‘අහිංසකයි වගේ හිටියට ප්‍රවීනා ගොඩක් දඟයි’ ජනප්‍රිය නළු සංගීත් ප්‍රභූ කියන කතාව

සංගීත් ප්‍රභූ නම කියු සැනින් කවුරුත් දන්න චරිතයක්. වර්තමානයේ ඉන්න රංගන ශිල්පින් අතරේ සංගීත්ගේ නම පෙරමුනේ තියෙනවා කිවොත් නිවැරදියි. මේ දිනවල ජනප්‍රිය නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ කවඩියාගේ චරියට පණ දෙන සංගීත් සමඟයි මේ කතා බහ. සංගීත කලාවට එන්නේ ආසාව නිසාද නැත්නම් වෘත්තීයක් ලෙසද, “මම පොඩි කාලේ ඉදන් ආසම නළුවෙක් වෙන්න. මොකද මගේ අම්මාගේ හිනයක් වුනේ කවදා හරි එයාට රංගනයට එන්න. හැබැයි එයාට ඒක බැරි වුන නිසා අම්මා මට නළුවෙක් වෙන්න ගොඩක් උදව් කලා. මට මගේ ගමන යන්න හැම වෙලාවකම හයියක් වුනා.”

ඔබේ පළමු නිර්මාණය හා අද වන විට ඔබ ඉන්න තැන ගැන මොකද හිතන්නේ “ආව දුර පොඩියි යන්න තියෙන දුර ගොඩයි. මොන දේවල් වුනත් මගේ ටෙලිනාට්‍ය ආගමනය සල් සපුනා ටෙලිනාට්‍ය. ඒ හරහාකලාවට ආවත් අද මාව ගොඩක් දෙනා දන්නේ ⁣ස්වර්ණවාහිනියේ නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ කවඩියා නිසා. සංගීත්⁣ කියන නමට වඩා කවඩියා කියන නමින් මම ප්‍රසිද්ධයි.”

ඔබ නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ වැඩිපුරම හමුවන චරිතය සරා නැත්නම් සජිත. ඒ මිත්‍රත්වය ගැන කියන්න තියෙන්නේ මොනාද? “ඇත්තටම ඒක මිත්‍රත්වයක් නෙවෙයි සහෝදරකමක්. සජිත අයියා කියන්නේ මම එයාගේ මල්ලි කියලා. බොහොම නිහතමානි කෙනෙත් වගේම හැමෝටම උදව් කරන ⁣කෙනෙක් සජිත කියන්නේ.”

අනුරාධපුරයේ හැදුන ඔබ කොළඹට ඇවිත් මුලින් ගෙවපු ජිවිතේ ගැන මතක් කලොත්, “සැප විදින්න දුක් ⁣විදින්නම ඕනි කියනවනේ. මමත් ⁣එහෙම ගෙවපු කාලයක් තිබුනා. මගේ වයසේ අනිත් හිනාවෙලා ජිවිතේ විදිනකොට මම මගේ තැන හදාගන්න සෑහෙන ලොකු කට්ටක් කෑවා. ඉතින් ඒ විදපු දුක් ගැන අද දැනෙන්නේ සතුටක්. මොකද ඒ දේවල් නිසයි මට මේ විදිහට නැගිටින්න පුළුවන් වුනේ.”

කවඩියා ගීතිකා ගැන ගොඩක් අය කතා වෙනවා ටෙලිනාට්‍ය ඇතුලේ. සැබෑ ජිවිතයේ සංගීත් ප්‍රවිනා කියන්නේ ආදරේ කරන දෙන්නද, “නෑ අපි හොද යාළුවෝ. මම ප්‍රවිනා දන්නේ ගොඩක් කල් ඉදන්. කතාවල ඉන්න චරිත හැබෑවටම ආදරේ කරනවනම වෙන ආදරකතා නෑනේ. එහෙම දෙයක් නෑ. අනික ප්‍රවිනා ගොඩක් දක්ෂ රංගන ශිල්පිනියක්. හැබැයි ගීතිකා කියන්නේ ගොඩක් දඟ කෙල්ලෙක් හැබැයි කතාව වෙලාවෙනම් එයා කියන දේ අහනවා. හැබැයි මාර ගේමක් දෙන්න ඕන එයා බලාගන්න” කියලයි ඉතින් ඔයාලා හැමෝම වගේ ගොඩක් ආදරේ කරන සංගීත් ගේ සුන්දර පින්තූර කතුවක් තමයි මේ.