ආත්මාර්ථකාමී කෙනෙක්ට ආදරය කලොත් ඒ ආදරය වෙදානාවක්

“පොදු” වනවිට ලංකාව හොල්ලපු ටෙලි කතාවක් වෙලා ඉවරයි මේ දිනවල දෙරණ නාළිකාවෙන් විකාශය වන මෙම අලුත්ම නිර්මාණය ලංකාවේ ටිලි නාට්‍ය කලාවේ වෙනසක් කරාවි කියලා හැමෝම විශ්වාස කරනවා මෙතෙක් නිර්මාණය වුණු නිර්මාණවලට අලුත් ජීවයක් දෙන්න ‘පොදු’ නිර්මාණයට හැකියාව ලැබිලා තියෙනවා. රංගනයේ නවක මුහුණු රැසක්ක් තියෙනවා ඒත් හැබැයි ඒ කිසිම නළුවෙක් නිලියක් ඒ චරිත තුළ නම් ආධුනික බවක් නුහුරු බවක් නම් පෙන්වන්නේ නැහැ. ඒ නිසාම අපි හිතුවා මේ “පොදු” තුළින් එන දඟකාර කටකාර හැඩකාර චරිතයක් එක්ක ටිකක් කතා කරන්න ඒ වෙන කවුරුත් නෙවෙයි කටකාර කෞෂි තුළින් අපිට හමුවන මනෝජා ප්‍රනාන්දු ඇය ඇයට ලද චරිතය වගේම කියන්න තියෙන දේ කෙළින් කතා කරන අපූරු රූමත් යුවතියක් මම එහෙම කිව්වේ, ඇය කියන්නේ පෞද්ගලික තොරතුරු කතා නොකර නිර්මාණය ගැන කලාව ගැන අපි කතා කරමු කියලා කෙලින්ම කිව්ව නිසා

  • පෝදු නිසා මනෝජාට මේ වෙද්දී ගොඩක් ප්‍රතිචාර ලැබෙනව කියලා තමයි අපට ආරංචි.
  • ඒකනම් ඇත්ත කොච්චරක්ද කියනවා නම් පළවෙනි කොටසවත් නිදහසේ බලන්න නිදහසක් නැහැ. ඒ තරම් කෝල් ඇවිත්, පස්සේ තමා නිදහසේ නාට්‍ය බැලුවේ. ඒ වගේම සමාජ මාධ්‍ය ජාලා හරහා ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙන්නේ සරලව දැනෙන්න රඟපානවා කියලායි. ඉතින් ඒ නිසා මට තියෙන්නේ ලොකු සතුටක්.

“පොදු” තුළින් ඇය එක රැයකින් ලංකාවේම ජනප්‍රිය වුණත්, මනෝජා කලාවට එන්නේ අද ඊයේ නම් නෙවෙයි මුලින්ම කලාවට එන්නේ මියුසික් වීඩියෝ හරහා. ඒ අතරිනුත් වැඩිපුරම ජනප්‍රිය උනේ අභිෂේකා විමලවීරගේ නිස්සාර සංසාර සින්දුව. ඊට පස්සේ ගීත රූප රචනා ගණනාවකට ආරාධනා ලැබුණත් ඇය තෝරා ගත් කිහිපයකට පමණයි සහභාගී වෙලා තියෙන්නේ. ඊට පස්සේ චිත්‍රපට දෙකකට දායක වෙලා මේ වනවිට ඒවායෙහි රූගත කිරීම් සියල්ල කරලා ඉවර කරලා තියෙන්නේ.

පානාමංකඩ චිත්‍ර පටයෙහි හි මනෝජාගේ චරිතය ගැන ඇය අපට කිව්වේ ගොඩක් පරිස්සමෙන්, ඇය කරන්නේ එහි ගුරුන්නාන්සේගේ එක් දියණියකගේ චරිතයක් ඇයට එකම එක හීනයක් තියෙනවා. ඒ හීනය කොහොම හරි සැබෑ කරගන්න බලාපොරොත්තු දහසක් තියාගෙන ඇය සමාජය හා ගැටෙනවා. එහිදී ඇයට එන ප්‍රශ්න සහ ඒවාට මුහුණ දෙන ආකාරය තමා මනෝජාට රඟපාන්න ලැබිලා තියෙන්නේ.

කෞෂි චරිතයෙන් දකිද්දී මේ නම් මනෝජාම ද කියලත් අපට හිතෙන්න පුළුවන්, මොකද ඒ තරමටම ඇය සැහැල්ලුවෙන් චරිතය තමන්ගේම කරගෙන ඒ චරිතය කරනවා. ඒත් ඒ ගැන නම් මනෝජා කිව්වේ මේ වගේ කතාවක්. මගේ ගොඩක් යාළුවෝත් එහෙම කියනවා. ඒ මම හැසිරෙන විදිය. මම ගොඩක් මිත්‍රශීලී කෙනෙක්. කට්ටියත්වි එක්ක හිළුවක් කරලා, කෑ ගහලා, සින්දුවක් කියාගෙන ගොඩක් විනෝදෙන් ඉන්න කෙනෙක් හැබැයි අපි ජීවිතය තුළ ටිකෙන් ටික ඉස්සරහට එද්දී වයස යද්දී සමහර දේවල් අපෙන් අතහැරෙනවා. ඒ නිසා දැන් කෞෂි සහ මනෝජා කියන්නේ සම්පුර්ණයෙන්ම වෙනස් දෙන්නෙක්.

දැන් මනෝජා එහෙමත් නැත්නම් පොදු ටෙලි නාට්‍යයේ කෞෂි කියන්නේ ගොඩක් අය ආදරය කරන චරිතයක්. ඉතින් අපිත් මනෝජා ආදරය දකින්නේ කොහොමද කියල අහන්න හිතුණා. ආදරය කියන්නේ හැමෝටම අවශ්‍ය දෙයක්. අපි හැමෝටම ආදරය කළ යුතුයි වගේම අනිත් අයත් අපිට ආදරය කරනවා නම් ගොඩක් හොඳයි. ආත්මාර්ථකාමී කෙනෙක් හිටියොත් සමහර වෙලාවට ඒ ආදරය වේදනාවක් වෙන්න පුළුවන්. හැබැයි අපිට පුළුවන් නම් හැමෝටම පරාර්ථකාමී විදියට ආදරය කරන්න, ඒ කිසිම කෙනෙක්ට පුංචිම පුංචි වේදනාවක්වත් ලැබෙන්නේ නැහැ. ඔන්න ඔහොම තමා මනෝජා ආදරය දකින්නේ ඉතින් අපිත් ඔයාලා ආරාධනා කරනවා පොදු කතාව බලන්න කියලා