අලුතෙන් හදන නිවසේ නාන කාමරයට මේ දේවල් 10 එකතු කරන්න එපා

නිවසක ප්‍රියමනාප බව ආරක්ෂා කරාගැනීමට නම් එහි පිළිවෙල සහ පිරිසිදුකම මනාව පවත්වාගත යුතුය. නිවසක ඇති අංග අතරින් වැඩි වශයෙන්ම කිලිටි වන ස්ථාන වන්නේ මුලුතැන්ගෙය සහා නාන කාමරය බව පැවසිය හැකියි. අද අපි කතා කරන්නේ ඔබේ නාන කාමරයේ පිරිසිදු කම සහා පිළිවෙල ගැනයි. නාන කාමරයක් නිවැසියන් මෙන්ම නිවසට පැමිණෙන අමුත්තන් පවා පොදුවේ භාවිතා කරන්නකි. එහිදී එය භාවිතා කරන්නන් හට එහි වටපිටාව ගැන ප්‍රසන්න හැඟිමක් ඇති විය යුතුයි නේද? නාන කාමරය තුල ප්‍රියමනාප බවක් ඇති නොවන ආකාරයේ නොගැලෙපෙන සහා අපිරිසිදු දේවල් වලින් පිරී තිබිය හැකියි. එවැනි ලක්ෂණ තුලින් ඔබේ අමුත්තන් හට නිවැසියන්ගේ පිරිසිදුකම සහ පිළිවෙල ගැන යම් සෘණාත්මක හැඟීමක් ඇතිකරවිය හැකියි.

එබැවින් නාන කාමරය වඩාත් ආකර්ෂණීය පෙනුමකින් පවත්වාගැනීම ඉතා වැදගත්ය. පහත දැක්වෙන්නේ ඔබේ නාන කාමරයේ පෙනුම අවලස්සන කරන ආකාරයේ දේවල් කිහිපයකි.ඔබේ නාන කාමරය තුලත් මෙවැනි දේවල් පවතියි නම් ඒවා වෙනස් කිරීමට හෝ ඉවත් කිරීමට කටයුතු කරන්න.

බාල සබන් රඳවන

බොහෝ විට අපි භාවිතා කරන්නේ ප්ලාස්ටික් සබන් රඳවනයි. නමුත්, මේ සඳහා හොඳ ගුණාත්මක අමුද්‍රව්‍යයකින් සැකසූ ඒවා භාවිතා කිරීම වඩාත් සුදුසුය. ඊට හේතුව වන්නේ සබන් ජලය සමඟ නිරතුරුවම මිශ්‍ර වන නිසායි. ප්ලාස්ටික් රඳවන මත ඇති සබන් කැට රඳවනයේ ස්වභාවය නිසා ඉක්මනින් සිරීයාමට ලක් වේ. වීදුරු හෝ ලී වලින් තැනූ ඒවා වඩාත් ආකර්ෂණීය වේ. නමුත්, ලී සබන් රඳවන ඉක්මනින් කිලිටි වන නිසා සහා තෙත් වන නිසා දිරායාමට ලක්වීමෙන් දිගු කලක් භාවිතා කල නොහැකි වේ. වඩාත්ම සුදුසු වන්නේ ලෝහ හෝ සෙරමික් සබන් රඳවනයක් භාවිතා කිරීමයි.

පොලිවිනිල් ක්ලෝරයිඩ් (PVC)වලින් සැකසූ කාපට් දමාතිබීම

වෛවර්ණ වලින් යුත් මේවා එතරම් මිලක් නොවන නිසා සහා විශාල ප්‍රමාණයක් එක වරක මිලදී ගත හැකි නිසා බොහෝ දෙනා භාවිතා කරනු ලබන කාපට් විශේෂයකි. නමුත් PVC කාපට් වලට ජලය හොඳින් උරන්නේ නැත. එමෙන්ම ඒවා දිගු කලක් භාවිතා කල නොහැකිය. ඒවා වෙනුවට යටින් රබර් වලින් සකසා ඇති cotton rug වර්ගය හෝ bamboo mat නම් කාපට් වර්ග භාවිතා කල හැකියි.ඒවා පිටතින් ඇති ජලය උරාගන්නා ලෙස නිමවා ඇත. Cotton rugs හෙවත් කපු නිමාවකින් යුත් කාපට් වර්ග අලංකාර පැස්ටල් වර්ණ වලින් මිලදී ගත හැකියි. ඉන් නාන කාමරයට හොඳ ආකර්ෂණීය පෙනුමක් ද එක් වෙයි.ඒවා ජලය උරාගන්නවා මෙන්ම ජලය ක්‍රමානුකුලව වාෂ්පකර හැරීම ද සිදුකරයි. ජලයට ඔරොත්තු දෙන නිසා දිගු කලක් භාවිතා කල හැකියි.

