අලුත හදන ඔබේ නිවසටත් මේ දේවල් 12නම් එකතු කරන්න එපා

නවීන පන්නයේ සෑම නිවාස අලංකරණ අදහසක්ම ඔබේ නිවසට නොගැලපෙන්න පුලුවන්. ඊට හේතුව තමයි නිවස තුල භාවිතා කර තිබෙන ඇතැම් සැරසිලි සහ වස්තූන් නිසා නිවසේ අභ්‍යන්තර අවකාශයේ සමානුපාතික බවට බලපෑ හැකි වීම. සරලව කිව්වොතින් අප භාවිතා කරන ඇතැම් ගෘහ අලංකරණ ක්‍රම වලින් අපේ නිවසේ ඇතුලත ඉඩකඩ වඩාත් සීමිත බව හෝ කුඩාවට පෙනෙන පෙනුමක් ඇති කරවිය හැකි වීම. මේ එවැනි අලංකරණ ක්‍රම 16 ක් සහ ඒ වෙනුවට ඔබට භාවිතා කල හැකි ආදේශය අදහස් කිහිපයකි.

01. විශාල මුද්‍රණයන් සහිත wallpaper වර්ග

විශාල wallpaper වර්ග භාවිතා කර තිබීම නිසා අනවශ්‍ය අවධානයක් ලැබෙනවා වගේම කාමරය තුල වඩාත් කුඩා පෙනුමක් ඇති කරනු ලබනවා. මේවා වෙනුවට ලා පැහැති වර්ණ වලින් යුක්ත කුඩා මුද්‍රණ සහිත wall paper වර්ග භාවිතා කරන්න. එමඟින් වැඩි ආලෝකයක් පරාවර්තනය වන අතර ඉන් කාමරය තුල විවෘත සහ අවකාශය වැඩි පෙනුමක එති කරයි.

02. විවෘත පොත් රාක්ක

විවෘත පොත් රාක්ක නිතරම අපිළිවෙල වීම සහ ගොඩ ගැසි ඇති පෙනුමක් ඇතිකරයි. ඔබේ කාමරය කුඩා එකක් නම් මෙවැනි රාක්කයක් තබාගැනීමෙන් එහි ඉඩකඩ සීමිත බව වැඩියෙන් ඉස්මතු වී පෙනිය හැකියි. මේ වෙනුවට පොත් ගබඩා කර දොරවල් වැසිය හැකි ආකාරයේ රාක්කයක් වඩාත් සුදුසුයි.

03. L හැඩයේ සෝෆා

කාමරය තුල ඉඩකඩ සිමිත පෙනුමක් ඇති කරවන ගෘහ භාණ්ඩයක් ලෙස L හැඩයේ සෝෆා හැඳින්විය හැකියි. මේවා අතිශය විශාල සහ විවෘත කලාප වල අලංකරණය සඳහා යොදාගත හැකියි. නමුත්, ඒවා කාමර වලට එතරම් ගැලපෙන්නේ නැහැ.

04. සැරසිලි වර්ග ඇස් මට්ටමට වන සේ තැබීම

අලංකරණ වර්ග ඇස් මට්ටමින් තැබීමෙන් නිවසේ සිවිලිම වඩාත් උසින් අඩු සහ ඇතුලත ඉඩකඩ සීමිත පෙනුමක් ඇති කරවයි. රාක්ක, අලංකරණ, බිත්ති සැරසිලි ආදි දේවල් සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි උසකින් සවිකරන්න. එමඟින් නිවසේ සිවිලිම වඩාත් උසින් වැඩි සහ කාමර ඇතුලත ඉඩකඩ විශාල කර පෙන්වයි.

05. මුහුණ බලන කණ්ණාඩි නිසි ස්ථානයක සවිකර නොතිබීම

කණ්ණාඩි වල පරාවර්තන ලක්ෂණ ඔබේ කාමරයේ අලංකාරය වැඩිකරවා ගැනීම සඳහා භාවිතා කල හැකියි. කාමර්යේ ජනේලයක් ඉදිරියේ කණ්ණාඩි සවිකරගැනීම හරහා නිදන කාරයේ හෝ සාලයට ස්වභාවික හිරු ආලෝකය ලැබෙන අතර ඉන් වැඩි ඉඩකඩක් සහිත පෙනුමක් නිවස තුල ඇතිකරනු ලබයි.

