අලුතෙන් හදන නිවසට මෙන්න මේ දේවල් 25 එකතු කරන්න

ලස්සන නිවසක් කියන්නේ ජීවිතයේ ධානතම අරමුණු වලින් එකක්. නිවසක් ගොඩනගා ගැනීමෙන් පසු ඊලඟට යෙදෙන විශාලම අභියෝගය වන්නේ නිවස අලංකරණය කිරීමේ කටයුත්තයි. තමන්ගේ නිවස පෙනුමින් මැගසින් කවරයක ඡායාරූපයක් මෙන් නවීන හා ආකර්ෂණීය ලෙස සැලසුම් කරගන්න කවුද අකමැති. ඔබේ ඒ ආශාව සහා උනන්දුව ගැන අප හොඳින් දන්නා නිසාම ඔබ වෙනුවෙන් අපූරු ගෘහ අලංකරණ අදහස් 25 ක් ඉදිරිපත් කිරීමට සිතුවා. විශාල අලුත්වැඩියා කිරීමකට මුල පුරන්නේ නැතිව සරල වෙනස් කිරීම් සහා දේවල් තුලින් ඔබේ නිවසට වඩාත් කැපීපෙනෙන නිමාවක් සහා අවකාශයක් ඇති කරගැනීමට මෙම අදහස් ඔබට ප්‍රයෝජනවත් වනු ඇත.

1. නිවස තුල කණ්ණාඩි සවිකිරීම් හරහා අවකාශය වැඩිකර පෙන්විය හැක

කාමර තුල ඇති කබඩ් වල දොරවල් සඳහා කණ්ණාඩි සවිකිරීම මඟින් අවකාශය දෘෂ්ටීයව විශාලනය කර පෙන්විය හැකියි. කාමරයේ දොරවල් සඳහා ද මෙසේ කණ්ණාඩි සවිකර ගැනීම සිදුකල හැකියි.

2. කුඩා කණ්ණාඩියක් හුරුබුහුටි අලංකරණයක් ලෙස ද භාවිතා කල හැකිය

වෛවර්ණ නූල් හෝ ලණු පටි සහා ගම් භාවිතා කරමින් ප්ලාස්ටික් රාමු සහිත කණ්ණාඩි මේ ආකාරයෙන් අලංකාර කරගත හැකියි. ඒවා බිත්ති සැරසිලි ලෙස භාවිතා කිරීමට ද හැකියි.

3. වීදුරු බෝතල් ආදිය ‍රැඳවිය හැකි ආකාරයේ රාක්කයක් සවිකරගන්න

විශේෂයෙන්ම නාන කාමර තුල ඇති සීමිත ඉඩකඩ කළමණාකරනය කරගැනීමට හැකි අපූරු ක්‍රමයකි. මෙය මුළුතැන්ගෙයටත් වඩාත් ගැලපේවි.

4. ඔරිගාමි අත්කම් වලින් Lamp shade නිර්මාණය කිරීම

පැරණි වී ඇති Lamp shade වෙනුවට කඩදාසි අලංකරණ ක්‍රමයක් වන ඔරිගාමි කලාවෙන් නිර්මාණය කල සැරසිලි භාවිතා කල හැකියි. එමඟින් වඩාත් විලාසිතානුකූල බවක් සහා නවීනත්වයක් ඔබේ නිවසට එක්කෙරෙනු ඇත.

5. වර්ණ පින්තාරු (print) සහිත ජනෙල් රෙදි භාවිතා කිරීමෙන් කාමරයට නැවුම් බවක් එක් කරයි.

තනි රෙද්දෙන් නිමවූ ජනෙල් රෙදි අලුත් කිරීමේදී වර්ණ පින්තාරු සහිත රෙදි කොටස් අලුතින් මසාගන්න. එමඟින් රෙදි අපතේ නොයවා නිවසට අලුත් බවක් ද එක් කර ගතහැකියි.

6. ජනෙල් වල විශාලත්වය වැඩිකර පෙන්වීමට ජනෙල් රෙදි සැකසුම් සිවිලිම සමීපයට වන සේ ඉහළින් සවිකිරීම සිදුකරන්න.

ජනෙල් රෙදි සිවිලිමට සමීපයෙන් ඉහළින් සවිකිරීම හරහා ජනෙල් වඩාත් උසින් සහා විශාල බවින් වැඩිපෙනුමක් ලබාදේ.

