අලුතෙන් හදන නිවසට මේ දේවල් 12 එක් කරන්න එපා

සිදුකරන ලද සමීක්ෂණ කිහිපයකින් අනාවරණය වී ඇති පරිදි මිනිසුන් මසකට පැය 24 කට වඩා කාලයක් නිවස පිරිසිදු කිරීම වෙනුවෙන් ගත කරන බව සොයාගෙන ඇත. එනම් සතියකට පැය 5 කට අධික වේලාවක් ඔබේ වටිනා දවසෙන් කැප කෙරෙනවා. කාර්යබහුල ජීවන රටාවක් ගෙවන අපට පැයක් කියන්නෙත් බොහෝම වැදගත් දෙයක්. පිරිසිදු කිරීම් සඳහා වැඩි කාලයක් ගත කිරීමට සිදුවීම කෙරෙහි ඔබේ නිවසේ අභ්‍යයන්තරික සැකසුම් සකසා තිබෙන ආකාරයත් බලපාන බව ඔබ දන්නවාද? කාලය ගත වීම අවම කරගැනීම සඳහා ඔබට හැකියි ඔබේ නිවස පහසුවෙන් පිරිසිදු කල හැකි ලෙස නිවසේ අභ්‍යයන්තරික සැකසුම් වෙනස් කිරීමට. ඒ කෙසේද කියා අපි දැන් බලමු.

1. සින්ක් එක සවිකර ඇති මතුපිට ජලයට ඔරොත්තු දෙන සහා කල් පවත්නා ද්‍රව්‍යන්ගෙන් සකසාගන්න.

පිඟන් භාජන සෝදා අවසන් වූ පසු සින්ක් එක මතුපිට ජලය ‍රැඳී තිබීමට ඉඩ ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස සිමෙන්තියට ජලය උරා ගැනීම නිසා ජල පැල්ලම් හා පුස් ඇති වී සින්ක් එක මතුපිට ඉක්මනින් පරණ වී විනාශ වී යයි. ජලය නිතර ‍රැ‍ඳෙන නිසා එය කල් පවත්නා අමුද්‍රව්‍යකින් නිම කරගැනීම වැදගත් වේ. එම නිසා බාල නිෂ්පාදන වලට යොමු නොවී මාර්බල් හෝ ග්‍රැනයිට් භාවිතා කරමින් සින්ක් එක සවි කර ඇති මතුපිට සකසා ගැනීම උචිතයි. එසේත් නැතිනම් ටයිල් ඇල්ලිමද මේ ගැටලුවට විසඳුමක් ලෙස දැක්විය හැකියි. ඒවගේම සින්ක් එක මතුපිට බැම්ම මත ඉරි ,කැටයම් හෝ දාර ඇති නොවන සේ සකසා ගැනීමෙන් පහසුවෙන් ඒ මත ‍රැඳි ඇති ජලය සහා කුණු සින්ක් එකට එක් ‍රැස් කරගැනීමට ඔබට පහසුවක් වේවි.

2. කුස්සියේ බැමි මත මෘදු ටයිල් අල්ලන්න

ආහාර පිසින විට තෙල් භාවිතා වන නිසා ඒවා බිත්ති හා බැමි වලට ඉසීම සිදුවිය හැකියි. තෙල් පැල්ලම් සිමෙන්ති බැමි හා බිත්ති වලින් ඉවත් කිරීම අපහසු වන්නේ ඒවා ඉක්මනින් මතුපිට කාවැදී තද පැල්ලම් බවට හැරීම නිසයි. මුළුතැන්ගෙයි බිත්ති හා බැමි අපිරිසිදු නොවිමට හැකිනම් ඒවා මත මෘදු ටයිල් ඇල්ලීම සිදුකරන්න. විශේෂයෙන්ම කැටයම් හෝ දාර නොමැති ඒවා වඩාත් සුදුසුයි. එමඟින් පිරිසිදුකිරීමේ කාර්යය වඩාත් පහසු වේ. ඔබේ මුළුතැන්ගෙයි දැනටමත් ටයිල් සවි කර ඇත්නම් ලිපට වඩාත් ආසන ස්ථාන වීදුරුවකින් ආවරණය කරගැනීමත් ඔබට සිදුකල හැකියි.