06. කාමරයට ඇතුල් වන තැනම ගෘහ භාණ්ඩ වර්ග තබා තිබීම

ඇතුල් වන ස්ථාන අසල පු‍ටු තැබීම නිසා කාමර තුල හිර වුණු ගතියක්, ඉඩකඩ අඩු ස්වභාවයක් කෙනෙකුට හැඟී යා හැකියි. විශේෂයෙන්ම නිදන කාමරයේ, මුලුතැන්ගෙයි හෝ ආලින්දයේ මෙවැනි ආකාරයෙන් ඇතුල් වන දොර‍ටුව අවහිර කරමින් පු‍ටු තැබීම සුදුසු නැහැ. තරමක් විශාල ගෘහ භාණ්ඩ බිත්තියකට එරෙහිව එක ස්ථානයකට කාණ්ඩ කර පිළිවෙලකට තබාගන්න. මෙමඟින් කාමර්යැ ඉඩ ඇහිරුණු ස්වභාවය වෙනස් කරමින් කාමරයේ අවකාශය වැඩිකරවා ගත හැකියි.

07. කකුල් නොපෙනෙන ආකාරයේ පු‍ටු සහ couch වර්ග

මෙවැනි පු‍ටු නිසා කාමරයේ ඉඩ ඇහිරී ඇති ගතියක් හැ‍ඟෙන්නට පුලුවන්. කකුල් හොඳින් පිටතට පෙනෙන ආකාරයේ ගෘහ භාණ්ඩ වලින් කාමරයට හොඳ විරුත අවස්කාශයක් සහිත පෙනුමක් මෙන්ම ඉඩ ඇහිරුණු ස්වභාවයක් පෙන්නුම් නොකරයි.

08. වඩාත් උසින් වැඩි ගෘහ භාණ්ඩ වර්ග

වඩාත් උසින් වැඩි නොවන ගෘහ භාණ්ඩ මඟින් කාමරයේ වැඩි ඉඩකඩක් සහිත බවක් ඇතිකරවයි. නිදන කාමර වල උසින් අඩු ඇඳවල් තැබීම වඩාත් උචිතයි. ආලින්දය සඳහා සැපපහසු පි‍ටුපස හේත්තු වන කොටසක් සහිත වඩාත් උස නොවන ආකාරයේ පු‍ටු එකතුවක් තබන්න. ඉන් ඔබේ නිවස වැඩි ඉඩක් සහිත පෙනුමකින් දිස්වේ.

09. ඝනකම් ‍රැළි තිර සහ curtain වර්ග

සැටින් හෝ වෙල්වට් රෙදි වලින් සැකසු ඝනකම් curtain වර්ග නිසා සිවිලිම තරමක් කොටට පෙනෙන ස්වභාවයක් ලෙස දිස් විය හැකියි. ඒවා නිසා ජනේල තුලින් එන ස්වභාවික ආලෝකය ඇහිරීම ද සිදුවේ. ලිනන් රෙදි වැනි කඩා හැලෙන සහ මෘදු රෙදි වලින් ජනෙල් තිර දමන්න. ඒවා මඟින් නිවස තුලට විචිත්‍රවත් අලංකාරයක් ලැබේ.

10. තද හෝ වෛවර්ණ බ්ලැන්කට්‍ටු වලින් පු‍ටු  ආවරණය කර තිබීම

තද වර්ණ මඟින් ඕනම අවකාශයක් කුඩා කර පෙන්වීම සිදුවේ.  තද බ්ලැන්කට් ආවරණ භාවිතය නිසා කාමරයට හොඳ ආලෝමත් බවක් නොලැබෙන අතර කාමරයේ ප‍ටු පෙනුමක් ඇති විය හැකියි. වෛවර්ණ රෙදි ආවරණ වලින් සිදුවන්නේද මේ දෙයමයි. එබැවින් ලා පැහැති වර්ණ වලින් යුතු රෙදි ආවරණ භාවිතා කරන්න. ඉන් කාමරය තුල වැඩි ඉඩක් සහිත අවකාශීය පෙනුමක් ඇති කරවයි.