7. උසින් යුත් නාන කාමර තිර මඟින් නාන කාමරය ඇතුලත ඇත් ඉඩප්‍රමාණය වැඩි කර පෙන්වයි

මෙහිදි පෙර ආකාරයෙන් මෙන් නාන කාමරයේ තිරය සිවිලිමට ආසාන්නයෙන් ඉහළින් සවිකිරීම සිදුකරගන්න.

8. වෙනස් හැඩයන්ගෙන් යුත් ජනෙල් පොලු භාවිතා කල හැකියි

අසාමාන්‍ය හැඩතල සහා ස්වරූපයන්ගෙන් යුක්ත වූ ජනෙල් පොලු භාවිතා කිරීම මඟින් අභ්‍යන්තර අලංකාරය වැඩිකර ගත හැකියි මෙන්ම ඔබේ ‍තෝරාගැනිම් වල ඇති සුවිශේෂීත්වය කැපි පෙන්වයි.

9. ජනෙල් තිර සඳහා අලංකාර ගැට වර්ග භාවිතා කිරීමෙන් ඒවාට ආකර්ෂණීය භාවයක් එක් වේ

තිර රෙදි සඳහා විවිධාකාර නූල්, ලණු හෝ පටි භාවිතා කරමින් ගැට යෙදීම සිදුකල හැකියි. එමඟින් තිර රෙදි වල ලස්සන වඩාත් ඉස්මතුකර පෙන්වයි.

10. කබඩ් වර්ග සඳහා අලුත් හැඬලයන් සවිකරන්න

හැඬලයන් ගැලවී ගිය කබඩ් සහා ලාච්චු භාවිතයෙන් ඉවත්කර අලුතින් ඒවා මිලදී ගැනීමට අවශ්‍ය නැහැ. ඒ වෙනුවට අලුතින් සරල ආකාරයේ හැඬලයන් සවිකර ගැනීම සිදුකල හැකියි.

11. රූපවාහිණිය සඳහා අලාංකාර රාමුවක් සකස් කල හැකියි

සාලයේ සවිකර ඇති රූපවාහිණිය සඳහා හොඳ පෙනුමක් ලැබෙන ආකාරයේ වෛවර්ණ රාමුවක් සකස් කල හැකියි. ඒ සඳහා මෙම පින්තූරය තුලින් ඔබට යම් අදහසක් ලබාගැනීමට හැකි වේවි.

12. අවලස්සන ලෙස පිටතට ඇදී ඇති හෝ පෙනෙන වයර් සැඟවිය යුතුයි

‘Shower rod’ එකක් භාවිතා කරමින් පහසුවෙන් වයර් සැඟවීම සිදුකරගත හැකියි.

13. නිවස පුරා ඇදෙන කේබල් එක් බිත්ති රටා අලංකරණයක් ලෙසත් භාවිතා කල හැකියි

වයර් සහා කේබල් සැඟවීම ඉතා අපහසු අවස්ථා වලදී මේ ආකාරයෙන් බිත්ති වල රටාවක් ලෙස වයර් ඇදීම සිදුකල හැකියි. අලංකාරයත් ප්‍රයෝජනයත් දෙකම එකවර ලැබෙන ක්‍රමයක්!

14. විලාසිතානුකූල නවීන ඇඳ හිසක්

ප්ලයිබෝඩ් භාවිතා කරමින් අලංකාර හැඩයකින් යුත් සරල ඇඳ හිසක් නිර්මාණය කරගැනීමට ඔබට හැකියි.

15. තිර රෙදි පොලු (curtain rods) භාවිතා කර පහසුවෙන් ඇඳ වියනක් සකසා ගන්න

වියන් සහිත ඇඳක් යනු කුඩාකාලයේ සිටම අපට ඇති සිහිනයක්. ඒ සඳහා ඇති ඉතා සරල ක්‍රමයක් ලෙස මෙසේ තිර රෙදි පොලු සිවිලිමට සවිකරමින් වියනක් ලෙස තිර රෙදි ඇදීම සිදුකල හැකියි.