3. ගෘහභාණ්ඩ වලට සරල හැඬලයන් සවිකරගන්න.

විවිධාකාරයේ කැටයම් සහා හැඩ වලින් යුත් සංකීර්ණ හැඬලයන් ආකර්ෂණීය බවින් වැඩි වුණත් ඒවා මත ඉක්මනින් දූවිලි ‍රැ‍ඳෙන ස්වභාවය වැඩියි. ඒවගේම කාලයත් සමඟ ඒවා තුල කුණු දූවිලි තට්ටුා ලෙස සිරවීම සිදුවෙනවා. මේවා පිරිසිදු කිරීම වෙනුවෙන් වැඩි කාලයක් ගත කිරීම වෙනුවට රවුම් මෘදු හැඬල ඒවාට සවිකරගැනීම සිදුකල හැකියි. විශේෂයෙන්ම පැල්ලම් නො‍රැ‍ඳෙන මතුපිටක් සහිත සරල වර්ණවලින් යුත් හැඬල ‍තෝරාගැනීම වඩාත් සුදුසුයි.

4. සින්ක් එකට Garbage disposal උපකරණයක් සවිකරන්න

අපද්‍රව්‍ය සිර නොවෙන සේ දිරාපත් කරවන උපාංගයක් සහිත සින්ක් වර්ග වෙළඳපොලේ ඇත. නමුත්, අලුතින් අලුතින් සින්ක් එකක් මිලදී ගැනීමට අවශ්‍ය නැහැ. බාහිරව සවිකල හැකි මෙවැනි Garbage disposal උපකරණ ගෙන ඔබේ සින්ක් නළයට සවිකරන්න. එමඟින් නළය අපද්‍රව්‍ය වලින් අවහිර වීම වළක්වයි.

5. රටා සහිත පොලෝ මතුපිට වෙනස් කරගන්න.

රටා සහිත ලෑලි හෝ රළු පොලෝ මතුපිටවල් (textured floors) පෙනුමින් ඉතා ලස්සන වුවත් ඒවා නිරතුරුවම සෝදමින් පිරිසිදුකිරීමට සිදුවෙන්නේ ඒවා මත පහසුවෙන් කුණු දූවිලි ‍රැඳීමේ ස්වභාවය නිසයි. ඒ සඳහා දිනපතාම බොහෝ කාලයක් වැය කිරීමට වීම කාලය නාස්තිකිරීමක්. ඒ වෙනුවට ඔබට හැකිනම් සුමුදු පොලෝ මතුපිටවල් සකස් කරගන්න.

6. සිවිලිමට සවිකල හැකි ගෘහභාණ්ඩ මිලදි ගන්න

බොහෝ ගෘහභාණ්ඩ වල යට පිරිසිදු කිරිම සිදුකරන්නේ වසරකට එක්වතාවක් පමණක් වන අවස්ථා ඇත. සිවිලිමට සවිකල හැකි කබඩ් සහා රාක්ක වල කුණු දුවිලි ‍රැඳීමත් ඉතා අවමයි. ඒ වගේම නවීන පන්නයේ නිවාස වල බොහෝ ගෘහභාණ්ඩ සවිකර තිබෙන්නේ මේ ආකාරයටයි.

7. බිත්ති මතුපිට සේදිය හැකි ලෙස තැනීමට සැලකිලිමත් වන්න.

