අලුතෙන් හදන නිවසේ ආලේප කරන්න සුදුසුම වර්ණ 10 ක්

නිවසක ආලේප කර ඇති තීන්ත පැහැය හරහා නිවසට ප්‍රසන්න බවක්, සුඛෝපභෝගි ආකර්ෂණීය පෙනුමක් සහා හොඳ නිමාවක් එක් වීම සිදුවේ. වර්ණාවලියක වර්ණ රාශියක් තිබුණත් නිවසකට වඩාත්ම සුදුසු වර්ණයක් ‍බුද්ධිමත්ව තෝරාගැනීමට කටයුතු කිරීම ඉතා වැදගත් වේ. අභ්‍යන්තර ගෘහ සැලසුම් ශිල්පීන් විසින් ඒ වඩාත් සුදුසු යැයි නිර්දේශ කරනු ලබන වර්ණ කිහිපයක් ඇත. එවැනි වර්ණ රාශියක් අතුරින් ‍තෝරාගත් වැඩි වශයෙන්ම භාවිතයට ගැනෙන සහා වඩාත් උචිත අලංකාර වර්ණ 10 ක ලැයිස්තුවක් පහත දැක්වේ. ඔබේ නිවසේ බිත්ති වල තීන්ත ආලේප කරගැනීමට හෝ තීන්ත ආලේප කර තිබෙන බිත්ති අලුත් වැඩියා කිරීමට හෝ සිතා සිටිනවානම්, මේ භ්‍යන්තරික තීන්ත වර්ණ එකතුව ඔබට නිසැකවම හොඳ තීරණයකට එලඹීමට උපකාරයක් වේවි.

1. චෝක් ස්වභාවයෙන් යුත් අළු මිශ්‍ර නිල් පැහැය: Dusty Blue: Chalky Blue

මෙය neutral colors කාණ්ඩයට අයත් වර්ණයකි. එහි අඩංගු සුදු වෛරම් ස්වභාවය වර්ණයේ දීප්තිමත් බව වැඩි කරයි. මුලුතැන්ගෙයි බිත්ති, නානකාමරයේ බිත්ති හෝ නිදන කාමර බිත්ති වල මෙම තීන්ත වර්ණය ආලේප කිරීමෙන් වඩාත් ආකර්ෂණීය බවක් නිවසට එක් වනු ඇත.

2. අඩු කොළ පැහැය : Muted Green

එතරම් තද හෝ බර පැහැයක් නොවන නිසා මෙම වර්ණය ඇසට ඉතා ප්‍රිය වේ. සාම්ප්‍රදායික හෝ නවීන යන ඕනෑම ආකාරයක අභ්‍යන්තරික ගෘහ නිර්මාණ ශෛලියකට ගැලපෙන වර්ණයකි. විශේෂයෙන්ම තද පැහැති ලී භාණ්ඩ සහිත සහිත නිවසක බිත්ති සඳහා වඩාත් උචිත තීන්ත වර්ණයකි. එම වර්ණය මඟින් හොඳ සැහැල්ලු වටපිටාවක් සහා මනස සිසිල් කරවන සුලු ස්වභාවයක් කාමර තුල නිර්මාණය කරයි.

3. ඉතා ලා බවින් යුතු තැඹිලි පැහැය: Pale Orange

තැඹිලි හෝ රතු වර්ණ කාමර වල බිත්ති සඳහා භාවිතා කිරීම නිවසට සතුට කැන්දන දෙයක් බව ෆෙන්ග් ෂුයි වාස්තු විධ්‍යාවේ සඳහන් සංකල්පයකි. මෙම වර්ණය නිවසේ සුන්දර සහා ධනාත්මක වටපිටාවක හැඟිමක් ඇති කිරීමට උපකාරි වේවි.

4. ඇපල් රතු පැහැය: Apple Red

රතු පැහැය බලසම්පන්න සහා ප්‍රබෝධමත් බව සංකේතවත් කෙරෙන වර්ණයකි. මෙම පැහැය මඟින් නිවස ඇතුලත ඉතා ආකර්ෂණීය බවක් උද්දීපනය කරවයි. බිත්ති සැරසිලි එල්ලා ඇති ආදී කැපී පෙනෙන සුලු බිත්ති සඳහා වඩාත් හොඳින් ගැලපෙන වර්ණයකි. මෙම පැහැය කිසිදා කල් ඉකුත් වන විලාසිතාවක් නොවන බැවින් දිගුකලක් භාවිතා කල හැකියි.