වැසිකිළි කඩදාසි රඳවනයක් නොමැති වීම

ඒ සඳහා ප්ලාස්ටික්, ලෝහ හෝ ලී වලින් තැනූ රඳවනයක් නාන කාමර තුල සවිකල හැකියි. එමඟින් වැසිකිළි පෝච්චිය උඩ තබා තිබියදි කඩදාසි රෝල බිමට වැටීම,ජලයට තෙත් වීම හෝ අපිරිසිදු වීම වළක්වාගත හැකියි.

අපිරිසිදු නාන කාමර තිරරෙදි

ගෙවී ගිය, සිදුරු වී ගිය, අවපැහැගැන්වී ගිය හෝ පුස් වලින් පිරුණු තිර රෙදි ඇති කරන්නේ අවලස්සනකි. විශේෂයෙන්ම ප්ලාස්ටික් වර්ගයේ තිරරෙදි පහසුවෙන් සේදීම සිදුකල නොහැකි නිසා ඒවා පිරිසිදු කිරීමක් සිදුනොවන තරම්ය. නමුත්, ඒ සඳහා සරල ක්‍රමයක් ඇත. රෙදි සෝදන යන්ත්‍රයට සබන් කුඩු,බේකිං සෝඩා ස්වල්ප්යක් සහා ටී ට්‍රී ඔයිල් ස්වල්පයක් එක් කරමින් මෙම තිර රෙදි හොඳින් සෝදා පිරිසිදු කරගන්න. එවිට එහි ඇති අපිරිසිදු ස්වභාවය හොඳින් ඉවත්කරගත හැකියි. අතින් සේදීමට වඩා මේ ක්‍රමය පහසු ය.

සින්ක් එක හෝ බාත් ටබ් එක වටා ෂැම්පු බෝතල් ආදිය තබා තිබීම

මෙසේ තැබීමෙන් ඒවා නිතර නිතර පෙරළි බිමට වැටිය හැකියි. ඔබ භාවිතා කරන රූපලාවන්‍ය නිෂ්පාදන වඩාත් ඉහළ සනීපාරක්ෂාවකින් යුක්ත වීම ඉතා වැදගත් ය.මේවා තැබීමට විශේෂ රාක්කයක් නාන කාමරයේ බිත්තියේ සවි කරගන්න.

බාත් ටබ් සහා සින්ක් එකේ කොන් අපිරිසිදු වී තිබීම

මේවා බිත්තියටම සම්බන්ධ වී ඇති ලෙස නිර්මාණය කර තිබෙන විට ඒවා පහසුවෙන් පිරිසිදු කරගැනීමට අපහසුය.ඇතැම් අය ජලයෙන් සහා කුණු බැඳීමෙන් ආරක්ෂා කරගැනීම සඳහා ප්ලාස්ටික් වලින් මෙම කොන් ඉදිකරගනු ලබති. ඒවා පහසු මිලකට මිලදී ගත හැකි වීමත් පහසුවෙන් සවිකරගත හැකි වීමත් එම ‍තෝරාගැනීම් වලට හේතු වි ඇත. නමුත්, මේ කොන් ඕනම කෙනෙකුට ඉතා හොඳින් දර්ශණය වේ. ප්ලාස්ටික් වලින් තනා ඇති සින්ක් සහා බාත් ටබ් කොන් කාලයත් සමඟ දුර්වර්ණ විම, පොතු ගැලවී යාම්, කැඩී යාම වැනි හානි වලට ලක් වේ. ඒවායේ හිඩැස් අතරට ජලය කාන්දු වීමෙන් පුස් වැනි දිලීර බැඳීමට පටන් ගන්නා අතර ජලය පල් වීම නිසා ඉන් අප්‍රසන්න දුර්ගන්ධයක් වහනය විය හැකියි. එබැවින් ඒ සඳහා වඩාත්ම සුදුසු ආදේශක වන්නේ කාන්දුවීම් වළකන sealant වර්ගයක් භාවිතා කිරීම හෝ ceramic, marble හෝ granite  වලින් තැනූ trim සවි කිරීමයි.