ඇතැම් නිවාස වල බිත්ති සඳහා විවිධ රූප සහා බිත්ති සැරසිලි කැටයම් කර ඇති ආකාරය දැකිය හැකියි. නමුත්, ඒවා සෝදා පිරිසිදු කරගත හැකි ආකාරයෙන් තැනූ බිත්ති නොවෙයි. ඔබේ නිවසේ විදුලි වහරු නැතිනම් ස්විච් අසල බිත්ති නිරත්තරයෙන් ඇල්ලීම නිසා කිලිටි වී ඇති ආකාරය ඔබට දැකගත හැකිවේවි. එම නිසා නිවසක බිත්ති සැකසීමේදී ඒවා සෝදා පිරිසිදු කරගත හැකි ආකාරයෙන් හා තීන්ත භාවිතයෙන් සකස් කිරීම පිරිසිදු කිරීම් සම්බන්ධයෙන් වඩාත් වැදගත් වේ.

8. Induction cooker භාවිතා කරන්න

වෙනත් ලිප් මෙන් නොව Induction cooker පහසුවෙන් පිරිසිදු කල හැකි මතුපිටක් සහිතයි. ඒවගේම ඒවා අධික ලෙස රත් වීම සිදුනොවන නිසා ඒ මත වැ‍ටුණු ආහාර පිලිස්සිම හෝ පැල්ලම් ඇති වීම සිදුනොවෙයි. එක පිසදැමීමකින් ඉක්මනින් පිරිසිදු කරගැනීමට හැකි වීම ගෘහණියන්ගේ මුළුතැන්ගෙයි කටයුතු පහසුකරවනු ඇත.

9. කළු වර්ණය භාවිතා නොකරන්න

කළු ආකර්ෂණීය වර්ණයක් ලෙස බොහෝ අය හැඳින්වුවත් නිවස තුල කළු වර්ණයෙන් යුත් බඩු භාහිරාදිය තැබීම ප්‍රායෝගික නොවේ. ඊට හේතුව වන්නේ ඒවා මත මත ඉක්මනින් කුණු දූවිලි ‍රැඳීමත් පිටතට ඒවා හොඳින් නිරීක්ෂණය වීමත් හේතුවෙනි. එම නිසා ගෘහභාණ්ඩ තෝරාගැනීමේදී අලු හෝ දුඹුරු වර්ණයෙන් යුත් ඒවා මිලදී ගැනීම සිදුකරන්න.

10. වැසිකිළි ටැංකිය බිත්තිය ඇතුලට වන්නට සකස් කරන්න

එය පිරිසිදු කරගැනීමට ඇති නාන කාමර මතුපිට ප්‍රමාණය අවම කරගත හැකි උපක්‍රමයකි.

11. ගලවා ඉවත් කල හැකි කවර සහිත ගෘහභාණ්ඩ ‍තෝරාගන්න

ගෘහභාණ්ඩ මිලදී ගැනීමේදී ලස්සන පිලිබඳව පමණක් නොව ප්‍රායෝගික පැත්ත ගැනත් සිතිය යුතු වෙනවා. එම නිසා පු‍ටු, කුෂන් ආදිය මිලදි ගැනීමේදි කවර ඉවත් කල හැකි ඒවා මිලදී ගන්න. එමඟින් පහසුවෙන් ඒවා ඉවත් කර රෙදි සෝදන යන්ත්ර යට දමා පිරිසිදු කරගත හැකි වේවි.

12. රාක්ක වීදුරු වලින් ආවරණය කරන්න

විවෘත රාක්ක මත බොහෝ දේ අසුරා තිබීමෙන් ඒවා මත දූවිලි තට්ටුි ලෙස සකස් වේ. එනිසා රාක්කයත් භාණ්ඩත් වෙන වෙනම පිරිසිදු කිරීමට බොහෝ කාලයක් වැය කිරීමට සිදුවේ. මේ ගැටලුවට පිලිතුර ලෙස රාක්කවලට වීදුරු ආවරණ සකස් කරගැනීම සිදුකල හැකියි. එමඟින් ඔබේ නිවසේ අලංකාරය වැඩි වන භාණ්ඩා අමුත්තන්ට පෙනෙන ලෙස අසුරා තැබීමට හැකි වෙනවා සේම පිරිසිදු කිරීම් සඳහා වැය වන අමතර කාලය අවම කෙරෙනවා.