11. සෝෆා එක හෝ ඇඳ අසල පාපිස්සක් තබා තිබීම

කුඩා පාපිසි (rug)  භාවිතය නිසා නිවස ඇතුලත ඛණ්ඩනය වූ සහ ප‍ටු අවකාශයක් සහිත ස්වභාවයක පෙනුමක් ඇතිවේ. එසේ වීම වළක්වාගැනීම සඳහා ප්‍රමාණයෙන් විශාල පාපිසි වර්ග හෝ පාපිසි භාවිතා නොකර සිටීම වඩාත් සුදුසුයි. ගෘහ භාණ්ඩ සම්පූර්ණයෙන් හෝ ඒවායේ ඉදිරි කකුල් දෙක පමණක් කාපට් මත තිබෙන සේ වෙනස් කිරීම තවත් සුදුසු ක්‍රමයකි.

12. විශාල සෙල්ලම් බඩු

ටෙඩි බෙයාර් , බෝනික්කන් වැනි විශාල පිරවුම් සහිත සෙල්ලම් බඩු වර්ග නිසා බොහෝ ඉඩ ප්‍රමාණයක් ඇහිරී යා හැකියි. ඒ වගේම ඒවා කෙරෙහි අනවශ්‍ය ආකර්ෂණයක් ඇදී යයි. කුඩා දරුවන් සිටින ඔබේ නිවස වඩාත් විශාල එකක් නොවේ නම් සෙල්ලම් බඩු බාස්කට් එකක හෝ සෙල්ලම් බඩු පෙට්ටියක දමා වෙනම තබන්න.

13. Ceiling fan සවිකර තිබීම

මෙම විදුලි පංකා වෙනුවට white fan එකක් භාවිතා කල හැකියි.

14. විදුලි පහන් කණු (floor lamps)

මෙවැනි පහන් කණු මඟින් මුලු කාමරයම ආලෝකමත් කරගැනීම සිදුකල නොහැකියි. මේවා  මඟින් කාමරයට ලැබෙන්නේ ඉතා සීමිත ආලෝකයක් වන අතර කාමරයේ වැඩි හරියක් ඇත්තේ අඳුරේය. ඉන් කාමරයේ පෙනුම කුඩාකර පෙන්වයි. මේවාට වඩා කාමරයටම එකවර සමාන ආලෝකයක් ලබාදෙන පහන් කණු හෝ විදුලි බල්බ භාවිතා කරන්න.

15. ගෘහ භාණ්ඩ වර්ග බිත්ති දෙසට එරෙහිව තැබීම

බිත්ති වලට එරෙහිව ගෘහ භාණ්ඩ අසුරා තැබීමෙන් කාමරය තුල තිබිය යුතු දීප්තිමත් පෙනුම ඇහිරී යයි. ආලින්දය අලංකාරවත් කරාගැනීමට ගෘහ භාණ්ඩ බිත්ති වලට එරෙහිව නොතබන්න. ඒවා බිත්ති වලින් තරමක් ඈත්ව නිදහස් ලෙස අසුරන්න.

16. Stretch ceiling භාවිතා කර තිබීම

මේවා ඛාදනය වීම අවම අතර පහසුවෙන් සවිකරගත හැකි නිසා අද කාලයේ බොහෝ දෙනා අතර ජනප්‍රිය වී ඇති සිවිලිම් සැකසුම් ක්‍රමයකි. නමුත්, ඒවා නිසා කාමරයේ ඉඩකඩ අඩු ගතියක් ඇති පෙනුමක් ඇති කරයි. මේවා සවිකිරීමේදී අමුද්‍රව්‍යයේ සහ සවිකරන ක්‍රමය අනුව කාමරයක උස අඟල් 11 කින් පමණ අඩු වි  යයි. කුඩා ඉඩක් ඇති නිවසකට එය තරමක් ගැටලුකාරී විය හැකියි