දිප්තිමත් තද පැහැයන්ගෙන් යුත් ටයිල් අල්ලා තිබිම

 විවිධ වර්ණයන්ගෙන් සහා රටා වලින් භාණ්ඩ මිලදී ගැනීමට ඇතත් මිලදී ගන්නාගේ තේරීම වඩාත් බුද්ධිමත් සහා උචිත එකක් විය යුතුයි. ටයිල් වර්ග මිලදි ගැනීමේදි ද එය ඉතා වැදගත් ය.ගල් හෝ ලී ස්වභාවයක රටා මවන ටයිල් වර්ග නාන කාමරයට හොඳ වෙනස්ම ආකර්ෂණීය බවක් ලබා දේ. වඩාත් තද වර්ණ ඇසට අපහසුවක් ඇති කරවයි. අළු, ලා නිල්, ලා කොළ, දුඹුරු මිශ්‍ර අළු (taupe), දීප්තිමත් සුදු, රෝස (acidic pink) ක්‍රීම් සුදු පැහැය ආදි ලා පැහැයන් වඩාත් සුදුසු ය.

නාන කාමරය තුල රෙදි වැල් බැඳ තිබීම

නාන කාමරය අවලස්සන කරවන තවත් ලක්ෂණයක් වන්නේ එතුලත රෙදි වැල් එල්ලා තිබීමයි. නමුත්, නාන කාමරය තුල ඇති අධික තෙතමනය නිසා රෙදි වියළීම සිදුනොවන තරම්ය. ඒ සඳහා ආදේශකයක් ලෙස වියළා ගැනීමේ පහසුකම ඇති රෙදි සෝදන යන්ත්‍රයක් හෝ ඇඳුම් වියළා ගැනීමට drying rack එකක් භාවිතා කල හැකියි.

පොලොවට දිලිසෙන ටයිල් අල්ලා තිබීම

 මතුපිට පැල්ලම් ‍රැඳීම ඉතා වේගයෙන් මේවා  අපවිත්‍ර වීම සිදුවේ. එමෙන්ම ඒවායේ ඇති සුමට බව නිසා ලිස්සන සුලු බව ද වැඩිය. එය අනාරක්ෂිත බැවින් නිවැසියන් හට අනතුරුදායකය. දිලිසෙන ටයිල් මඟින් නාන කාමරයේ වැඩි ඉඩකඩ ප්‍රමාණයක් සහිත පෙනුමක් ලබාදුන්න ද ඒවා පොලොව මතුපිට ඇල්ලීම සඳහා එතරම් උචිත ‍තෝරාගැනීමක් නොවේ.

ප්ලාස්ටික් පැනල් භාවිතය

බිත්ති සඳහා භාවිතා කර ඇති බොහෝ plastic access panel තද සුදු පැහැයකින් යුක්ත වේ. නමුත් මේවා කාලයත් සමඟ දුර්වර්ණ වී කහ පැහැයකට හැරීම සිදුවේ. එමෙන්ම ජලය නිසා ක්‍රමයෙන් බිත්තියෙන් ගැලවි එල්ලා වැටීමට පටන් ගත හැකියි. ඒවා නැවත තීන්ත ආලේප කර බිත්තියට සවිකල ද එසේ කල බව හොඳින් කැපී පෙනෙයි. මේවා වෙනුවට තීන්ත ආලේප කල හැකි පැනල්, ටයිල් ආකාරයෙන් , ස්ලයිඩිං දොරවල් ලෙස සකසා ඇති ඒවා ‍තෝරාගත හැකියි.