‘ආදරයක් නොලැබුනොත් තනිව ජීවත් වෙන්න මම හිත හදන් ඉන්නේ’ ජනප්‍රිය නිලි සෙනාලි කියන කතාව

මාලනියගෙන් පසු කලාවේ නම රැන්දු ඇය ෂෙනාලි ෆොන්සේකා. මේ දිනවල බොහෝ දෙනා කතාවෙල නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ ‘පාඨලි’ගේ චරිතයට පණ පොවන ඇය කා අතරත් ප්‍රසිද්ධ සුදු චුටි නමින්. ඉතින් අද අපි සුදු චුටි එක්ක කතා කරන්න අපේ කාලය වෙන් කලා. ෂෙනාලි කලාවට එන්නේ ටෙලි නාට්‍ය හරහා. ඒ ගැන මතක් ක⁣ලොත්, “මගේ විශේෂ හැරවුම තමා ‘මනුසත් උයන’ ටෙලිනාට්‍ය. මම ඒකේ රංගනය කරන්නේ මාලනි නැන්දා එක්ක. මගේ නැන්දා වුන ඇය ලෝකයට නිළි රැජිනක්. ඉතින් ඒ එක්ක මම මගේ ගමන ටිකෙන් ටික ආරම්භ කරනවා.

මේ දිනවල සුදු චුටිට ලැබෙන ප්‍රතිචාර කොහොමද? “සරා නිසාම මට පටබැදුන නම තමා සුදු චුටි. ඇත්තටම මම හමුවෙන ගොඩක් අය මට කතා කරන්නේ සුදු චුටි කියලා. හිතුවේ නෑ පාඨලි කියන චරිතය මේ තරම් දුරකට සාර්ථක වෙයි කියලා. ගොඩක් සතුටුයි මට මෙ ලැබෙන ප්‍රතිචාර වලට. මොකද කලාකාරියක් විදිහට එන්න හදන මට ප්‍රෙක්ෂකයා තමා ලොකුම සවිය.”

ජානවලින්ම එන කලාව සෙනාලිට අලුත් දෙයක් නෙවෙයි. හැබැයි කලාව වෘත්තීයද යන ප්‍රශ්නයට ඇය දුන්නේ මෙවැනි පිළිතුරක්, “මම වෘත්තීයෙන් වෛද්‍යවරියක් කරන්නයි තාත්තාට ඕනි වුනේ. හැබැයි මම කැමති වුනේ නෑ. හැබැයි මම ඉගෙන ගත්ත දේ වලින් ලංකාවට සේවයක් කරන්න මම කැමතියි. ඒ නැතුව මම වෘත්තීය රංගන ශිල්පිනියක් වෙලා නෑ. හැබැයි රංගනයත් මගේ වෘත්තීයක් මිස මගේ විනෝදාංශයක් නෙවෙයි. මොකද රඟපානවා කියන එක හිතන තරම් ලේසි නෑ. කියන තරම් පහසුත් නෑ. ඉතින් එහෙම බලනකොට රංගනයත් වෘත්තීයක් තමා. හැබැයි මුල් තැන මගේ අධ්‍යාපනයට දෙනවා මම.”

සෙනාලිගේ වයසත් එක්ක ඔබ දැන් ආදරවන්තියක් ද? “මෙහෙමයි අපේ ජිවිත වලට සමහරු එනවා යනවා. හැබැයි මම කවදාවත් කෙනෙක් පස්සේ ගිහින් ආදරේ ඉල්ලන්නේ නෑ. මොකද ආදරේ කියන්නේ එහෙම දෙයක් නෙවෙයි. මම හැමදේම ලැබෙන විදිහක් ඇති කියලා විස්වාස කරන කෙනෙක්.

ඒ විදිහට මට මගේ ආදරෙත් දවසක ලැබෙයි කියලා මම විස්වාස කරනවා. එහෙම ආදරයක් ලැබුනත් නැතත් මට ජිවිතේ තනියම මූණ දෙන්න පුළුවන්. මොකද ම⁣ගේ හිත හදාගෙනයි මම ඉන්නේ. ඕනිම දේකට ඕනිම ප්‍රශ්නයකට නොවැටි ⁣මුහුණ දෙන්න මට පුළුවන්.”