අය බවයි සාමාන්‍ය මතය වන්නේ.

06. ඇඟිලිවලින් අල්ලාගෙන සෙමින් අත ඇදීම

මෙසේ අත් පටලාගැනීම බොහෝ දුරට සිදුවන්නේ දෙදෙනා සමාන වේගයකින් ඇවිදීම සිදු නොකරන විට විය හැකියි. අතින් අදින පුද්ගලයා විසින් තමන්ගේ වේගයටම අනෙකාව ඇද බැඳ තබාගැනීමට උත්සාහයක යෙදෙනවා විය හැකියි.තවත් කෝණයකින් බලන විට,ඇතැම් විට එක් අයෙක් දැනටමත් එම ප්‍රේම සම්බන්ධයෙන් හෙම්බත් වී සිටිනවා යැයි සිතිය හැකි ඉඟියක් ලෙසත් මෙය සැලකිය හැකියි.

07. අත් පටලාගෙන නොසිටීම

ඔබේ සහකරු/සහකාරිය අත් පටලාගැනීමෙන් වැළකී සිටීමට උත්සහ කරයි නම් එය බොහෝ දුරට ඔහු/ඇය ඔබ කෙරෙහි එතරම් උනන්දු නැති බව හඟවන ලක්ෂණයක් ද විය හැකියි. ඇතැම්, විට ලැජ්ජාව නිසා නැතිනම් තමන්ගේ පෞද්ගලිකත්වය අගය කරන අය එසේ පොදු තැන් වලදී දෑත් පටලාගෙන යාමට අකමැති බවක් පෙන්වනවා විය හැකියි. මේ ලක්ෂණ පමණක් හේතුවක් කරගෙන හදිසි තීරණ වලට එලඹෙන්න එපා. ඔබේ සබඳතාවයේ නිරීක්ෂණය කල හැකි වෙනත් දේවල් කෙරෙහි ද සාවධානයෙන් කටයුතු කරන්න. බොහෝ විට ඔබට කලබල වන්න තරම් දෙයක් ඔබට හමුනොවේවි. පෙනෙන සියල්ල හැමවිටම ඇත්තක් වෙන්නේ නැහැනේ!