‘අසේල වගේ සැමියෙක් ලැබුනේ මගේ වාසනාවට’ ජනප්‍රිය නිලි නිරෝෂා කියන කතාව

නර්තනයෙන් වගේම රංගනයෙනුත් හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න සුන්දර රුවකට උරුමකම් කියන රංගන ශිල්පිනියක් තමයි නිරෝෂා තලගල කියන්නේ. තමන්ට ලැබුන අවස්ථාවේ උපරිම ඵල නෙළා ගනිමින් වේදිකාවේ වගේම පුංචි තිරය සහ සිනමාව ද සිය රංගන හැකියාවෙන් සරසන්නට ඇය සමත්වුනා. ඒ වගේම ඇය විසින් රංගනයෙන් දායක වුන ‘ආලෝකෝ උදපාදී’ ‘නිම් හිම්’ වැනි සිනමාපට ල න්කාවේ ගොඩක් ජනප්‍රිය වුනා. නිරෝෂා රංගනයට පය තබුනේ ‘පබා’ ටෙලිනාට්‍යයේ චාපා විදියට. එතැන් පටන් ඇය මේ වනවිට ලංකාවේ හැමෝම ආදරේ කරන චරිතයක් බවට පත්වෙනවා.

කොහොම වුනත් නිරෝෂා විවාහයත් සමග කලාවෙන් තරමක් ඈත් වුනා ඉතින් ඒ පිලිබඳ ඇය කියන්නේ මේ වගේ කතාවක් ” ඔව් මම තරමක් දුරස් වුනා ඒ මගේ පවුල ගැන හිතලා. නමුත් මම දැන් ඉස්සර වගේම නිර්මාණ වලට දායක වෙනවා. මම රංගන ශිල්පිනියක් වෙනවට වැඩියෙන්ම ආස වුනේ මගේ මහත්තයා. එයා මට උපරිම නිදහස දුන්නා. අපි දෙන්නා අතර හොඳ අවබෝධයක් තියෙනවා, අපේ ආදර කතාව පටන්ගත්තේ පාසල් කාලෙදිමයි, ඊටපස්සේ හැමෝගෙම ආශිර්වාදේ එක්ක අපි විවාහ වුනා. ඇත්තටම අසේල කියන්නේ ගොඩක් හොඳ සැමියෙක් ඒ වගේ සැමියෙක් මට ලැබුනේ මගේ වාසනාවට.’ කියලයි. ඉතින් ඔයාලා හැමෝම ආදරේ කරන නිරෝෂාගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.