5. ලා අළු පැහැය: Light Grey

Classic colors කාණ්ඩයට අයත් වර්ණයක් ලෙස මෙම පැහේය ඉතා සැහැල්ලු බවක් නිවසට එක්කරන වර්ණයක් ලෙස හැඳින්විය හැක. අමුත්තන්ගේ නිදන කාමර වල බිත්ති සඳහා සහා ඇතුල් වන දොර‍ටු සහිත බිත්ති සඳහා වඩාත් ආකර්ෂණීය වර්ණ ‍තෝරාගැනීමක් ලෙස භාවිතා කල හැක. එහි ඇති ලා රිදී පැහැයට හුරු පෙනුම හොඳ අලංකාර බවක් බිත්ති වලට ලබා දේ.

6. තද කොළ පැහැය: Dark Green

කොළ පැහැය යනු ඉතා ප්‍රබල ශක්තියකින් යුතු පැහැයක් බව විශ්වාසයයි. එය බොහෝ දුරට චිකිත්සක ගුණයෙන් යුතු මනස සැහැල්ලු කරවන වර්ණයකි.

7. අළු මිශ්රය තද නිල් පැහැය: Dark Blue

මෙම වර්ණයේ අඩංගු දිලිසෙන බවින් යුතු නිමාව නිසා ආලෝකය පරාවර්තනය වී නිවස තුල අලංකාර එළියක් විහිදුවයි. එමෙන්ම නිදන කාමර සඳහා ද මෙම වර්ණය භාවිතා කල හැකියි. එමඟින් කාමරය තුල හොඳ ශාන්තබවක් , ප්‍රසන්න බවක් සහා සැපපහසු බවක් සහිත වටපිටාවක් නිර්මාණය කෙරේ. විශේෂයෙන්ම කාර්යාල කාමර සඳහා මෙම වර්ණය වඩාත් උචිත වේවි.

8. මෘදු ග්‍රේජ් පැහැය: Soft Greige

අවපැහැ වර්ණ නැතිනම් pale colors වල තීන්ත ආලේප කිරීම වර්තමානයේ ජනප්‍රිය විලාසිතාවක් බවට පත් වී තිබේ. මේ සඳහා ඩෙන්මාර්කයේ බිහි වූ ‘Hugge’ සංකල්පයද බෙහෙවින් ඉවහල් වී ඇත. මෙවැනි වර්ණ වලින් නිවසේ සැපපහසු වාතාවරණයක් ඇති කරවන බව විශ්වාස කෙරේ. මෙම ග්‍රේජ් පැහය මඟින් නිදන කාමර බිත්ති වලට පරිපූර්ණ ලංකාරත්වයක් එක් කර ගත හැකියි.

9. උණුසුම් සුදු පැහැය: Warm White

උතුර දෙසට මුහුණලා ඇති නිවස සඳහා වඩාත් සුදුසු සුදු තීන්ත වර්ගය කුමක්ද? ඒ සඳහා උණුසුම් සුදු පැහැය වඩාත් සුදුසුයි. ඕනෑම කාමරයක බිත්තියකට මෙම අලංකාර ක්‍රීම් සුදු පැහැය කදිමට ගැලපේවි.

10. දුඹුරු මිශ්‍ර. අළු පැහැය : Best Taupe

වඩාත් ජනප්‍රිය වර්ණ භාවිතාවක් වන මෙම වර්ණය මඟින් විශාල ප්‍රියජනක භාවයක් සහා ‍තෝරාගන්නාගේ දැනුම්වත් ස්වභාවයත් හොඳින් පිලිඹිබු කරවයි. සුදු පැහැයත් සමඟ භාවිතා කරමින් බිත්ති සරසාගත හැකියි. මෙය retro colors කාණ්ඩයේ වර්ණ වන කීල තැඹිලි පැහැය, අලිපේර කොළ පැහැය, රෝස පැහැය සහා නීල ලෝහිත යන වර්ණ සමඟ භාවිතා කිරීම සඳහා වඩාත් හොඳින් ගැලපේ.