16. භාණ්ඩ අසුරා තැබීමට ඇති ඉඩකඩ වැඩිකරගැනීම සඳහා ලාච්චු භාවිතා කල හැකියි

කාමරය තුල ඉඩ වැඩි වන ආකාරයෙන් වගේම ඔබේ දේවල් හොඳින් අසුරා තැබීමටත් පහසුවක් වන ලෙස ඇඳ යට ලාච්චු සවිකිරීම සිදුකල හැකියි.

17. ලිනෝලියම් පොලොව මතුපිට මත තීන්ත ආලේප කිරීමෙන් හොඳ පෙනුමක් ඇතිකර ගත හැකියි

ලිනෝලියම් පොලොව මත තීරු ලෙස වර්ණ ගන්වා ගැනීමෙන් අලුත් පෙනුමක් එක්කර ගත හැකියි.

18. සිවිලිම තද වර්ණයකින් වර්ණ ගන්වා තිබීමෙන් සිවිලිම වඩාත් උස් ආකාරයකින් පෙනේ

සිවිලිම තද වර්ණයකින් සහා බිත්ති ලා වර්ණයකින් තීන්ත ආලේප කාර්ගැනීමෙන් නිවසේ ඇතුලත හොඳ පෙනුමක් ලබා ගත හැකියි.

19. කණ්ණාඩිය රාමු කල එකක් වීම නිවසට සුඛෝපභෝගිබවක් සහා වැඩි අලංකරණයක් එක්කරයි

නිවස තුල ඇති කණ්ණාඩි සඳහා (විශේෂයෙන්ම නාන කාමර වල) රාමුවක් සහිත වීම මඟින් හොඳ නිමාවකින් යුතු පෙනුමක් ලබා දේ.

20. නිවසේ ඇති වහරු නැතිනම් ස්විච සඳහා අලංකාර ආවරණ භාවිතා කල හැකියි

නිවසේ ඇති එලෙක්ට්‍රික් ස්විච් වර්ග සඳහා අලංකරණයක් ලෙස මොසැයික් ටයිල් කැට ඇල්ලීම හෝ වෙනත් කුඩා දේවල් භාවිතා කිරීම සිදුකල හැකියි. එමඟින් ආරක්ෂාව ඇතිකිරීම වගේම හොඳ පෙනුමක් එක්වීම ද සිදුවේ.

21. රත්තරන් පැහැයෙන් යුත් තින්ත භාවිතා කිරීමෙන් ගෘහ භාණ්ඩ වලට හොඳ සුඛෝපභෝගී පෙනුමක් එක්කර ගත හැකියි

ගෘහ භාණ්ඩ සඳහා රත්තරන් පැහැයෙන් දිලිසෙන බවක් එක්කිරීම මඟින් දර්ශනීය බවක් එක්වේ.

22. බිත්ති පින්තාරු කිරීම කාමරයට වඩාත් අලංකාරයක් එක් කරයි

කාමර ඇතුලත නැවුම් බව සහා නවීන පෙනුම වැඩිවන ආකාරයෙන් තද වර්ණයකින් යුත් බිත්ති පින්තාරු සැරසිලි භාවිතා කල හැකියි.

23. නිවසේ සිවිලිම වඩාත් උස්ව පෙන්වීමට නම් බිත්ති වල සම්පූර්ණයෙන් තීන්ත ආලේප කරනොගන්න

බිත්ති වල තීන්ත ආලේප කිරීමේදී පින්තූරයේ දැක්වෙන ලෙස අර්ධ ලෙස හෝ උපක්‍රමශීලී ලෙස තීන්ත ආලේප කරගැනීම මඟින් බිත්ති වල උස වැඩි කර පෙන්විය හැකියි.

24. සීමිත ඉඩකඩක් ඇත්නම් බිත්ති වලින් වෙන් නොකර තිර රෙදිවලින් ඇඳ ආවරණය කරන්න

බිත්ති බැඳීමෙන් නිවසේ ඇති සීමිත ඉඩ ප්ර මාණය ඇහිරී යා හැකියි. එබැවින් මේ ආකාරයෙන් තිර රෙදි යොදා ඇඳ ආවරණය කල හැකියි.

25. ස්පොට්ලිඝ්ට් එකක් ලෙස රේඩියේටර්ය භාවිතා කල හැකියි

රේඩියේටරයක් ඇත්නම් එය සැඟවීමට අවශ්ය නැත. එය කාමරය තුල මද ආලෝකයකින් යුත් Spotlight එකක් ලෙස භාවිතා කල හැකිය.